දෛවය අංකය අනුව ඔබගේ ගති ගුණ

October 4, 2017
13,844
What reveals about you by your lucky number
දෛව අංකය සොයා ගන්නේ කොහොමද? ඒක හරිම ලේසියි. ඔබගේ උපන් දිනය, මාසය, වර්ෂය එකට එකතු කර තනි ඉලක්කමකට ගන්න.

උදා : 1995 + 5 + 25 = 2022 - 2 + 0 + 2 + 2 = 6

දෛව අංකය 6 වේ.

දෙව අංකය 01

ඔබේ දෛව අංකය 01 නම් ඔබට අයිති ග්‍රහයා වන්නේ රවි ග්‍රහයායි. උපතින්ම නායකත්ව ලක්ෂණ පිළිබිඹු කරයි. ස්වාධීනව සිතන, ස්වාධීනව ක්‍රියා කරන, තමාගේ නිවැරදි මනසින් ක්‍රියා කරන්නෙකි. ඒ වගේම ධනය ඉපයීමටත්, වියදම් කිරීමටත් හොඳින් දනී. මිතුරන්ට සැලකීමට ද දනී. තමන්ගේ තත්වය තරාතිරම ගැන සැලකිලිමත් වන අතර ස්වයං සාර්ථකත්වය තුලින් සෑහීමට පත් වේ. ඔබ බොහෝ විට ඔබ විසින්ම තෝරා ගත් වෘත්තියක් හෝ ව්‍යාපාරයකට කැමති වේ.

දෛව අංකය 02

දෛව අංක 02 හිමි පුද්ගලයන්ට සඳුගේ ග්‍රහ බලය හිමි වේ. ඔබ සාමයට ලැදි කෙනෙකි. උපතින්ම සංවේදී වේ. ඒ වගේම ඔබට උපායශීලී කමකුත් ඇත. සමූහයක් අතරේ වුවත් හොඳින් වැඩ කිරීමට හැකිය. කථිකත්වයෙන්, තර්කානුකූලව කතාකිරීමේ කැකියාවක් ඇත. නීති ගරුකයි. විනෝදයට කැමතියි. ගීත, කාව්‍ය, සංගීතය ආදියට කැමතියි. ගේ දොර වවද ලස්සනට තබා ගන්නෙකි. ඉක්මන් කමත් නොසැලකිලිමත්කමත් දුර්වල කමකි. කේන්තිය පාලනය කර ගත යුතු වේ.

දෛව අංකය 03

දෛව අංකය 03 වූ බැවින් ඔබ බ්‍රහස්පති ග්‍රහයාගේ පාලන බලයට යටත්ව ඉපැදුනු කෙනෙකි. නිර්මාණශීලීත්වය, දක්ෂතාවය ඔබට තිබේ. ඔබ තරමක් හඟීම් බරයි. කලාවට, ලිවීමට ඔබ තරුණ වියේ සිටම කැමතියි. කෙතරම් බාදක පැමිණියත් ඉදිරියට යාමේ ගතිය ඔබ සතුව පවතී. ඒ වගේම මුදල් අතින් හෙමිහිට දියුණුවන ආර්ථිකයක් ඇත. මුදල් පරිහරණයේදී ඔබ පරිස්සම් විය යුත්යි.

දෛව අංකය 04

යුරේනස් ග්‍රහයාගේ ග්‍රහ බලපෑමට හිමි වන්නේ දෛව අංක 04 හිමි පුද්ගලයන්ය. හරි හෝ වැරදි හෝ ප්‍රබල අදහස් ඇත්තෙකි. පොලොවේ පය ගසා ජීවත් වන්න දනී. ක්‍රමානුකූල බවකුත්, පාලනයකුත් ඔබ සතුව ඇත. උත්සාහයෙන් කටයුතු කරන්නෙකි. යථාර්ථවාදීව ලෝකයේ හොඳ පැත්ත දකී. ඔබ කිසිවෙකු සමඟ ගැටුම් ඇති කරගැනීමට කැමති නැත. ඔබ විශේෂයෙන් ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේදී පරිස්සම් විය යුතුයි. දෙමාපියන්ට ආදරෙයි. වගකීම් ඉටු කරයි.

