ජීවිතේ උපරිම සතුටින් ගත කරන්න නම් මේ දේවල් 35 කරන්නම ඕනේ

September 14, 2017
25,215
35 Tips on How to Live Your Life to the Fullest
අපි ජීවිත කාලය පුරාම හොයන්නේ සතුටින් ජීවත් වෙන්න ඕනේ වෙන දේවල්. මොකද අපේ ජීවිත වල තියෙන වැදගත්ම දේ තමයි සතුට කියන්නේ. හැබැයි ඉතින් ජීවිතේ සතුටින් ගත කරන්න ඕන දේවල් කියලා අපි හොයාගෙන යන සමහර දේවල් නිසා සතුට කෙසේ වෙතත් දුක ජීවිතේට එන අවස්ථාත් නැතුවම නෙවෙයි. කොහොම උනත් අපි හැමෝගෙම බලාපොරොත්තුව උපරිම සතුටින් ජීවිතය ගත කරන එකනේ. ඒ නිසා අද අපි ඔබට කියන්නේ ජීවිතේ උපරිම සතුටින් ගත කරන්න අවශ්‍ය වෙන වැදගත් කාරණා 35 ක් ගැනයි.

1. ඔබ ඔබටම විශ්වාසවන්ත වෙන්න.
2. ඔබගේ ජීවිතේ අරමුණ සොයාගන්න.
3. ධනාත්මක වෙන්න.
4. අතීතය අමතක කරන්න.
5. ඔබ ආදරය කරන දේවල් කරන්න.
6. ඔබේ ජීවිතයේ ඉලක්ක පැහැදිලිව හඳුනා ගන්න.
7. ඔබ ආදරය කරන අයව පුදුම කරන්න. ඒ අයත් එක්ක කාලය ගත කරන්න.
8. ඔබේ ජිවිතයේ ආශාවන් හඳුනාගෙන ඒවා ළඟාකර ගන්න උත්සාහා කරන්න.
9. මිනිසුන් ගැන හොඳ කතා කරන්න. ඕපාදූප කතා කරන එක නතර කරන්න.
10. ඔබ ඔබවම විශ්වාස කරන්න ඉගෙන ගන්න.
11. ඉක්මනින් සමාව දෙන්න වගේම අමතක කරන්නත් පුරුදු වෙන්න.
12. තේරුමක් නැති සබඳතා අත් හරින්න.
13. හැම වෙලාවකම අවංක වෙන්න.
14. දිනපතා හොඳ වැඩ එකක් හරි කරන්න.
15. සැබෑ ආදරය ජිවිතයට සොයාගන්න.
16. අලුත් යහළුවන් ඇතිකර ගන්න.
17. ජීවිතේ ප්‍රශ්න වලින් නිදහස් එකක් කරගන්න.
18. වැඩිහිටියන් එක්ක කතාබහ කරලා ඔබ නොදන්න දේවල් ඉගෙන ගන්න.
19. දරුවන් සමඟ වැඩි කාලයක් ගත කරන්න.
20. ඔබ අකමැති රැකියාවක් කරන්න එපා.
21. අලුත් දේවල් නිතරම ඉගෙන ගන්න උත්සහ කරන්න.
22. නිතරම බය නැතුව අලුත් අලුත් දේවල් අත්හදා බලන්න.
23. ජීවිතේට වැදගත්ම දේවල් තෝරාගෙන ඒ දේවල් වෙනුවෙන් කාලය වැය කරන්න.
24. නිතරම ප්‍රසන්නව ඉන්න උත්සහ කරන්න.
25. තරහා කාරයන් එක්කත් හිනා වෙන්න.
26. ඔබේ වැරදි වලින් ඉගෙන ගන්න.
27. අවධානම් ජීවිතයට භාර ගන්න.
28. ජීවිතයේ වෙනස්වීම් වලට මුහුණ දෙන්න.
29. මිනිස්සු ඔබ ගැන හිතන දේවල් ගැන වද වෙන එක නතර කරන්න.
30. ජීවිතයේ හැම දවසක්ම අලුත් ආරම්භයක් කියලා හිතන්න.
31. පැමිණිලි කරන එක නතර කරන්න.
32. හැම වෙලාවකම තවත් කෙනෙක්ට උදවු කරන්න.
33. අවශ්‍ය ප්‍රමාණයට විතරක් මුදල් උපයන්න මහන්සි වෙන්න.
34. සරල කෙනෙක් වෙන්න උත්සහ කරන්න.
35. ජීවිතය විඳින්න ඉගෙන ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 413 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:55:10 AM
Script:/article/413/35-tips-on-how-to-live-your-life-to-the-fullest.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:55:11 AM
Script:/article/413/35-tips-on-how-to-live-your-life-to-the-fullest.html