සාර්ථක පවුල් ජීවිතයක පැවැත්මට සුදුසුම පවුල් සැලසුම් ක්‍රමය තෝරා ගන්න

August 6, 2018
6,835
How to choose family planing method
ආදරය කරන දෙන්නෙක්ගේ අවසාන බලාපොරොත්තුව විවාහය. ඉතිං විවාහ වෙන බෝහෝ ආදරවන්තයින්ට, ප්‍රේමවන්තයින්ට ඔවුන්ගේ ජීවිතවල විවිධ බලාපොරොත්තු, අරමුණු තියෙනවා. එහෙමත් නැතිනම් විවිධ ඉලක්ක තියෙනවා. ඔයාලා දෙන්නා ආදරය කරපු කාලේට වඩා විවාහ ජීවිතය හාත්පසින්ම වෙනස්. මොකද දැන් ඔයාලා දෙන්නාගේ ජීවිතයට යුතුකම්, වගකීම් වැඩියි. ඒ නිසා යහපත් පවුල් ජීවිතයක් පවත්වාගෙන යන්න නම් මේ හැම දෙයක් ගැනම හොඳට හිතලා බලලා ඔයාලට වැඩ කරන්න වෙනවා. විවාහ ජීවිතය ආරම්භ කළාට පස්සේ පවුල් ජීවිතය මනාව සංවිධානය කර ගැනීම ඉතාමත් වැදගත්. හා හා පුරා කියලා විවාහ වෙන්න ඉන්න වගේම විවාහ වෙලා ඉන්න හැමෝම වෙනුවෙන් ඔයාගේ පවුල් ජීවිතය සාර්ථකව පවත්වා ගෙන යන්න ඕන වෙන ඔයාට සුදුසු පවුල් සැලසුම් ක්‍රම ගැන කතා කරන්න අද Hadakari අපි තීරණය කළා.

විරමණය හෙවත් සංසර්ගයේ නොයෙදීම

පවුල් සැලසුම් ක්‍රම අතරින් වඩාත් සාම්ප්‍රදායිකම ක්‍රමයක් තමයි සංසර්ගයේ නොයෙදීම. ගැබ් ගැනීම වැළැක්විම සඳහා ඉතා ප්‍රත්‍යක්ෂ උපක්‍රමයක් විදිහටයි විරමණය හඳුනා ගන්නේ. ඒත් ඉතිං සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් ප්‍රායෝගික සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයක් නම් නෙමෙයි.

ඔසප් දින පිළිබදව අවධානය යොමු කිරීම

මේ ක්‍රමය ඔයා පවුල් සැලසුම් ක්‍රමයක් විදිහට අනුගමනය කරනවා නම් ඔසප් දින පිළිබඳව අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත්. සාමාන්‍යයෙන් කාන්තාවක් හට ඔසප් වීම සිදු වෙන්නේ දවස් 28 කට වතාවක්. මේක ඔබ හොඳින්ම දන්නා කරුණක්. ඉතිං ඔසප් වීමකදි රුධිරය පිටවීම ආරම්භ වී දින 10 ක් වන තෙක්ම සිදු වෙන්නේ තිබුණු ගර්භාෂ බිත්ති ඉවත් වෙලා අලුතින් ගර්භාෂ බිත්ති සෑදෙන එක. රුධිරය පිට වී ඩිම්බ මෝචනය වීම ආරම්භ වෙන්නේ දවස් 12 - 16 යන කාල පරාසයන් වලදීයි. මේ දිනවල ඔබට පුළුවන් සංසර්ගයෙන් වැළකෙමි ඉන්න. ඔයා මේ දින සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා නම් ඔයාට පුළුවන් ස්වභාවික ගැබ් ගැනීමක් වළක්වා ගෙන සාර්ථක සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න.

හෝමෝන ලබා ගැනීම

ගොඩක් කාන්තාවන් අනුගමනය කරන පවුල් සැලසුම් ක්‍රමයක් තමයි හෝමෝන ලබා ගැනීම. මේ ක්‍රියාවලිය ක්‍රම කිහිපයක් යටතේ සිදු කරන්න පුළුවන්. එක් ක්‍රමයක් තමයි උපත් පාලන පෙති ලබා ගැනීම. මේ සඳහා ගොඩක් දුරට යොදාගනු ලබන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොරොජෙස්ටරෝන් හෝමෝන අන්තර්ගත පෙතියි. මෙම පෙති කට්ටලයේ පෙති 21 ක් හෝ 28 කින් සමන්විත වෙනවා. මෙම පෙති ලබා ගන්න කලින් වෛද්‍යවරයෙකු උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත්.

ඒ වගේම තමයි දින 90 කට එහෙමත් නැත්තම් මාස 03 කට වරක් ලබා ගන්නා ඩිපො-ප්‍රොවිරා එන්නත ලබා ගැනීමද තවත් එක් පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස හඳුනාගන්න පුළුවන්. පෙතිවලට වඩා පහසු ක්‍රමයක් වශයෙන් මේ ක්‍රමය ඔබට අනුගමනය කළ හැකියි.

සම යට හෝමෝන අන්තර්ගත කූරු තැන්පත් කිරීම මගින්ද ඔබට ගැබ් ගැනීමකින් තොරව සාර්ථන සම්බන්ධතාවක් පවත්වාගත හැකියි. ගොඩක් දෙනෙක් මේ ක්‍රමය ජඩෙල් යනුවෙන් හදුන්වන අතර දීර්ඝ කාලීනව මේ ක්‍රමය ඔබට අනුගමනය කළ හැකි අතර ඉත්මත් ආරක්ෂිත පවුල් සැලසුම් ක්‍රමයක්ද වෙනවා.

කොණ්ඩම් භාවිත කිරීම

කෝණ්ඩම් භාවිතයද සාර්ථක උපත් පාලන ක්‍රමයක් ලෙස හඳුනාගත හැකියි. මෙය ගැබ්ගෙල කැප් ක්‍රමයට සමාන ක්‍රමයක් වේ. සෙසු උපත් පාලන ක්‍රම මගින් නොලැඹෙන කොණ්ඩම් පැළදීමේ වාසියක් වෙන්නේ සමාජ රෝග ව්‍යාප්තිය අවම කර ගැනීමට පුළුවන් වීමයි. මේ ක්‍රමය පවුල් සැලසුම් ක්‍රම අතර බොහෝ දෙනෙක් අනුගමනය කරන සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයකි.

ලුපය

ලුපය භාවිතයද තවත් එක් පවුල් සැලසුම් ක්‍රමයකි. මෙහිදි සිදු වෙන්නේ ටී අකුරක හැඩයක් ගත් තඹ හෝ හෝමෝන අන්තර්ගත උපකරණයක් ගර්භාෂය තුළට ඇතුළ් කිරීමයි. එවිට මෙම උපකරණයෙන් සංසේචනය වු ඩිම්බය ගර්භාෂ බිත්තිය මත තැම්පත් වීම වැළැක්වීම මගින් ගැබ් ගැනීම නවතා දැමීම සිදු වෙනවා. හෝමෝන අන්තර්ගත තඹ උපකරණ අවුරුදු 10 දක්වාත් හෝමෝන අන්තර්ගත නොවන තඹ උපකරණ අවුරුදු 05 දක්වාත් පැළදිය හැකියි. මේ ක්‍රමයද බෝහෝ කාන්තාවන් අනුගමනය කරන සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයක් වශයෙන් හඳුනාගත හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1001 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:01 AM
Script:/article/1001/how-to-choose-family-planing-method.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:01 AM
Script:/article/1001/how-to-choose-family-planing-method.html