අක්‍රමවත් මාසික ඔසප් වීම ක්‍රමවත් කරගන්නේ කොහොමද?

October 8, 2017
11,788
What should we do to prevent menstrual irregularities?
කාන්තාවකගේ මාසික ඔසප් වීම අක්‍රමවත් වෙනවා කියන්නේ කායිකව වගේම මානසිකවත් විශාල පීඩනයක් ගෙන දෙන දෙයක්. මොකද මේ නිසා හිතට බයක් ඇති වෙනවා විතරක් නෙවෙයි, සමහර වෙලාවට හිතන්නේ නැති විදිහට අපහසුතාවයටත් පත් වෙන්න සිදු වෙනවා. සාමාන්‍යයෙන් ඔසප් වීම අක්‍රමවත් කාන්තාවන්ට උපත් පාලන පෙති ලබාගැනීම මගින් ඔසප් වීම ක්‍රමවත් කරගන්න පුළුවන්. හැබැයි ඔසප් වීම අක්‍රමවත් වීමට හේතු වෙන හැම කාරණාවකටම මේක පිලියමක් වෙන්නේ නැහැ. මේ නිසා කාන්තාවක් තමන්ගේ මාසික ඔසප් වීම සාමාන්‍ය එකක් ද? නැත්නම් අසාමාන්‍ය එකක් ද? කියලා හරියටම අඳුර ගන්න ඕනේ. නැත්නම් පස්සේ මුහුණ දෙන්න වෙන්නේ ඔබ කොහොමටවත් බලාපොරොත්තු නොවුණු ප්‍රශ්න වලට. ඒ නිසා ඔබේ මාසික ඔසප් විමේදීත් මේ දේවල් දකින්න ලැබෙනවා නම් අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක් හමුවෙලා උපදෙස් ලබාගන්න එක තමයි හොඳම දේ.

1. මාසික ඔසප් වීමකින් පසු ගැබ් ගැනීමක්ද සිදු නොවී දින 90 ක් යන තුරුත් නැවත ඔසප් වීමක් සිදු නොවීම.
2. ක්‍රමවත්ව පැවති මාසික ඔසප් වීම එක්වරම අක්‍රමවත් වීම.
3. ඔසප් වීමෙන් අනතුරුව දින 7 කට වඩා රුධිරය වහනය වීම.
4. පැයකට සනීපාරක්ෂක තුවා දෙකක් වත් මාරු කිරීමට සිදුවෙන තරම් වන අධික රුධිර වහනය.
5. මාසික ඔසප් වීම් අතර කාලය දින 21 කට වඩා අඩුවීම හෝ දින 35 කට වඩා වැඩි වීම.
6. මාසික ඔසප් වීමකින් පසු නැවත ඔසප් වීමක් සිදු වීමට නියමිත දිනයට පෙර රුධිර වහනයක් සිදු වීම.
7. ඔසප් වීම සිදුවෙන කාලයේදී අධික වේදනාවක් දැනීම.
8. සනීපාරක්ෂක තුවා භාවිතා කිරීමෙන් පසු රෝගී බවක් දැනීම. උණ හට ගැනීම.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 444 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:20:39 AM
Script:/article/444/what-should-we-do-to-prevent-menstrual-irregularities.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:20:40 AM
Script:/article/444/what-should-we-do-to-prevent-menstrual-irregularities.html