කෙනෙක් කියන දේට ඔබ ඇත්තටම සවන් දෙනවාද?

November 7, 2020
5,756
Do you really listen to the other?
කෙනෙක් මානසික සහනයක් බලාපොරොත්තුවෙන් දෙයක් කියනකොට ඒකට හොඳින් සවන්දීමට පුරුදු වෙන එක නරක පුරුද්දක් නෙමෙයි. හැම කෙනෙක් ම ජිවිතයට එකතු කරගන්න ඕනේ හොඳ පුරුද්දක් ඒක. සවන් දීම කෙනෙක්ව හීලෑ කර ගන්නත් හොඳ ක්‍රමයක්. ඉතින් ඔබ ආදරය කරද්දී පවා ඔහු/ඇය කියන දේවල් අහගෙන ඉන්න එකෙන් බැඳීම් ශක්තිමත් වෙනවා. ඔයා අනෙකාගේ හැඟීම් වලට සවන් දෙන බව දකිද්දී, ඔයා අනෙකාව තේරුම් ගන්න උත්සහ කරන බව වැටහුණාම ඔහුගේ/ ඇයගේ වේදනාවන් ඉක්මනින්ම සමනය වෙලා යනවා. ඔයා ගැන ඒ කෙනා විශ්වාසයක් ඇති කර ගන්නවා.

අද හැඩකාරී අපි කියන්නේ ඔයා කෙනෙක් සමඟ කතා කරනකොට හා කෙනෙක්ට සවන් දෙනකොට ඔබට උපකාරී වන ටිප්ස් කිහිපයක් ගැනයි.

වෙන වෙන වැඩ කරන්න එපා - ඔයාගේ සම්පූර්ණ අවධානය එම පුද්ගලයාට දෙන්න. අද කාලයේ බොහෝ දෙනෙක්ගේ පැමිණිල්ලක් තමයි ආදරය කරන අනෙකා තමන්ට නිසි ලෙස ඇහුම්කන් නොදෙන බව. ඔයාගේ ජිවිතයට වටිනා පුද්ගලයන් ඔබේ ඉදිරියේ ඉද්දී ඔබ කිසිම විටක ඔබේ දුරකථනය, ලැප්ටොප් එක එක්ක කාර්යබහුල වෙන්න එපා.

පුද්ගලයා කියන දේ හරි හැටි තේරුම් ගන්න - පුද්ගලයෙක් ඔයාට කියන දේවල් සාරාංශ කර ගනිමින් සැමවිටම මතක තබා ගන්න. එමගින් අරමුණු දෙකක් විසඳෙනවා. මුලින්ම ඔයාට ඔහුව/ ඇයව තේරුම් ගෙන අවධානය දිනා ගැනීමට පුලුවන් වෙනවා. දෙවනුව ඔයා නිවැරදිව සාරාංශ කළාට පස්සේ එම පුද්ගලයා වැඩි දුර තොරතුරු ඔයා එක්ක පැවසීමට සහ ඔයාව විශ්වාස කරන්නට පෙළඹෙනවා.

ඉවසන්න - ඔයාගේ අදහස් ඉදිරිපත් කිරීමට හෝ පිළිතුරක් දෙන්න කලින් අනෙක් පුද්ගලයාගේ ගැටලුව ගැන හා සාකච්ඡා මාතෘකාව ගැන මඳක් සිතන්න. ඔයා පොඩි විරාමයක් අර ගෙන හොදින් සිතා බලලා ඔයාගේ මතය ප්‍රකාශ කරන්න. ඔයාගේ පිළිතුර නිවැරදි එකක් වෙද්දී එම පුද්ගලයාගේ සිතට සැනසීමක් ලැබෙනවා. ඒ අතර ඔවුන්ගෙන් අගය කිරීමක් ද ඔබට ලැබෙනවා.

හුස්ම ගන්න - සරලයි. එම මොහොතේදී වඩාත්ම වැදගත් දේ වෙත ඔයාගේ අවධානය යොමු කරන්න ඕනේ වුණාම හුස්ම ගැනීමට මතක තබා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1903 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:14 AM
Script:/article/1903/do-you-really-listen-to-the-other.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:14 AM
Script:/article/1903/do-you-really-listen-to-the-other.html