ජීවිතේ වෙනසක් වෙන්න ඕනේ කියලා හිතෙනවා නම් මේ ටික කරලා බලන්නකෝ

October 5, 2017
8,320
10 small changes in your life that can make a huge difference
ජීවිතේ හැමදාම එකම විදිහට ගත කරන්න ගියොත් අපිට ඉක්මනටම ජීවිතේ එපා වෙන්න ගන්නවා. මේ නිසා අපි හැමෝම කැමතියි ජීවිතේ වෙනසක් කර ගන්න. හැබැයි ජීවිතේ වෙනස් කර ගන්නවා කියන එක හරිම අමාරු, වෙලාවකට කරන්න බැරි දෙයක් විදිහට තමයි අපිට පෙනෙන්නේ. මොකද අපි හිතන්නේ ජීවිතේ වෙනස් කරගන්න නම් ලොකු ලොකු දේවල් අපිට කරන්න වෙනවා කියලා. හැබැයි කවදාවත් හිතලා තියෙනවද පුංචි වෙනස්කම් 10 කින් ඔබට ජීවිතේම වෙනස් කරගන්න පුළුවන් වෙයි කියලා? මේ දේවල් 10 කරලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා.

1. හොඳ දේවල් ආහාරයට ගන්න

මේක අපිට ගොඩක් මහන්සි වෙලා කරන්න තියෙන ලොකු දෙයක් නෙවෙයි. අනික තමයි අපි ලොකු ලොකු ගණන් වියදම් කරලා අරගෙන කන කෑම වර්ග වලට වඩා හොඳ කෑම අඩු මුදලකට අපිට ඕනේ තරම් අරගන්න පුළුවන්. ඒ නිසා ඔයා ගන්න හොඳ කෑම වලින් ඔයාට පුළුවන් ජීවිතේ ලොකු වෙනසක් දකින්න.

2. ව්‍යායාම කරන්න

අපිට තියන වැඩත් එක්ක කරන්න අතපසු වෙන දෙයක් තමයි මේක. හැබැයි නීරෝගී ජිවිතයක් ගත කරන්න නම් මේක අවශ්‍යම දෙයක්. අපි නීරෝගී වෙනවා කියන්නේ ජීවිතේ ලොකු වෙනසක් නිකම්ම සිදුවෙනවා කියන එකනේ. ව්‍යායාම කරනවා කියලා gym එකකට ගිහින් ලොකුවට මේක කරන්න ඕනේ නැහැ. ගෙදර ඉන්න ගමන් පොඩි පොඩි ව්‍යායාම කරන්න. පුළුවන් තරම් ඇවිදින්න. එතකොට නිකම්ම ඔයාට දවසකට ඕනේ ව්‍යායාම ටික වෙලා.

3. අද දවසේ ජිවත් වෙන්න

ගොඩක් අය කරන්නේ ගෙවුන ඊයේ දවස ගැන හරි එන්න තියෙන හෙට ගැන හරි හිත හිත කාලය ගත කරන එක. මේකෙන් වෙන්නේ අපිට සතුටින් ගත කරන්න තියෙන අපේ අද දවස අපිටත් නොදනිම ගෙවිලා යන එක. ඒ නිසා අද දවස උපරිම සතුටින් ගත කරන්න උත්සහ කරන්න ඊයේ දවස ගැනවත් හෙට දවස ගැනවත් හිතලා අද දවස නිකන් විනාශ කරගන්න එපා.

4. අගය කරන්න වගේම ස්තූතිවන්ත වෙන්නත් පුරුදු වෙන්න

අපි හිතේ තරහක් තියාගෙන ඉන්න ගියාම පාඩුව වෙන්නේ අපිටමයි. එහෙම නැතුව අනිත් අය කරන දේවල් අගය කරලා ඒ අයට ස්තූති කරන්න ඔබට පුළුවන් නම් සතුටින් ඉන්න, ඒක ඔයා ජීවිතේ කරගන්න ලොකු වෙනසක් වේවි.

5. පුළුවන් තරම් හිනාවෙන්න

කතාවටත් කියනවනේ හිනා උනාම සතුට වැඩිකමට මහත් වෙනවා කියලා. ඉතින් අපි හිනාවෙලා ඉන්නවා කියන්නේ ඒක අපේ ජීවිතේ නිරෝගී කමට විතරක් නෙවෙයි අනිත් අයගේ හිත් දිනාගන්නත් ඒක හේතුවක්.

6. වැඩිපුර නිදාගන්න

අපිට අද දවසේ වැඩ ටික ඉවර කරලා ඊළග දවසේ වැඩ ටිකට ලෑස්ති වෙන්න නින්ද කියන්නේ අවශ්‍යම දෙයක්. නින්ද අපිට ඊළග දවස ගත කරන්න අවශ්‍ය කායික වගේම මානසික ශක්තියත් ලබාදෙනවා. ඒ නිසා පැය 8 ක වත් නින්දක් ලබාගන්නවා කියන්නේ එක ඔයාගේ ජීවිතේ ලොකු වෙනසකට හේතුවක්.

7. යාළුවන් සහ පවුලේ අයත් එක්ක වැඩි කාලයක් ගත කරන්න

අපි කැමති අයත් එක්ක කාලය ගත කරනවා තරම් සතුටක් අපේ ජීවිත වල තවත් නැහැ. ඒ නිසා ජීවිතේ ලොකු වෙනසක් දකින්න කැමතියි නම් වැඩි වෙලාවක් මේ අයත් එක්ක ගත කරන්න.

8. සැහැල්ලුවෙන් හිතන්න

ජීවිතේ කියන්නේ වෙලාවකට ප්‍රශ්න පත්තරයක්. ගොඩක් අය අමාරුවේ වැටෙන්නේ මේ ප්‍රශ්න වලට ලොකු ලොකු උත්තර හොයන්න ගිහින්. ඒ නිසා ජීවිතේට එන ප්‍රශ්න ලොකු ඒවා කරගන්නේ නැතුව පුළුවන් තරම් සැහැල්ලුවෙන් ඒ දේවල් විසඳගන්න බලන්න.

9. ඔයා ගැන හිතන්න කාලය වෙන් කරන්න

අපිට ඇත්තටම අපි ගැන හිතන්න වෙලාවක් නැති තරම්. මොකද අපි ගොඩක් වෙලාවට හිතන්න උත්සහ කරන්නේ අනිත් අය ගැන. මේ නිසා අනිත් අයගේ ප්‍රශ්න අපේ වෙනවා විතරක් නෙවෙයි අපිට අපි ගැනම අමතක වෙලා යනවා. මේ නිසා ජිවිතේ වෙනසක් දකින්න ඕනේ නම් ඔයාට ඔයා ගැනත් හිතන්න වෙලාව වෙන්කර ගන්න වෙනවා.

10. පිළිවෙලකට වැඩ සැලසුම් කරගන්න

අපි මොකක් හරි දේකට සැලසුමක් හදාගන්නේ ඒ වැඩේ පහසුවෙන් කරගන්න. ඉතින් අපි එදිනෙදා වැඩ ටිකත් පිළිවෙලකට කරගන්නවා නම් අපිට ජිවිතේ දකින්න ඕනේ වෙනස ඉක්මනින්ම දකින්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 441 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:46:10 AM
Script:/article/441/10-small-changes-in-your-life-that-can-make-a-huge-difference.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:46:10 AM
Script:/article/441/10-small-changes-in-your-life-that-can-make-a-huge-difference.html