දරුවන්ට බිම හිඳගෙන අතින් ආහාර ගන්න ඉඩ දෙන්න

March 30, 2020
8,870
Let children eat with their fingers
අද බොහෝ දෙමව්පියන් දරුවන්ට අත වෙනුවට හැන්දක් භාවිතා කර ගෙන ආහාර ගැනීම බාල කාලයේ පටන්ම හුරු කරනවා. ඒත් අතීතයේදී යාන්තම් අත හුරු වුන දවසේ පටන්ම දරුවන් තමන්ගේ දකුණතේ ඇගිලි උපයෝගී කර ගෙන ආහාර අනාගෙන කෑමට පුරුදුව සිටියා. ඒ වගේම අද වගේ පුටුවක වාඩිවී ගෙන ආහාර ගත්තේ නැහැ. පැදුරක ඉදගෙන බිම වාඩිවී ආහාර ගැනීමට දරුවන් යොමු කිරීම එදදා සිදු වුනා. ආයුර්වේදයට අනුව මෙම වාඩි වෙන ඉරියව්ව ‘‘සුබාසනය” හෙවත් “අර්ධ පද්මාසන යෝග ඉරියව්ව” යනුවෙන් හැදින්වෙනවා.

ඇත්තටම බිම වාඩි වී ආහාර ගැනීම සුදුසුද...?

අපි ආසනයක වාඩි වුනාම ස්නායු ක්‍රියාකාරිත්වය බිම වාඩිවී සිටින තරම්ම හොදින් සිදු වෙන්නේ නැහැ. ඒ නිසාම බඩපිරී ඇතැයි යන සංඥාව අපට නොලැබෙන නිසා පමණ ඉක්මවා ආහාර ගැනීම තරබාරුවට මග කියනවා. මෙය තරබාරුවෙන් නැවතෙන්නේ නැහැ. එහි ප්‍රතිඵල විදිහට දියවැඩියාව, හදවත් රෝග වැනි තව තවත් අතුරු සංකුලතාවයන්ද ඇති වීම වලක්වා ගන්න බැහැ.

බිම වාඩි වුනාම රුධිර සංසරණය හොදින් සිදු වෙන නිසා ආමාශයට හොදින් රුධිරය ලැබෙන අතර එය ආහාර ජීරණයට වඩාත් හොඳයි. පුටුවක සිටින විට මේ තරම් යහපත් රුධිර සංසරණයක් ආමාශයට නොලැබෙන බැව් ආයුර්වේදයේ දැක්වෙනවා. ඒ වගේම මනස බොහොම සාමකාමී වීම බිම වාඩිවීමෙන් සිදු වෙන නිසා ආහාර ජීරණයට සුදුසු මානසිකත්වයක් ඇති වෙනවා.

බිම වාඩිවී ගෙන ආහාර ගන්නා විට අපි ආහාර ගැනීමට ඉදිරියට නැවෙනවා. ගිලීම වෙනුවෙන් නැවතත් සිටි ඉරියව්වට පිවිසෙනවා. මේ ක්‍රමය නිසා සිරුරේ නම්‍යශීලිත්වය ඇති වෙනවා. ඒ නිසා ආමාශයේ මාංශ පේශි හොඳින් ක්‍රියාකාරිත්වයක් ගොඩ නගනවා.

ඇඟිලි ආධාරයෙන් අනාගෙන ආහාර ගැනීම

අතේ ඇගිලි පහ පංච මහ භුතයන් නියෝජනය කරන බව ආයුර්වේදයේ සදහන්. සුළැඟිල්ල ජලයද, වෙදැගිල්ල පෘථිවියද, මැදඟිල්ල අවකාශයද, දබරැඟිල්ල වාතයද සහ මාපටැගිල්ල ගින්දරද සංකේතවත් කරනවා. ඒ වගේම ඇඟිලි තුඩුවල ඇති ස්නායු මගින් බඩවැලේ ක්‍රියාකාරිත්වය උත්තේජනය වෙනවා. මේ නිසා හොඳින් රුධිර සංසරණය සිදු වීම නිසා ජීරණයේ අපහසුතාවයන් ඇති වීම වලක්වනවා.

අපේ සිරුරේ තිබෙන බැක්ටීරියාවන්ගෙන් සමහරක් හිතකර බැක්ටීරියාවන් බවත් අප දන්නවා. මුඛය, බඩවැල, උගුර ආදි තැන්හි ඇති හිතකර බැක්ටීරියාවන් අතින් ආහාර ගැනීමේදි උත්තේජනය වීමක් සිදු වෙන බවත් ආයුර්වේදයේ සඳහන්.

ඒ වගේම අතින් ආහාර ගන්නා විට හොදින් අනා ගැනීමට පුලුවනි. හැන්දකින් ඒ කාර්යය ඉටු වෙන්නේ නැහැ. හදිසියේවත් ආහාරයට නුසුදුසු ගල්, කටු වැනි දෙයක් තිබුනොත් අතින් ආහාර ගන්නා විට එය දැනෙන නිසාත් අතින් ආහාර ගැනීම වඩාත් සුදුසුයි. ඒ වගේම පමණට වඩා උනුසුම් දෙයක් සෘජුවම කටට ඇතුලු වීමට තිබෙන ඉඩත් අතින් අනන විට වැලකෙනවා. ඊට හේතුව අතින් අනන විට ඒ බව තමන්ටම දැනෙනවා. නමුත් හැන්දකින් ආහාර ගන්නා විට මේ දැණුවත්බව ලැබෙනවා අඩුයි.

බඩ පිරෙන විට ඒ පණිවිඩය වඩාත් හොඳින් දැනීමටත් අතින් අනාගෙන ආහාර ගැනීමෙන් සිදු වෙන වාසියක්. දැන් ඉතින් බිම වාඩි වෙලා අතින් අනාගෙන ආහාර ගැනීමේ වාසි දන්නා නිසා ගෙදර ඉන්න පොඩි පැටවුන්ට පැදුරක් එලලා අතින් අනාගෙන තමන්ට බත් ටික කන්න පුරුදු කලොත් වරදක් නැහැ.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1531 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:23:37 AM
Script:/article/1531/let-children-eat-with-their-fingers.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:23:37 AM
Script:/article/1531/let-children-eat-with-their-fingers.html