දෛව අංකය 05

බුධ ග්‍රහයාගේ පාලනයට නතු වෙන්නේ දෛව අංක 05 හිමි පුද්ගලයන්ය. ඔබ ජීවිතයේ විවිධත්වය සලකන අයෙකි. එකම තැනක වැඩි කාලයක් තම රැකියාව කිරීමට නොහැකියි. ඔබට නිදහස් පෞරුෂයක් ඇත. සංචාරයටත්, විවිධත්වයටත්, අන් අය හමු වීමටත් කැමතියි. ඉක්මන් කෝපය ඇති වේ. ඒ වගේම පහසුවෙන් සැනසිය හැකිය. ඔබ අන්‍යයන් කෙරේ විශ්වාසය නොතබයි. විනෝදාස්වාදයට, ආදරයට, ලස්සනට කැමතියි. තමන්ගේම වෘත්තීන් මේ අයට ගැලපේ.

දෛව අංකය 06

දෛව අංක 06 හිමි පුද්ගලයින් සිකුරු ග්‍රහයාගේ බලපෑමට ලක් වේ. ඔබ විශ්වාසවන්ත කෙනෙකි. හිතවත්කම ඔබ ළඟ ඇත. ඒ වගේම ආවේගශීලී වේ. ව්‍යපාර කටයුතු වලට දක්ෂයි. අන්‍යයන්ගෙන් වැඩ ගන්න දනී. වියදම් කිරීමට දක්ෂයි. මිතුරන්ගෙන් සහයෝගය ලැබුනද ඇතැම් විට මිතුරන්ට රැවටේ. අන්‍යයන්ට උදව් උපකාර කරයි. සුරතල් සතුන්ට කැමතියි. ඔබේ සහකාරයා / සහකාරිය සමඟ විනෝදයෙන් ජීවත් වීමට කැමති කෙනෙකි.

දෛව අංකය 07

දෛව අංක 07 හිමි පුද්ගලයින් නෙප්චූන් ග්‍රහයාගේ බලපෑමට ලක් වේ. ඔබට කොතරම් බාදක පැමිණියත් ඉදිරියට යෑමේ හැකියාව තිබේ. තමන්ගේ අරමුණ කරා හෙමින් සීරුවේ යන කෙනෙකි. නිර්භීතයි. ඔබගේ වැඩ කටයුතු වලට අන්‍යයන් ඇඟිලිගසනවාට කමති නැත. ආත්ම ශක්තිය දැඩිය. අනුන් වෙනුවෙන් කැප වන තරමට තමාට උදව් පදව් නොලැබේ. ඔබේ ජීවිතයේ ඔබට සිතාගත නොහැකි දේවල් සිදු වේ. අවුරුදු 30න් පසු ආර්ථිකයේ දියුණුවන් ඇති වේ.

දෛව අංකය 08

දෛව අංක 08 හිමි පුද්ගලයන් සෙනසුරු ග්‍රහයාගේ බලපෑමට ලක් වේ. ඔබ අවදානම ගැන නොසලකයි. ජීවිතයේ වගකීම් ඇති කටයුතු වලදී ප්‍රායෝගික නොවේ. මුදල් වලට කැමතියි. ප්‍රධානත්වයට, නායකත්වයට කැමතියි. ව්‍යාපාර හා මූල්‍ය කටයුතු වල හොඳ දක්ෂතාවයන් ඇත. ඔබ අන්‍යයන් අතර කැපී පෙනීමට කැමතියි. ඔබට තිබෙන ප්‍රශ්න කල් දමා ජීවත් වන්නෙකි. ඉතිරි වෙනවාට වඩා වියදම් වන ගතිය වැඩියි. තමන්ගේ සෞඛ්‍යය ගැන අවධානය අඩුය.

දෛව අංකය 09

අඟහරු හෙවත් කුජ ග්‍රහයාගේ පාලන බලයට දෛව අංක 09 හිමි පුද්ගලයන් යටත් වේ. දැඩි ආත්ම ශක්තියක් ඔබ සතුව ඇත. උසස් මානුෂීය හැඟීම් ඇත්තෙකි. තර්කානුකූලව සිතයි. අනුන්ගෙන් වැඩ ගැනීමට දක්ෂයි. සටන් කාමී චරිතයකි. ඔබ ගෘහ ජීවිතයේ නිතර ගැටුම් ඇති කරගනී. කේන්ති යාම ඔබට සාමාන්‍ය ස්වභාවයකි.

සටහන
සමන්ති චතුරාණි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 437 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:45:28 AM
Script:/article/437/what-reveals-about-you-by-your-lucky-number.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:45:28 AM
Script:/article/437/what-reveals-about-you-by-your-lucky-number.html