වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගන්න එක අමාරු නෑ

October 15, 2017
9,715
Its very easy to look young
වයසට යන එක අපිට නතර කරන්න බැහැ තමයි. එත් අපිට පුළුවන්නේ අපේ තරුණ බව රැක ගන්න යම් යම් දේවල් කරන්න. විශේෂයෙන් කාන්තා පාර්ශවය මේ වෙනුවෙන් මහන්සි වෙන නිසා අපි හිතුවා ඔයාගේ සැබෑ වයස හංගලා ඔයාගේ තරුණ පෙනුම කොහොමද රැක ගන්නේ කියන එක ගැන කතා කරන්න. වැඩිය අමාරු දේවල් කරන්න නැහැ.

1. තවමත් Sunscreen එකක් පාවිච්චි කරන්නේ නැද්ද?

ඔයාගේ සමේ තරුණ බව රැක ගන්න ඔයා මුලින්ම කරන්න ඕන දේ තමයි මේ. ඔයාගේ සමට දැඩි ලෙස අහිතකර හානි සිදු කරන්න හිරු එළියේ ඇති අහිතකර UV කිරණ වලට පුළුවන්. සම මත අඳුරු පල්ලම් ඇති කරන්නත්, සම පිලිස්සිමටත්, භයානක පිළිකා තත්ත්වයන් ඇති කරන්නත් අව් රශ්මියට පුළුවන්. ඒ නිසා හිරු එලියට නිරාවරණය වෙන හැම වෙලාවකම Sunscreen එකක් පාවිච්චි කරන්න.

2. සිනී භාවිතය අවම කරන්න

ඔයාගේ වයසට වඩා වයස පෙනුමක් ලබා දෙන තවත් දෙයක් තමයි සීනි කියන්නේ. ඒ නිසා සීනි භාවිතය අවම කරන්න. අපි ආහාරයට ගන්න එළවලු සහ පළතුරු වල ස්වාභාවිකවම සීනි යම් ප්‍රමාණයක් අඩංගු වෙනවා. එනිසා ඊට අමතරව සීනි සහිත ආහාර ගැනීමේදී ටිකක් සැලකිලිමත් වෙන්න. සීනි යම් ප්‍රමාණයක් අපේ ශරීරයට අවශ්‍ය කරනවා. ඒ නිසා එය දැඩි ලෙස පාලනය කරන්නත් එපා.

3. වතුර ඔයාගේ මිතුරෙක් කරගන්න

ඔයා ඔයාගේ තරුණ පෙනුම රැක ගන්න හිතුවා නම් අනිවාර්යෙන්ම ඊළඟට කරන්න ඕන දෙයක් තමයි වතුර බොන එක. මොකද මුළු රැයක් පුරාවටම ඔයාගේ ශරීරයට ජලය ලැබෙන්නේ නැහැ. උදේම වතුර වීදුරුවක් පානයෙන් ඔයාව විජලනයෙන් වළක්වනවා. ඒ නිසා උදේ අවදි වුනාට පස්සේ පිරිසිදු ඇල් වතුර වීදුරුවක් පානය කරන එක පුරුද්දක් කර ගන්න.

ඊට අමතරව සමේ තෙතමනය රැක ගැනීමට දවස පුරාම අවශ්‍ය පමණ වතුර බොන්න. ඒ අතරවාරෙදී ඔයාගේ වතුර වීදුරුවට ලෙමන් යුෂ ටිකකුත් එකතු කරන්න පුළුවන් නම් ඔයාගේ තරුණ බව රැක ගන්න එය උදවුවක් වේවි.

4. නිතරම හිස කෙස් ෂැම්පු කරන්න එපා

මේක අපේ තරුණියන් ගොඩක් දෙනෙක් කරන වැරැද්දක්. නිතරම කොණ්ඩෙට ෂැම්පු යෙදීම තුලින් අපේ හිස කෙස් වල තියෙන ස්වභාවික තෙල් ගතිය ඉවත්ව යනවා, එහෙම වුනහම හිස කෙස් ඉතා ඉක්මනින් වියලෙන්න ගන්නවා. ඒ වගේම හිස් කබල වියලීම මඟින් හිස් හොරි තත්වයන් ඇති වෙලා ඔයාව අපහසුතාවයට පත් වෙන්නත් පුළුවන්.

5. කාර්යබහුල බවෙන් මිදෙන්න උත්සාහ කරන්න

කාර්යබහුල බව නිසා අපි කායිකව වගේම මානසිකවත් වෙහෙසට පත් වෙනවා. මේ හේතු දෙකම අපේ පෙනුමට බාධා කරනවා. ඒ නිසා ඉඳලා හිටලා වත් ඔයාගේ කයට මනසට විවේකයක් දෙන්න. මානසික ආතතියෙන් මිදෙන්න ඔයාට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. සිංදු ඇසීම, පොත් කියවීම, යාලුවෝ එක්ක විනෝද වීම වගේ දේවල් වලින් ඔයාට මේ කියන කාර්ය බහුල බවෙන් මිදෙන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 452 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 9:47:52 PM
Script:/article/452/its-very-easy-to-look-young.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 9:47:53 PM
Script:/article/452/its-very-easy-to-look-young.html