හැම දවසක්ම සාමාන්‍ය දවසක් වගේ වෙන්න, නිවැරදිම සනීපාරක්ෂක තුවාය තෝරා ගන්න

April 10, 2018
8,143
Choose the correct sanitary napkin
ඔයා  අද උදේ office ආව වෙලාවේ ඉඳන් ගොඩක් අමාරුවෙන් වගේ ඉන්නේ, ඇයි සචිනි...මොකක්ද  ප්‍රශ්නේ ?

මම ඉතින් මේ දවස් වලට හැමදාම මෙහෙමනේ මහේෂි... office එකේදී විතරක් නෙවෙයි  මම ගෙදරදීත් මේ දවස් වලට හරිම අපහසුවකින් තමයි ඉන්නේ..

ඔව් මමත් දැකල තියෙනවා ඔය දවස් වලදී ඔයා ගොඩක් කරදරෙන් වගේ ඉන්නවා. ඇයි අනේ ඔයාට මෙච්චර කාලයක් ගිහිල්ලත් තවම හොඳ සනීපාරක්ෂක තුවායක් තෝර ගන්න බැරි වුණාද ..?

කොහොමද ඉතින් ඔය කියන හොඳ සනීපාරක්ෂක තුවායක් තෝර ගන්නේ.. මට නම්
තේරෙන්නේ නෑ. මම පාවිච්චි කරන එක නම් ඇත්තටම හරිම කරදරයක්, කිසිම සුව
පහසුවක්නෑ. එකයි මම මේ දවස් වලට අමාරුවෙන් ඉන්නේ.

ඇයි සචිනි මෙච්චර දවසක් ඇහුවේ නැත්තේ කොහොමද හොඳ සනීපාරක්ෂක තුවායක් තෝර ගන්නේ කියලා? හරි කමක් නෑ දැන්වත් අහගන්නකො 

පළවෙනිම දේ තමයි හොඳ සනීපාරක්ෂක තුවායක හොඳින් තෙතමනය උරා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඒ වගේම තමයි වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීමේ හැකියාවත් තියෙන්න ඕනමයි. තව දෙයක් තමයි කාන්දු වීම වලක්වන ක්‍රමවේදයක් ඇතිව නිෂ්පාදනය කරලා තියෙන්නත් ඕන. එහෙම වුණොත් තමයි අපිට අපහසුවක් නැතිව ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. විශේෂයෙන් පිටත ස්තරය වියළි බවකින් තියෙනවා නම් තමයි මේ දවස් කිහිපයත් අපිට සාමාන්‍ය දවස් වගේ අපහසුවක් නැතිව ගෙවන්න පුළුවන්.

අනෙක තමයි සනීපාරක්ෂක තුවයේ දිග සහ පළල. සනීපාරක්ෂක තුවාය මනා දිගකින් සහ පළලකින්  යුක්ත වීම අනිවාර්යයි. මොකද මුල් දවස් දෙක හෝ තුන අතර කාලයේදී රුධිරය පිට වීම වැඩියිනේ. ඒ නිසා වැඩි ප්‍රදේශයක් ආවරණය වන විදියට වැඩි දිගකින් හා පළලකින් යුක්ත වීම ගොඩක් වැදගත්, ඒ වගේම ඒ නිසා වැඩි රුධිර ප්‍රමාණයක් අවශෝෂණය කර ගන්නත් පුළුවන් වෙනවා. 

