ඔහු ඇත්තටම ඔබට ආදරෙයිද? නැත්නම් ඔබව නිකන් පාවිච්චි කරනවාද?

July 18, 2017
41,155
He is not in love with you
අපි කවුරුත් ආදරේ කරන්නේ, ඔහුගෙනුත් ඒ තරම්ම ආදරයක් බලාපොරොත්තුවෙන්. හැබැයි සමහරක් වෙලාවට එහෙම නොවෙන අවස්ථාත් තියෙනවා. හිතේ දරාගන්න බැරි තරම් ආදරයකින් අපි ඔහුට ආදරය කරද්දී ඔහු, ඔබත් එක්ක ඉන්නේ නිකන් ඔහුගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න විතරක් නම්, ඒක දරාගන්නේ කොහොමද කියලා හිතා ගන්නවත් බෑ. එහෙම නරක අදහසක් තියාගෙන ඔබ ආශ්‍රය කරන කෙනෙක් එක්ක තවදුරටත් ඉන්නවට වඩා හොඳයි, කාරනා අවබෝධ කරගෙන ඔහුගෙන් වෙන් වෙන එක. බලන්න ඔහු ඔබ එක්ක හැසිරෙන්නේ මේ විදිහටද කියලා.

01. ඔහු කවදාවත්, ඔහුගේ හැඟීම් බෙදා ගන්නේ නෑ

පිරිමියෙක් කෙල්ලෙක්ට මානසිකව, හැඟීම් වලින් ලංවෙන්නේ ඇයට ඇත්තටම ආදරය කරද්දී. එහෙම නැති කොට එහෙම නෑ .

02. ලිංගික සම්බන්ධතාවයක් අවශ්‍ය වෙලාවට හරිම CUTE

ලිංගික අවශ්‍යතාවයක් දැනුනු විට ඔහු ඔබට ලං වෙන්නේ හරිම උපක්‍රමශීලිව. හරිම ආදරයෙන්, ඔබට ඔහු ලංවෙනවා කියලා රඟපාලා, ඔහුට අවශ්‍ය දේ ලබා ගන්නවා.

03. පරණ කෙල්ලෝ එක්ක ටච් එකේ ඉන්නවා

ඔබ ගැන ඇත්තටම හැඟීමක් නැති ඔහු හැමවෙලේම BACKUP එකක් තියාගන්න උත්සහ කරනවා. පරණ කෙල්ලෝ එක්ක ටච් එකේ ඉන්නේ ඒ නිසා තමයි.

04. ගොඩාක් වෙලාවට ඔහුව අමුත්තෙක් විදිහට දැනෙනවා

ඔහුගේ ගති ගුණ කැමති අකමැති දේවල් වල අමුත්තක් නුපුරුදු ගතියක් ඔබට දැනෙනවාද? එහෙනම් ඒකත් ඔබ පරිස්සම් විය යුතු කාරනාවක්. ඔහුව ඔබට දැනෙන්නේ නැත්නම් එතන අවුලක්. මොකද ඔහු ඔබ හා රැඳෙන්නේ ශාරීරික අවශ්‍යතාවයකට විනා, ඇත්තම ආදරයකට නොවන නිසා.

05. ඔබ ගැන දන්නේ උඩින් පල්ලෙන්

වෙන අයට වඩා ඔහු ඔබ ගැන සියලු තොරතුරු දැනගත යුතුමයි. හැබැයි ඇත්ත හැඟීමක් ඔබ ගැන නැතිව, නිකන් ඔබව ඔහු ආශ්‍රය කරනවානම්, ඔබගේ ඇතුලාන්තය තේරුම් ගන්න ඔහු මහන්සි ගන්නේ නෑ. ඔහුට ඒකෙන් වැඩක් නැති නිසා.

06.කිසිම දෙයක් ගැන දිගට දිගට වාද කරගෙන යන්නේ නෑ

කොල්ලට ඔබ ගැන කැක්කුමක් තියෙනවා නම්, පුංචි දේවල් වලට පවා, ඔබත් එක්ක වාද විවාද වලට පැටලෙනවා. ඒ ආදරේට. කිසිම වෙලාවක, ඔබත් එක්ක කිසිම දෙයක් ගැන එක දිගට කතා කරලා, ගැටළුවක් නිරාකරණය කරගන්න ඔහු උත්සාහ කරන්නේ නැත්නම්, එතන ඔහුට ඔබ ගැන ඇත්ත හැඟීමක් නෑ කියලා හොඳටම තේරෙනවා.

07. ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවය කොහෙන් කෙලවර වෙනවද කියලා දැනගන්න ඔහුට කිසිම උවමනාවක් නෑ

ඔහු ඔබව ආශ්‍රය කරන්නේ ඔහුගේ අවශ්‍යතවයන් වෙනුවෙන් විතරයි. නැතුව ඔබ ගැන ඇත්තම හැඟීමකින් නෙමෙයි. ඉතින් ඔබගේත් ඔහුගේත් සම්බන්ධතාවය කොහෙන් කෙලවර වුනත් ඔහුට මොකද?

08. ඔබ ගැන සැලකිලිමත් වෙන්නේ නෑ

ඔබ යන එන තැන්, ගමනක් ගිහින් එද්දී පරක්කු වෙනවානම්, ගෙදර ප්‍රශ්නයක් නිසා සිත් තැවුලෙන් නම්, ඔබගේ සුව පහසුව ගැන ඔහු අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. නමුත් ඔහුගේ හිතේ ඔබ ගැන ඇත්තටම ආදරයක් නැති තැන මේ දේවල් වෙන්නේ නෑ. සිද්ධිය සරලයි නේ?

09. ඔබට වඩා වැඩි කාලයක් ඔහුගේ යාළුවොත් එක්ක ගත කරනවා

අනිවාර්යයෙන්ම. ඔහුට ඔබ ගැන ඇත්ත හැඟීමක් නැති තැන, ඇයි ඉතින් ඔබත් එක්ක වැඩිපුර කාලය ගත කරන්නේ? යාලුවෝ වඩා වැදගත්.

10. ලොකු අවුලක් ඔබේ හිතට දැනෙනවා

ඔහු මොනවා කලත්, කිව්වත්, ඔබට අවුලක් දැනෙනවා නේද? මොකක්ම හරි තැනක් ඔබට වැරදිලා කියලා?

මේ හැඟීම් දැනෙනවා නම්, ඔහුත් එක්කම තවත් ඉඳලා ඔබේ කාලය නාස්ති කරගන්න එපා. මොකද ගැහැණු හිතකට වැරදියි කියලා දැනෙන හැම දේකම වගේ මොකක්ම හරි ලොකු වැරැද්දක් තියෙනවා. එහෙම තැනක රැඳෙනවාට වඩා හොඳයි, ඔබ එයින් අයින් වෙලා තනියම ජිවත් වෙන එක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 351 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:27:54 AM
Script:/article/351/he-is-not-in-love-with-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:27:54 AM
Script:/article/351/he-is-not-in-love-with-you.html