මානසික අවපීඩනය ලැජ්ජාවට හේතුවක් නොවෙයි

June 23, 2020
9,041
Depression is not something to ashamed of
ජනප්‍රිය බොලිවුඩ් නළුවෙකු වූ සුෂාන්ත් සිං රාජ්පුත් සිය දිවි හානි කර ගැනීමේ පුවත සමග මානසික සෞඛ්‍ය ගැන විවෘතව කතා බහ කළ යුතුය යන ප්‍රවේශය නැවතත් අළුත් වුණා.

අපි හිතන්නේ සල්ලි බාගේ, ලස්සන, ජනප්‍රියත්වය තිබූ තැන මානසික සුවතාවය උපරිම ලෙසින් තිබෙනවා කියලද..? ඇත්තටම නැහැ. අර ගීතයක කියන්නා වගේ පිදුරු සෙවිලි කළ පැල්පතේ ඇති සතුට නැත මහ මන්දිරේ.. යන සංකල්පය ඇත්තක්.

ඔබ දන්නවාද ඩයනා කුමරියගේ පුත් හැරී කුමරු මවගේ මරණයෙන් පසුව මානසික අවපීඩනයට පත් වුණා. අම්මාගේ මරණය නිසා එය සාධාරණ කරමුකෝ.. සෙලීනා ගෝමස් සහ ලේඩි ගාගා වැනි සුප්‍රසිද්ධ බටහිර ගායිකාවෝ තමන් විෂාදයෙන් පෙළුණු බවත් එයින් මිදීම පිණිස ප්‍රබල අරගලයක යෙදුණු බවත් ප්‍රසිද්ධියේ හෙළි කර තිබුණා.

“මට සිද්ධ උනා ඒකෙන් මිදෙන්න. මට අවශ්‍ය හැම දේම මට තිබුණත් මම ඇතුළතින් සම්පූර්ණයෙන්ම කඩාවැටිලයි හිටියේ. මම කිසි දෙයක් නොවුණු විදිහට හැම දේම කරන්න උත්සාහ කළත් ඒක දීර්ඝ කාලයක් තිස්සේ සඟවන්න උත්සාහ කරනකොට තේරුණා මම මටම හානියක් කරගන්නේ කියලා” ඇමරිකානු සංගීත සම්මාන උළෙළේ දී ජනප්‍රිය ගායිකා සෙලීනා ගෝමස් සිය අත්දැකීම් මාධ්‍ය හමුවේ විස්තර කළේ ඒ විදිහටයි.

තමන් විෂාදයෙන් පීඩා විඳි බව ප්‍රසිද්ධියේ හෙළි කළ බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් පැවසුවේ, මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් බවය.

“කතා කරන්න. සන්නිවේදනය කරන්න. ඔබේ හැඟීම් කියන්න. උදව් ලබා ගන්න” ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබා තිබිණි. “මතක තබා ගන්න, ඔබ තනිවෙලා නැහැ. අපිත් ඔබ සමග ඉන්නවා. වැදගත්ම දේ අපට බලාපොරොත්තුවක් තියෙනවා.”

මොකක්ද මේ මානසික අවපීඩනය..

විෂාදය එහෙම නැත්නම් “ඩිප්රෙෂන්” (Depression) යනුවෙන් හැඳින්වෙන්නේ යම් පුද්ගලයෙක් දීර්ඝ කාලයක් මුළුල්ලේ නිශේධනීය ආකල්පවලින් පීඩා විඳීමේ රෝගී තත්වයකි. එය වරින් වර හටගන්නා ශෝකයක් හෝ මානසික වේදනාවකට වඩා බරපතළ මානසික පීඩාවකි. විෂාදය වැළඳීමට එවැනි එක් සිද්ධියක් හෝ හේතු කිහිපයක් වුවත් බලපැවැත්වෙන අවස්ථා තිබෙන බව විශේෂඥ වෛද්‍ය ස්ටීවන් බක්ලි විෂාදයෙන් පෙළෙන අය බොහෝ අවස්ථාවල “ඇන්සයටි” (Anxiety) එහෙම නැත්නම් යමක් කෙරෙහි අධික ඇල්මක් දැක්වීමේ හෝ සාංකාවෙන් පෙළීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

ඇතැම් අවස්ථාවල දී සිතට වේදනාවක් දැනීම සාමාන්‍ය තත්වයක්. විෂාදය කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු රෝගී තත්වයකි.

විශාදය රෝග ලක්ෂණ ;
නිතර දැඩි මහන්සියක් දැනීම
නින්ද යාමේ අපහසුතා ඇති වීම
ඇතැම් විට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිදා ගැනීම
ආහාර ගැනීමේ රටාව අක්‍රමවත් වීම
ආහාර රුචිය අඩුවීම
අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ආහාර ගැනීම
සෞඛ්‍යයට අහිතකර ආහාර පුරුදු ඇතිකර ගැනීම

නොසලකා සිටියොත් මොකද වෙන්නේ..

