ඔබ දන්නවද මේ වැරදි නිසා දරු පිළිසිද ගැනීම් පමාවෙන බව

June 21, 2017
16,966
6 Common Baby Making Mistakes
විවාහ වුන යුවලකගේ ජිවිතයේ තියෙන ඊලග බලාපොරොත්තුව තමයි දරු සුරතල් බලන එක. මේ නිසා විවාහ වුන යුවලක් උත්සහ කරන්නේ ඉක්මනින් දරුවෙක් ලබාගන්න. නමුත් ඉතින් ඉක්මන් වීම සහ වැරදි අවබෝධයන් නිසා බොහෝ අය දරු සුරතල් බලන හීනය පමා කර ගන්නවා.

මේ නිසා අද අපි ඔබට කියන්න හිතුවා දරුවෙක් බලාපොරොත්තු වෙන අය කරන වැරදි කිහිපයක් ගැන. බලන්නකෝ ඔයාලත් මේ වැරදි ටික කරනවා නම් අදම පුළුවන් ඔයාලට මේ වැරදි ටික හදාගෙන ඉක්මනින්ම දරු සුරතල් බලන්න.

1. ප්‍රමාණවත් තරම් ලිංගික සබදතා නොපැවැත්වීම.

සමහර කාන්තාවන් හිතන වැරදි දෙයක් තමයි නිතරම ලිංගික සබදතා පැවැත්වීම නිසා ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුවෙන බව. මේ නිසා මේ අය ලිංගික සබදතා සිමා කරනවා. මේ නිසා කාන්තාවන් බහුතරයකට තමන්ගේ සරු කාලය මඟ හැරෙනවා. මේ නිසා දරුවෙක් බලාපොරොත්තු වෙන ඔබ හැකි සෑම අවස්ථාවකම හොද මනසකින් යුතුව ලිංගික සබදතාවයන් පැවැත්විය යුතුයි.

2. පමණ ඉක්මවා ලිංගික සබදතා පැවැත්වීම.

ඕනෑම දෙයක් පමණ ඉක්මවා කිරීම සුදුසු දෙයක් නෙවෙයි. දරුවෙක් බලාපොරොත්තු වෙන ඔබත් දරුවෙක් බලාපොරොත්තුවෙන් පමණ ඉක්මවා ලිංගික සබදතා පවත්වනවා නම් එය ඉක්මනින් දරු සුරතල් බැලීමට හේතුවක් වෙන්නේ නැහැ. මේ නිසා දවසට කිහිප වතාවක් හෝ දිනපතා ලිංගික සබදතා පැවැත්වීම නිසා ඔබට අනවශ්‍ය පීඩනයක් මිසක් ඉක්මනින් දරු සුරතල් බැලීමට නම් එය හේතුවක් වෙන්නේ නැහැ.

3. කාන්තාවගේ දුර්වලතාවක් යැයි සිතීම

කාන්තාවක් ගැබ් ගන්න ප්‍රමාද උනොත් බොහෝ පිරිමින් සහ පවුලේ අය හිතන්නේ එය කාන්තාවගේ කායික දුර්වල තාවයක් කියා. නමුත් හොදින් දැනගන්න ඕනේ මෙහිදී කාන්තාවගේ වගේම පිරිමියාගේත් දුර්වලතාවයක් තිබිය හැකියි. මේ නිසා අනවශ්‍ය ලෙස කාන්තාවට පීඩනයක් ඇති කිරීම, ඔබේ බලාපොරොත්තු තව තවත් ප්‍රමාද වීමට හේතුවක් විය හැකියි. ඒ නිසා දෙදෙනාම ගොස් වෛද්‍යවරයෙක් හමුවී නිවැරදි ප්‍රතිකාර ලබා ගැනීම තමයි වඩාත් සුදුසු වෙන්නේ.

4. එකම ඉරියවුවකින් ලිංගික සබදතා පැවැත්වීම

අද අපිට විවිධ අවස්ථාවන් වල දකින්න ලැබෙනවා ඉක්මන් දරු පිළිසිද ගැනීමකට හොදම ලිංගික ඉරියවු ලෙස පල කරන විවිධ ලිපි සහ වීඩියෝ. මේ නිසා බොහෝ දෙනෙක් උත්සහ කරනවා මේ දේවල් අනුගමනය කරන්න. නමුත් වඩාත් වැදගත් වෙන්නේ ඔබට දරුවෙක් අවශ්‍ය නම් ඒ පිලිබදව පිරිසිදු මනසකින් යුතුව සාමාන්‍ය පරිදි ලිංගික සබදතා පැවැත්වීමයි.

5. කාන්තාවන්ගේ සරු කාලය නිවැරදිව හදුනා නොගැනීම

කාන්තාවන් සරු කාලයේදී ලිංගික සබදතා පැවැත්වීමෙන් ඔවුන්ට පුළුවන් ඉක්මනින්ම ගැබ් ගන්න. නමුත් සමහර කාන්තාවන් තමන්ගේ සරු කාලය නිවැරදිව හදුනා ගන්නේ නැහැ. මේ නිසා කාන්තාවන් තමන්ගේ සරු කාලය ගැන හොද අවබෝදයක් ලබාගෙන ලිංගික සබදතා පැවැත්වීම තුලින් ඔවුන්ට පුළුවන් ඉක්මනින්ම ගැබ් ගන්න.

6. නිරෝගී කම ගැන වැඩි සැළකිල්ලක් නොදැක්වීම

ගැබ් ගැනීමකට කාන්තාව වගේම පිරිමියාත් හොඳ කායික වගේම මානසික සෞඛ්‍යක් පවතවාගෙන යාම ඉතා වැදගත්. හොද ආහාර, නින්ද, හොද සෞඛ්‍ය පුරුදු ඔබේ සිහිනය ඉක්මනින්ම සැබෑ කරගන්න ඔබට උදවු වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 321 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:12 AM
Script:/article/321/6-common-baby-making-mistakes.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:12 AM
Script:/article/321/6-common-baby-making-mistakes.html