එළවළු වලින් රසම රස කට්ලට්

February 10, 2017
18,295
vegetable cutlet recipe, how to make vegetable cutlet
අල 250g
කැරට් 200g
බෝංචි 150g
රතුළූණු ගෙඩි 10ක්
අමු මිරිස් කරල් 2ක්
ගම්මිරිස් තේ හැදි 1ක්
අඹරා ගත් ඉගුරු තේ හැදි 1/2ක්
සුදු ළූණු තේ හැදි 1/2ක්
මිරිස් කුඩු තේ හැදි 1ක්
කහ කුඩු තේ හැදි 1/4ක්
තුනපහ කුඩු තේ හැදි 1ක්
පාන් කුඩු 200g
ලුණු තේ හැදි 1ක්
තෙල් බෝතල් 1/2ක්
වතුර කෝප්ප 2ක්

බැටර් එකට

පිටි කෝප්ප 1ක්
ලුණු තේ හැදි 1/2ක්
වතුර කෝප්ප 1/2
කහ කුඩු ස්වල්පයක්
බේකින් පවුඩර් තේ හැදි 1/2

බැටර් එක සදහා පාන්පිටි, බේකින් පවුඩර්, ලුණු හොදින් මිශ්‍ර කරගන්න. දැන් වතුර ටික එකතුකර අවශය පදමට බැටර් එක සාදාගන්න.

මුලින්ම එළවළු සියල්ලම කුඩාවට කපාගෙන ලුණු ස්වල්පයක් දමා තම්බා ගන්න. තම්බාගත් පසු එය වතුර බේරා පසෙකින් තබන්න. ඉන්පසු එය තෙම්පරාදු කර ගැනීම සදහා තෙල් ස්වල්පයක් භාජනයක රත් කර එයට සිහින්ව කපාගත් රතුළූණු, අමු මිරිස්, අඹරා ගත් ඉගුරු, සුදු ළූණු, මිරිස් කුඩු, කහ, තුනපහ, ගම්මිරිස් එක්කර මද වේලවක් පිසගන්න. දැන් තම්බා ගත් එළවළු සියල්ලම දමා හොදින් මිශ්‍රකර ලිපෙන් ඉවත් කරගන්න.

පසුව එලවලු මිශ්‍රණය හොදින් පොඩිකරන්න. ඔබේ රසට අනුව ලුණු අවශය පදමට එක් කරගන්න. එයට පාන් කුඩු හැදි 2ක් එක්කර නැවත මිශ්‍රකරගන්න. දැන් එය කට්ලට් ආකාරයට ගුලි කර බැටර් එකේ ගිල්වා පාන් කුඩු මත හොදින් තවරා විනාඩි 5ක් ශීතකරනයේ තබන්න.

මතක තබාගන්න. අපි මෙම කට්ලට් බැදගත යුත්තේ නොගැඹුරු තෙලේය. ඒ සදහා non stick pan එකක් භාවිතා කරන්න. එයට තෙල් එක්කර හොදින් බැදගන්න.

(නොගැඹුරු තෙලේ බැදීම යනු කට්ලට් එක තෙල් වලින් වැසිනොයන පරිදි. මොකද අපි මෙයට බිත්තර එකතු නොකල නිසා කැඩීයාමට හැකි බැවිනි.)
Hadakari.com

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 44 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:58 AM
Script:/article/44/vegetable-cutlet-recipe-how-to-make-vegetable-cutlet.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:59 AM
Script:/article/44/vegetable-cutlet-recipe-how-to-make-vegetable-cutlet.html