මානසික වෛද්‍ය විශේෂඥ ස්ටීවන් බක්ලි විෂාදය ගැන පැහැදිලි කිරීමක් කරමින් කියා සිටින්නේ විෂාදයෙන් පෙළෙන්නෙක් සෑම විටම දැඩි වේදනාවකින් දුකකින් පසු වෙනවා, “අපි හැමෝම ජීවිතයේ ඇතැම් අවස්ථාවල දුක් වෙනවා ඒක සාමාන්‍යයයි. නමුත් විෂාදය නිසා යමෙක් මුළු දවසක් පුරා සති කීපයක්, මාසයක් වැනි දීර්ඝ කාලයක් දුකෙන් පසු වෙනවා. ඒ හේතුවෙන් ඔවුන්ගේ එදිදෙනා ජීවිතයට දැඩි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. තනිකම කාන්සිය ඇතිවෙන්නේ ඒ එක්කමයි. ඉන්දියාවේ මානසික සෞඛ්‍ය නීති සහ ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය සෞමිත්‍ර පතාරේ බීබීසී පුවත් සේවයට සඳහන් කරන්නේ විෂාදය සහ සිය දිවි නසා ගැනීම් පිළිබඳව සංවාදයක් ඇති කිරීම වැදගත් වන බවය.

“එක්සත් රාජධානියේ සහ යුරෝපයේ සිදුවන සිය දිවි නසා ගැනීම්වලින් 80%කට බලපාල තියෙන්නේ විෂාදය බව පර්යේෂණ දත්තවලින් අනාවරණය වෙලා තියෙනවා. ඒත් ඉන්දියාව වගේ රටවල සිය දිවි නසා ගැනීම්වලට බලපාන වෙනත් හේතු රැසක් තියෙන්න පුළුවන්,” වෛද්‍ය සෞමිත්‍ර සඳහන් කරනවා.

මේ තත්වයෙන් ආරක්ෂා වෙන්න නම්..

කවුරු හරි විෂාදයෙන් පෙළෙනවා නම් තමන්ගේ හැසිරීමේ යම් වෙනසක් තියෙනවා, දුකක් දැනෙනවා කියලා දැනගත්ත ගමන්ම තමන්ට විශ්වාස කෙනෙක් එක්ක ඒ ගැන කතා කිරීම වැදගත්," මානසික වෛද්‍ය විශේෂඥ ස්ටීවන් බක්ලි සඳහන් කරනවා. ඒ වගේම එදිනෙදා කරන වැඩකටයුතු වලින් විවේකයක් අරගෙන අවශ්‍ය උපදෙස් උපකාර ලබාගන්න. ඔබ විෂාදයේ රෝග ලක්ෂණ හඳුනා ගත්තොත් පැකිළෙන්න එපා. ඉක්මනින්ම ඉන් ගැලවෙන්න අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්න.” “ඕනෑම සුළු ප්‍රශ්නයක් වුවත් ඔබට හිතවත් කෙනකු සමග බෙදා ගැනීමට පැකිළෙන්න එපා. විෂාදයෙන් ගැලවීමේ ප්‍රථම පියවර එය විය හැකියි.”

මේ රෝග තත්වය සුව කරන්න බැරිද...?

වෛද්‍ය විශේෂඥයෝ අවධාරණයෙන් කියා සිටින්නේ විෂාදය යනු සාමාන්‍ය රෝගී තත්වයක්. නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් එම රෝගය කරන්න පුලුවනි. සමහර විට ඔබට විශාදය වැනි මානසික රෝග තත්වයක් තිබෙන බව දැන දැනත් ඒ ගැන කතා නොකර ඉන්න පුලුවනි...

2030 වසර වෙන විට ලෝකයේ සිදු වෙන මරණ ලැයිස්තුවේ මුල් කොටසට එකතු වෙන්නේ මානසික රෝග නිසා ඇති වෙන මරණ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරනවා.නමුත් අපි තවමත් මානසිකව රෝගී බව ප්‍රසිද්ධියේ පිළිගන්න සහ කියන්න ලැජ්ජයි.

The Indian Express පුවත්පතේ සංස්කාරකවරයෙකු වන රාහුල් සබර්වාල් ට්විටර් ඔස්සේ සටහන් කර තිබුනේ “සුෂාන්ත්ගේ මරණය ගැන වැළපෙන බොහෝ දෙනෙකු, සාමාන්‍ය පුද්ගලයෙකු එසේ කළ විට හාස්‍යයට ලක් කිරීම හෝ ඕපාදූප කීම සිදු කරනවා, ඉන්දියාව තුළ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම තියෙන්නේ, ගොඩක් දුරින්”

නමුත් මානසික සුවතාවය කියන්නේ කතා කළ යුතු මාතෘකාවක්. හැඩකාරියන්ට හෝ ඔබ ඇසුරේ සිටින අයෙකු වෙතින් උක්ත ලක්ෂණ දකින්න ලැබුනොත් පමා නොවීම ප්‍රතිතාර වෙත යොමු වෙන්න. එය ලැජ්ජාවට කරුණක් නොවෙයි.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1665 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:09:18 AM
Script:/article/1665/depression-is-not-something-to-ashamed-of.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:09:18 AM
Script:/article/1665/depression-is-not-something-to-ashamed-of.html