බිත්තර ෆ්‍රයිඩ් රයිස්

May 31, 2019
1,077
Egg Fried Rice Recipe
ගුණදායක මෙන්ම රසවත් ආහාර එකතුවකින් තමයි බිත්තර ෆ්‍රයිඩ් රයිස් හදන්නේ. ඉක්මනින් වගේම ගෙදරට එන අමුත්තන්ට ආස හිතෙන රසයකින් පොඩි වෙනසක් එක්ක පිළිගන්වන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය :

තම්බා ගත් බත් කෝප්ප 4
කජු / වියළි මිදි 
සිහින්ව කපාගත් ලීක්ස් හෝ ලූණු කොල
හීනියට හෝ කොටු කපා ගත් කැරට් 
ලොකු බිත්තර 3
ඔයිස්ට් සෝස් මේස හැඳි 1
සෝයා සෝස් මේස හැඳි 2
තෙල් 

සැරසීමට (අවශ්‍ය නම්) :
පෙති කපා ගත් තක්කාලි
සලාද කොළ

සාදන ක්‍රමය :

01. බිත්තර දෙකක් හොඳින් බීට් කර පසෙකින් තබන්න (කැමති නම් ලුණු පොඩ්ඩක් තේ හැඳි 1/4ක් පමණ එකතු කරන්න). අනෙක් බිත්තරයද වෙනම බීට් කර පසෙකින් තබන්න.

02. පෑන් එක ලිපේ තියලා තෙල් දමා රත් වූ විට කජු සහ වියළි මිදි බැද පසෙකින් තබා ගන්න.

03. තෙව තෙල් ටිකක් පෑන් එකට එක් කර බීට් කරගත් බිත්තර දෙක දමා හොඳින් පිස ගෙන වෙනම පිඟානකට අයින් කරන්න.

04. දැන් තව තෙල් ටිකක් පෑන් එකට එකතු කර එයට කැරට් එකතු කර හැන්දකින් එහෙට මෙහෙට පෙරලමින් විනාඩියක් පමණ පිස ගන්න.

05. එයට බත් ටික එකතු කර, කැට ඇත්නම් එවා හැන්දකින් කඩා එයට වෙනම ගසාගත් බිත්තරය එකතු කර හොඳින් බත කලවම් කරන්න.

06. දැන් එයට ඔයිස්ට් සෝස්, සෝයා සෝස් එක් කර හොඳින් කලවම් කර එයටම බැද ගත් වියලි මිදි, බැද ගත් කජු සහ බැදගත් බිත්තර ටික එකතු කරන්න. හොඳින් කලවම් කර ලිපෙන් ඉවතට ගන්න.

07. කැමති නම් අලංකාරය සඳහා සලාද කොළ සහ තක්කාලි පෙති උඩින් තබන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Sausage Mexican Rice Recipe
   1,384
   459

සොසේජ් මෙක්සිකන් රයිස්

මෙක්සිකන් කෑම කියන්නේ ඉතින් කටට රසට සැරට හදන කෑම වට්ටෝරුනේ. මේ ලේසියෙන් හදාගන්න පුලුවන් බත් එකට අයෙ ඉතින් ව්‍යාංජන හදන්න ඕනේ නෑ
Ayurvedic treatments  for a glowing skin
   1,495
   177

සම පැහැපත් කරන, නිරෝගී කරන ආයුර්වේද ඖෂධ වලින් ඔබේ සුන්දරත්වය රැකගන්න කැමතිද?

ඔබේ සුන්දරත්වයේ පැවැත්ම රඳා පවතින්නේ ඔබ වෙනුවෙන් සිදු කරන සත්කාර වල ස්වභාවය අනුව තමයි
Do not do these 5 mistakes of using perfume
   572
   163

පර්ෆියුම් පාවිච්චි කරනකොට මේ වැරදි 5 කරන්න එපා

අපේ අතින් වෙන මේ වැරදි හදා ගතතොත් ඒ සුවඳ එලෙසින්ම ඔයාට පවත්වගන්න පුළුවන් වෙයි
Did you know that coffee powder is a beauty treatment?
   2,055
   125

කෝපි කුඩු වලින් සුන්දර රුවක් අත් කර දෙන බව ඔබ දැන ගෙන සිටියද?

සමේ ඇති වන රැළි සඳහාද ඇස් වටා ඇති කළු පැහැය අවම කිරීම සඳහා විසඳුමක් ලෙස කෝපි කුඩු භාවිතා කරන්න පුළුවන් කියලා ඔයා දැනන් හිටියාද?
Eat like this to stop gain weight
   1,392
   95

ස්ථුල බවට තිත තියන්න මේ විදියට කෑම කන්න

මහත වැඩි අයට තමන්ගේ බර අඩු කරගන්න කරන්න ඕන දේවල් කීපයක් ගැන කියන්න හිතුවා

Latest Articles

Most Viwed


x