මුහුණට හැම සත්කාරයක්ම කරද්දී ඔයාට මඟ හැරුණු වැදගත්ම දේ

October 30, 2017
6,203
What you missed while you treat your face
සුන්දරත්වය රැක ගන්න උත්සාහ කරන හැම කාන්තාවක්ම තමන්ගේ පෙනුම, පැහැය ගැන වැඩි අවදානය යොමු කරද්දී අමතක කරන දෙයකුත් තියෙනවා. ඒ තමයි ඔයාගේ ඇස් දෙක. ඔයාගේ ලස්සන ඇස් දෙක ඔයාගේ සුන්දරත්වය තව තවත් වැඩි කරන්න ඔයාට උදවු වෙනවා. ඇස් යට කළු වීම කියන්නේ අද ගොඩක් දෙනෙක්ට තියන ගැටළුවක්. මේ නිසා ඔයාගේ පෙනුමට බාධාවක් වෙනවා වගේම වියපත් බවක් එක කරනවා.

ඇස් යට කළු වෙන්නේ මෙන්නේ මේ හේතු නිසා.

මානසික ආතතිය
නින්ද අඩු කම
වැඩි වෙලාවක් හැඬීම
පරිගණකය ඉදිරියේ වැඩි වෙලාවක් රැඳී සිටීම
පෝෂ්‍යදායි ආහාර නොගැනීම
ඇස් පොඩි කිරීම

වගේ හේතුන් රැසක් මේ තත්ත්වය ඇති වෙන්න බලපානවා.

ඇස් යට කළු වීම වලක්වන ඔයාට නිවසේදීම කර ගන්න පුළුවන් ප්‍රතිකාර රැසක් තියෙනවා. මේ දේවල් වලින් එකක් දෙකක් try කරලා බලන්න. ඔයාගේ සුන්දරත්වයට මෙතෙක් තිබුණු බාධාව පහසුවෙන්ම විසඳ ගන්න පුළුවන්.

1. ඔලිව් ඔයිල්

ඔලිව් ඔයිල් කියන්නේ ඇස් වටා ඇති අඳුරු බව ඉවත් කිරීම සඳහා යොදා ගන්න පුළුවන් ඉතාම හොඳ තෙල් වර්ගයක්. දිනපතා ඔලිව් ඔයිල් භාවිත කරන්න පුළුවන් නම් ඔයාට ඉක්මනින්ම ඇස් යට අඳුරුබව නැති කර ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඔලිව් තෙල් සමග විටමින් E මිශ්‍ර කර ආලේප කිරීමත් කරන්න පුළුවන්. රාත්‍රී නින්දට යාමට පෙර ඔලිව් තෙල් ස්වල්පයක් ගෙන ඇස් වටා ආලේප කර මෘදුව සම්බාහනය කරන්න. රාත්‍රිය පුරාම එය තිබෙන්නට හැර පසුදා උදෑසන සීතල වතුරෙන් සෝදා හරින්න. අඳුරු ගතිය නැතිවන තුරු දිනපතාම මෙය සිදු කරන්න.

2. දෙහි

කපු පුළුන් කැබැල්ලකින් දෙහි යුෂ ස්වල්පයක් ගෙන ඇස් වටා අලේප කරන්න. දෙහි වල ඇති විටමින් C ඇස් වටා ඇති අඳුරු පැහැය නැති කිරීමට උපකාරී වෙනවා. මෙය නිතර නිතර කරන්න යන්නත් එපා. එහම වුනොත් සම ඉක්මනින් වියලීමට ලක් වෙන්න පුළුවන්.

3. අර්තාපල්

අර්තාපල් පෙති දෙකක් ඇස් මත විනාඩි 20ක් පමණ වෙලාවක් තබාගෙන ඉන්න. ඒ වගේම අර්තාපල් යුෂ පුළුන් කැබැල්ලකින් ගෙන ඇස් වටා අලේප කරන්න. අර්තාපල් කියන්නේ ස්වභාවික බ්ලීචින් අඩංගු ඇස් යට අවපැහැ ගැන්වීම සුව කරන දෙයක්.

4. tea bag

පාවිච්චි කල tea bag කියන්නේ ඇස් වටා කළු වීම වලක්වන්න යොදා ගන්න පුළුවන් හොඳ ප්‍රතිකාරයක්. එහි ඇති කැෆේන් ඇස් වටා ඇති අඳුරු පැහැය හා රැලි වැටීම් නැති කිරීමට ක්‍රියා කරනවා. tea bag දෙකක් විනාඩි 20 ක් පමණ වෙලාවක් ඇස් මත තබා සිට ඉවත් කර පිරිසිදු වතුරෙන් මුහුණ සෝදා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 485 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:25:59 AM
Script:/article/485/what-you-missed-while-you-treat-your-face.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:25:59 AM
Script:/article/485/what-you-missed-while-you-treat-your-face.html