අවශ්‍ය ද්‍රව්‍ය :
රුලං ග්‍රෑම් 250 ක්
ගා ගත් පොල් ගෙඩි 1 ක්
සීනි ග්‍රෑම් 500 ක්
වියළි පළතුරු ග්‍රෑම් 100 ක්
පාන් පිටි ග්‍රෑම් 100 ක්
හාල් පිටි ග්‍රෑම් 100 ක්
කහ කුඩු ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
පොල් තෙල් බැදගැනීමට
වතුර අඬු කෝප්ප 1/4 ක්
සාදන ක්‍රමය :
1. රුලං බැදගෙන පසෙකින් තබාගන්න.
2. සීනිවලට පොල් සහ වතුර අඬු කෝප්ප 1/4 දමා උණුකරගෙන පැණි පොල් සාදා ගන්න.
3. පසුව එයට බැදගත් රුලං, වියළි පළතුරු සහ ලුණු දමා හොඳින් කලවම් කරගන්න.
4. එය ලිපෙන් බාගෙන නිවෙන්නට තබා පසුව අවශ්‍ය ප්‍රමාණයට ගුලි සාදා ගන්න.
5. හාල් පිටි, පාන් පිටි, ලුණු, කහ සහ අවශ්‍ය පමණට වතුර දමා තරමක් උකු බැටරයක් සාදාගන්න.
6. කලින් සාදාගත් ගුලි බැටරයේ ගිල්වා ගැඹුරු තෙලේ බැදගන්න.