නතර කරපු සබඳතාව ආයෙත් පටන්ගන්න හිතෙනවා නම් මේ දේවල් ගැනත් හිතලා බලන්න

September 29, 2017
6,370
If you consider getting back together after a break-up? Look at these signs
කාලයක් ආදරය කරලා වෙන් වෙනවා කියන්නේ ලේසියෙන් පහසුවෙන් දරාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් එහෙම දේකට මුහුණ දෙන්න උනොත් අපිට අමාරුවෙන් උනත් ඒක දරාගන්න වෙනවා. සමහර වෙලාවට නතර කරලා දැම්ම සබඳතාවය ආයෙත් පටන් ගන්න හිතෙන අවස්ථා වගේම පටන් ගන්න අවස්ථාත් ඕනේ තරම් තියෙනවා. හැබැයි ඉතින් නතර කරපු සබඳතාවය ආයෙත් පටන් ගන්න කලින් මේ දේවල් ගැනත් ටිකක් හිතලා බලන්න. එතකොට ඔයාලට පහසුවෙන්ම පුළුවන් වෙයි හොඳ තීරණයක් ගන්න.

1. එකට හිටපු කාලයේ ගොඩක් ලං වෙලා හිටියා නම්

ඔබ දෙදෙනාම වෙන් වෙන්න කලින් ගොඩක් ලං වෙලා ආදරෙන් හිටියා නම් වෙන් උනාට පස්සෙත් දැනෙන්නේ ලොකු වේදනාවක්. මේ නිසා මේ වගේ අය ආයෙත් ලං වෙන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩියි. ඒ නිසා ඔබත් වෙන් වෙන්න කලින් පෙම්වතාත් එක්ක ආදරෙන් ලං වෙලා හිටිය කෙනෙක් නම්, ආයෙත් එකතු වෙන්න අවස්ථාවක් ලැබුනොත් හිතලා බලලා තීරණයක් ගන්න.

2. ඔහුට සමාව දෙන්න පුලුවන්ද කියලා හිතලා බලන්න

ඔහුගේ වැරද්දක් නිසා වෙන්න පුළුවන් ඔබ දෙදෙනා වෙන් උනේ. මේ නිසා ආයෙත් ඔහුත් එක්ක එකතු වෙන්න අවස්ථාවක් ලැබුනොත් ඇත්තටම හිතලා බලන්න ඔබට අවංකවම ඔහුගේ වැරැද්දට සමාව දෙන්න පුලුවන්ද කියලා. නැත්නම් වෙන්නේ ආයෙත් සැරයක් වෙන් වෙන්න.

3. වෙන් වෙන තීරණය ඔබ තනිවම ගත්ත එකක් නම්

සමහර වෙලාවට අපි තනියම ගන්න තීරණයක් මත වෙන් වෙනවා. අපි ඒ අයගෙන් වෙන් උනාට ඒ අයට කිසිම උවමනාවක් නැහැ අපෙන් වෙන් වෙන්න. මේ වගේ අවස්ථාවකත් ඔබට තේරුනොත් ඔබ ගත්ත තීරණේ වැරදියි කියලා ආයෙත් එකතු වෙන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඒක අත්හරින්න එපා.

4. ඔහු තවමත් ඔබේ හොඳම යහළුවා ලෙස ඉන්නවා නම්

සමහර අය ආදරේ කරන එක නතර කරාට තරහා කාරයෝ වගේ ඉන්නේ නැහැ. මේ අය සාමාන්‍ය විදිහට ඒ අයගේ හිතවත් කම් පවත්වාගෙන යනවා. ඉතින් ඔබ දෙදෙනාත් ඒ වගේ නම් ආයෙත් එකතු වෙන්න අවස්ථාවක් ලැබුනොත් ඒක අත්හරින්න එපා.

5. තනි වෙලා ඉන්න එක ඔබට කරන්න අමාරු දෙයක් නම්

කොච්චර බැන ගෙන රණ්ඩු වෙලා වෙන් උනත්, ඔහු නැතුව ඉන්න එක ඔබට කරන්න අමාරු දෙයක් නම්, ඔහුව නිතරම මතක් වෙනවා නම් ඔහුට දෙවැනි අවස්ථාවක් ලබාදෙන්න. හැබැයි හොඳට හිතලා බලලා මේ තීරණය ගන්නත් මතක තියා ගන්න.

6. ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් එකක් නම්

සමහර ප්‍රශ්න තියෙනවා කොච්චර උත්සහ කරත් විසඳගන්න අමාරු. හැබැයි සමහර ප්‍රශ්න පහසුවෙන්ම විසඳ ගන්න පුළුවන්. ඔබ ඔහුගෙන් වෙන් උනේ පහසුවෙන්ම විසඳුමක් ලබාගන්න පුළුවන් ප්‍රශ්නයකට නම්, තවත් වෙන් වෙලා ඉන්න එක තේරුමක් ඇති දෙයක් නෙවෙයි. ඒ නිසා ආයෙත් දෙන්නට එකතු වෙන්න පුළුවන් නම් ඒ අවස්ථාව නැති කරගන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 432 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:47:28 AM
Script:/article/432/if-you-consider-getting-back-together-after-a-break-up-look-at-these-signs.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:47:28 AM
Script:/article/432/if-you-consider-getting-back-together-after-a-break-up-look-at-these-signs.html