තනිවම කීරක් ඉවත් කර ගන්නේ මෙහෙමයි

October 8, 2020
2,584
How to take off a splinter by your own
කුඩා, තුනී ලී කැබැල්ලක්, කට්ටක් හෝ වෙනත් ද්‍රව්‍යයක් සම සිදුරු කරමින් කා වැදුණාම විශාල වේදනාවක් ඇති වෙන අත්දැකීම අපි කොයි කවුරුත් විඳලා තියනවා. ඉතින් හදිසියේම හෝ ඒ වගේ කීරක් සම ඇතුළටම ගියාට පස්සේ පුලුවන් ඉක්මනින් ඒක ඉවත් කර ගන්න අවශ්‍ය වෙනවා. අවාසනාවට, ඒක ඉතා කුඩා නිසා ඒ වැඩේ කරන්න සෑහෙන්න අමාරුයි. බොහෝ අවස්ථාවන්හීදී තනිවම කීර ඉවත් කරගෙන ප්‍රතිකාර කර ගන්න කීප දෙනෙකුට පුළුවන්. නමුත් ගොඩක් අයට ඒ සඳහා අනිවාර්‍යෙන්ම උදව් අවශ්‍ය වෙනවා. අද හැඩකාරී අපි ඔබට කියන්නම් කීරක් ඉවත් කිරීම සඳහා ප්‍රයෝජනවත් වෙන සරල ක්‍රම කීපයක් ගැන. එහෙනම් ඔයත් මේ ලිපිය කියවලම බලන්නකෝ......

නිවසේදී ආරක්ෂිතව කීරක් ඉවත් කිරීමට නිර්දේශිත ක්‍රම මේ.

Tweezers: 
මේක පහසුම විසඳුමක්. බොහෝ දෙනෙක් කීරී ඉවත් කිරීම සඳහා tweezers යුගලයක් භාවිතා කරනවා. නමුත් එහෙම කරන්න කලින් ආසාදන වැලැක්වීම සඳහා ඔයාගේ සම සබන් හා ඇල්මැරුණු වතුරෙන් පිරිසිදු කරන්න ඕනේ. ඇල්කොහොල් වලින් Tweezer එක ද පිරිසිදු කිරීමට වග බලා ගන්න. ඔයාගේ සිරුරට කීර ඇතුළු වූණු දෙසට අවධානය දෙමින් ඔයාගේ සමෙන් කීර ප්‍රවේශමෙන් එළියට අදින්න. ඔයා ප්‍රවේශම් නොවුණොත් ඒක කැබලි දෙකකට කැඩෙන්න පුළුවන්.

ටේප්: 
මේක කරන්න නම් කීර වටා ඇති සම සම්පූර්ණයෙන්ම වියළිලා තියෙන්නෙ ඕනේ. ඊට පස්සේ කුඩා ටේප් කැබැල්ලක් කපා ගෙන සම මත තබා මෘදු ලෙස තද කරන්න. ඔයාගේ සම තුළට තව දුරටත් තල්ලු නොකිරීමට වග බලා ගන්න. ඉන්පසු ඔයාගේ සමෙන් ටේප් එක පරිස්සමින් ඉවත් කරන්න.

ග්ලූ: 
ඔයාට ග්ලූ ටිකක් එකතු කිරීමෙන් ද කීරි ඉවත් කර ගන්න පුළුවන්. මේක සිදු කිරීම සඳහා ඔබට white craft glue හෝ school glue භාවිතා කරන්න පුලුවන්. ( කිසි විටෙකත් cyanoacrylate/super glue භාවිතා කරන්න එපා.) ග්ලූ අලේප කරලා තත්පර තිහක් පමණ වියළීමට ඉඩ දී මෘදු ලෙස ඉවත් කරන්න.

බේකිං සෝඩා: 
බේකිං සෝඩා මේස හැඳි කිහිපයක් බඳුනකට දමලා, වතුර බිංදු කිහිපයක් ඒකට එකතු කරලා මිශ්‍ර කරමින් පේස්ට් එකක් සදා ගන්න. පේස්ට් එක ඔයාගේ සම මත තබන්න. නමුත් තව දුරටත් සම තුළට ඒක තල්ලු නොකිරීමට වග බලා ගන්න. පේස්ට් එකෙන් ආවරණය කරලා පැය කිහිපයකට පස්ස්සේ ඒක ඉවත් කරන්න. කීරි කැබැල්ල තවමත් තිබෙනවාද? ඒ පියවර නැවතත් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1862 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:45:39 AM
Script:/article/1862/how-to-take-off-a-splinter-by-your-own.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:45:39 AM
Script:/article/1862/how-to-take-off-a-splinter-by-your-own.html