ආශ්‍රය කරන කොල්ලා ඇත්තටම ඔබට ආදරෙයිද? - I කොටස

June 18, 2017
20,243
Undeniable Signs He's In Love With You
ආදරයේදී මිනිස්සු නොකරන දෙයක් නැති තරම්. කෙනෙක් ගැන සිතක් පහල වුනහම, ඒ කෙනාව දිනාගන්න මිනිස්සු පුදුම හිතෙන දේවල් කරනවා. මෑතකදී ඇපල් අයිෆෝන් 99ක්ම මිලදීගෙන තමන් කැමති කෙල්ලගේ හිත ගන්න උත්සහ කරපු චීන ජාතිකයා ගැන ඔබ අසා තිබෙන්න පුළුවන්. හැබැයි ඒ කොල්ලට කෙල්ලගේ කැමැත්ත නම් හම්බ වුනේ නම් නෑ. කොල්ලට දුක වුනාට එදා ඇපල් සමාගමට නම් අනිවාර්යයෙන්ම සතුටු දවසක්. අන්න ඒ වගේ, මිනිස්සු තමන් කැමති ආදරය දිනා ගන්න කරන්නේ මහා අරුම පුදුම දේවල්.

ඔබ පිරිමියෙක්ව ආශ්‍රය කරනවා කියලා හිතන්නකෝ. හැබැයි අද කාලේ වෙන දේවල් වල හැටියට, අපි කොහොමද හරියටම දැනගන්නේ ඔබත් එක්ක සම්බන්ධකමක් තියෙන කෙනා ඔබත් එක්ක ඉන්නේ ඇත්තටම ආදරයෙන් කියලා?

හැබැයි ඔහු හැසිරෙන්නේ මෙන්න මේ විදිහට නම්, අනිවාර්යයෙන්ම ඔහු ඔබට අවංකවම ආදරෙයි.

1. තැනක් නොතැනක් නැතිව සිපගන්නවානම්

ඉන්නේ කොහෙද කියලා හරියට හොයන්නේ බලන්නේ නැතිව, ඔබව දක්ක තැන ඔහු ඔබව සිම්බිනවානම්, ඒ කියන්නේ කොල්ලා බොක්කෙන්ම ලව් කියන එක. මොකද සාමාන්‍යයෙන් පිරිමි හරිම කැමතියි තමන් ආදරය කරන කෙනාව හැමෝටම පෙන්නන්න. ඒ වගේම ඔබත්, ඔහුත් අතරේ හරිම ශක්තිමත් බැඳීමක් තියෙනවා කියලා වටේම කට්ටිය දැනගන්නවට. දැක්ක ගමන් කොහේ හිටියත් කොල්ල කිස් කරනවා කියන්නේ ආපහු ඉතින් දෙපාරක් හිතන්න දෙයක් නෑ කියන එකයි.

2. පපු ප්‍රදේශය

ඔහු ඔබේම වගේ තමයි, ඔබත් ඔහුගේ. ඉතින් ජිවිතේ මොන ප්‍රශ්න ගැටළු තිබුනත් කාලය ගත කරන්න පුළුවන් සාමකාමිම දෙන්න ඔය දෙන්නා විතරමයි. හැබැයි ඔහු ඔබට ඇත්තටම ආදරේ නම් විතරයි, ඔබේ පපුවට ඔලුව තියාගෙන හැම දේ ගැනම පොඩි ළමයෙක් වගේ කියවන්නේ. කොල්ලා මෙහෙම කරනවානම්, නරකක් හිතන්න එපා. සතුටු වෙන්න.

3. විශ්වාසය

හොඳින් අදහස් හුවමාරු කර ගන්න එක ඕනෙම සම්බන්ධත්වයකදී හරිම වැදගත් දෙයක්. ඔහු ඔබත් එක අතිශය පෞද්ගලික කාරනා ගැන කතා කරනවානම්, විශේෂයෙන්ම ලිංගික ජිවිතයට අදාල කාරනා, ඔහු කරන්න කැමති දේවල් ගැන ඔබත් එක්ක විවෘතව කතා කරනවා කියන්නේ ඔහුගේ ජිවිතයේ කොටසක් බවට ඔබ පත් කරගෙන ඉවරයි කියන එක. ඔබ කෙරෙහි ඔහු ගොඩනගාගෙන ඇති අසීමිත විශ්වාසය නිසා තමයි, ඒ විදිහට ඔහුගේ ඇතුලාන්තයේම තියෙන දේවල් ඔබත් එක්ක බෙදා හදා ගන්නේ.

4. හැමෝටම පේන්න උදවු කරනවා.

ඔබත් එක්ක ගමනක් යනකොට, ඔබේ HANDBAG එක ඔහු නම් අරගෙන යන්නේ, ඔබේ වෙන යම් දෙයක් කිසිම පැකිලීමක් නැතිව ඔහු ඔසවාගෙන යනවානම්, ඒ කියන්නේ සමාජයේ අනිත් පිරිමි ඔහු ගැන මොනවා හිතුවත් ඔහුට කමක් නෑ. නමුත් ඔබ ගැන, ඔබේ සතුට ආරක්ෂාව ගැන හිතනවා කියන එකයි. ගොඩාක් වෙලාවට කොල්ලෙක් කෙල්ලෙක්ගෙ HANDBAG එකක් අරගෙන යනවා දැක්කොත් ටිකක් අවුල් වගේ නේද? හැබැයි ඔහු ඔබට ඇත්තටම ආදරේ නම්, සමාජයේ අදහස් සිතුවිලි ඔහු පොඩ්ඩක් වත් ගණන් ගන්නේ නෑ.

ඔබ ආදරය කරන පිරිමියා ඇත්තටම ඔබටත් ආදරෙයිද? අපි මේ ගැන තව දවසකත් කතා කරමු. විශේෂයෙන්ම ඔවුන්ගේ ලිංගික ක්‍රියාකාරම් සහ සමාජීය හැසිරීම් ගැන.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 316 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:57:49 AM
Script:/article/316/undeniable-signs-hes-in-love-with-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:57:49 AM
Script:/article/316/undeniable-signs-hes-in-love-with-you.html