ඒ වගේම අපි වැඩි අවදානයක් යොමු කරන්න ඕන තවත් දෙයක් තමයි සනීපාරක්ෂක තුවායේ මතු පිට ස්තරය. මතුපිට මෘදු කපු ස්තරයක් සහිත වීම තුල උපරිම සුවපහසුවක් ලැබෙනවා. ඇතැම් සනිපාරක්ෂක තුවා වල මතු පිට තියෙන රළු ස්වභාවය නිසා සම මතුපිට තුවාල වෙනවා. ඔයාට මේ දවස් වලට මේ තරම්  අපහසුතාවක් දැනෙනවා ඇත්තෙත් සමහර විට අන්න ඒ නිසා වෙන්න පුළුවන්. තවත්  දෙයක් තමයි එහෙම තුවාල ඇති වුනොත් ඒ හරහා විෂබීජ උනත් ශරීරගත වෙන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසා මෘදු සහ සමට හිතකර මතු පිට ස්තරයක් තිබීම හොඳ සනීපාරක්ෂක තුවයක තවත් ප්‍රධානම ලක්ෂණයක්.

සනීපාරක්ෂක තුවයේ ඝනකම ගැනත් අනිවාර්යෙන්ම හිතන්න. අනවශ්‍ය ලෙස තුනී වුනොත් රුධිරය උරා ගැනීමට ඇති හැකියාව අඩු වෙලා රුධිරය කාන්දු  වීම් ඇති වෙනවා.  එහෙම වුනොත් ඔයා පත් වෙන අපහසුතාවය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඝනකමින් වැඩි වුනොත් ඒක තවත් ගැටළුවක්. ඒ නිසා නිසි ඝනකමින් යුතු සනීපාරක්ෂක තුවයක් වීම වැදගත්. තවත් දෙයක් තමයි සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමේදී කල් ඉකුත් වීමේ දිනය ගැන අවධානය යොමු කරන්නත් අමතක කරන්න එපා. 

වර්තමානයේ ගොඩක් කාන්තාවන් දළ වශයෙන් කිව්වොත් 60%ක් විතරම පාවිච්චි කරන්නේ වැරදි ප්‍රමාණයේ සනීපාරක්ෂක තුවා. නමුත් අපි හැම වෙලාවකදීම අපේ ආරක්ෂාව සහ උපරිම සුව පහසුව ගැන හිතන්න ඕන. තවත් දෙයක් තමයි හොඳ සනීපාරක්ෂක තුවායක් සෑම විටම විවිධ ශරීර හැඩයන් හා ප්‍රමාණයන්ට අනුව තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ.

මෙන්න මේ හේතු නිසා තමයි සචිනි හොඳ සනීපාරක්ෂක තුවායක් තෝර ගන්න ඕනේ 
කියන්නේ. එහෙම උනොත් අපිට මේ දවස් වලදිත්  අනෙක්  දවස් වලදී වගේම සතුටින්
සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. තමන්ගේ එදිනෙදා  කටයුතු වලටත් කිසිම බාධාවක් වෙන්නේ නැහැ. වැදගත්ම දේ තමයි කාන්තාවක් විදියට ජීවිතේ ඉස්සරහට යන්න හොඳ ආත්ම විශ්වාසෙකින් යුතුව වැඩ කරන්න ලැබෙන එක. මම මේ කිව්ව හැමදෙයක්ම ඇතුලත් වෙන විදියට නිෂ්පාදනය කරලා තියෙන තත්ත්වයෙන් හා ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදනයක් තමයි ලිලී කියන්නේ. 28cm  ක දිගින් යුතු ලිලී සනීපාරක්ෂක තුවාය මඟින් අනෙක් සනීපාරක්ෂක තුවා වලින් නොලැබෙන ආරක්ෂාවක් හා සුවපහසුවක්  ලැබෙනවා. දවල් කාලේදී වගේම රාත්‍රී කාලයේදීත් ඔයාට කිසිම චකිතයක් නැතුව ඉන්න පුළුවන් හැකියාව එයින් ලැබෙනවා. ඒ නිසා දැන්වත් ලිලී නිෂ්පාදන තෝරා ගන්න අමතක කරන්න එපා.

Powered by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-30 00:00:00' and A.id <> 765 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Friday, October 31, 2025 at 12:12:32 PM
Script:/article/765/choose-the-correct-sanitary-napkin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Friday, October 31, 2025 at 12:12:32 PM
Script:/article/765/choose-the-correct-sanitary-napkin.html