ගෙවෙන හැම මොහොතක්ම අපේ ජීවිත වලට එකතු කරන්නේ අලුත් බලාපොරොත්තු. ඒ අලුත් බලාපොරොත්තු තමයි අපිට ජීවත් වෙන්න පාර කියන්නේ. අපේ ජීවිතය අලුත් කරන ඒ බලාපොරොත්තු ඉටු කරගන්න තමයි අපි අපේ ජීවිතේ හැම මොහොතක්ම කැප කරන්නේ. ඒ නිසා ජීවිතේ ජීවත් කරවන අලුත් බලාපොරොත්තු ඉටු කරගෙන ජීවිතේ දිනන්න වෙර දරන ඔබ වෙනුවෙන්ම තමයි අද අපි මේ ලිපිය ලියන්නේ. ඔබට ඔබේ ජීවිතේ දිනන්නම අවශ්‍ය නම් අරලියත් එක්ක එකතු වෙලා මේ විදිහට හිතන්න. එතකොට ජීවිතය දිනන්න ඔබ දකින හීනය ඇත්තටම යථාර්තයක් වේවි.
01. අවශ්‍යතාවයට ගැලපෙන හොඳම දේ ගැන හිතන්න
අපිට ගොඩක් වෙලාවට වැරදෙන තැනක් තමයි අපේ අවශ්‍යතාවයට ගැලපෙන නිවැරදිම දේ අපිට හිතලා මතලා තීරණය කරගන්න බැරි එක. හරියට හිතලා බලන්නේ නැතුව අවශ්‍යතාවයට නොගැලපෙන දේවල් තෝර ගත්තම පස්සේ වෙන්නේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න. ඒ නිසා ජිවිතේ දිනන්න ඔබට අවශ්‍යයි නම් හොඳට හිතන්න ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන හොඳම දේ මොකක්ද කියලා මේ තීරණය හොඳට හිතලා බලලා ගන්න වෙලාවට අරලිය ඔබ ලඟින්ම ඉන්නවා ඔබට උරදෙන්න.හරියට ඔයා ජීවිතය දිනන්න යන ගමනේදී ඔයාගේ මුල්‍ය කටයුතු වලට ගැලපෙනම ගිණුම් ක්‍රමය අරලිය ඉතුරුම් ගිණුමද නැත්නම් අරලිය ජංගම ගිණුම් ක්‍රමයද කියලා ඔබට වටහලා දීලා ඔබව නිවැරදි මාවතට යොමු කරනවා වගේ.
02. ඔබට ලැබෙන කිසිම අවස්ථාවක් මඟ හරින්න හිතන්න එපා
ඔබට ජීවිතය දිනන්න තරම් හිතේ ශක්තියක් තියෙනවා නම් ඔබේ ජීවිතය දිනන ගමනට දිරි දෙන කිසිම අවස්ථාවක් මඟ හැරගන්න එපා. ඔබ අරලිය සමඟ සම්බන්ධ උනොත් ඔබට ලැබෙන මුල්‍ය නොවන සේවාවන් රැසක් තිබෙනවා මේ හැම දෙයක්ම ඔබට ලැබෙන්නේ ඔබේ ජීවිතය දිනන්න යන ගමන සාර්ථක කරගන්න. ව්‍යාපාර අරඹන්න තෙවන පාර්ශවිය උපදේශන සේවා, ගිණුම්කරණය සහ නීතිමය උපදේශන සේවා, සම්මන්ත්‍රණ / පුහුණු කඳවුරු / ව්‍යාපාරික හමුවීම් සහ පුද්ගල සංවර්ධන වැඩසටහන්, ව්‍යාපාරික රැස්වීම් පැවැත්වීමේ මධ්‍යස්ථාන, සහ ව්‍යාපාරය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය සියලුම ආකාරයේ රක්ෂනාවරණයන් ගැනත් ඔබව දැනුවත් කරනවා. මේ හැම දෙයක්ම ඔබට ලැබෙන හොඳ අවස්ථාවක්. ඒ නිසා මේ වගේ අවස්ථාවන් කිසිම එකක් මඟ හැරගන්න එපා.
03. ඔබට ලැබෙන දේවල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න හිතන්න
අපි ජිවිතේ දිනන්න උත්සහ කරන ගමනේදී අපිට ඕනේ තරම් අවස්ථාවන් ලැබෙනවා. ඒ ලැබෙන අවස්ථාවන් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගත්තොත් ජිවිතේ දිනන එක අපි හිතනවටත් වඩා පහසුයි.අරලිය ඔබට ජීවිතය දිනන්න හොඳම අවස්ථාවන් ලබාදෙන තැනක්. ව්‍යාපාර වල ඇතිවෙන විවිධ ආකාරයේ අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයේ ණය යෝජනා ක්‍රම තුනක් ම දැන් තියෙනවා. GOODS Loan ( නිෂ්පාදන අමුද්‍රව්‍ය, සැපයුම් මුල්‍යකරණය කිරීමේ ණය), CAPEX Loan (ප්‍රාග්ධන වියදම් මුල්‍යකරණය), BIL (ව්‍යාපාර සඳහා වාරිකමය ණය) අරලිය ඔබට ලබාදෙන මේ අවස්ථාවන් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඔබ උත්සහ කරොත් ඔබට ඇත්තටම ජීවිතය දිනන්න පුළුවන්.
04. අලුත් දේවල් එක්ක අලුත් වෙන්න හිතන්න
අපි ජිවත් වෙන වට පිටව මොහොති මොහොත අලුත් වෙනවා. ජීවිතය දිනන්න උත්සහ කරන ගමනේදී අපිටත් මේ අලුත් දේවල් එක්ක අලුත් වෙන්න වෙනවා. හැමදාම හිටපු විදිහ වෙනස් කරලා smart ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න අලුත් දේවල් අත් දකින්න ඔබේ ගතවෙන හැම මොහොතක්ම සැහැල්ලුවෙන් ගත කරන්න අවශ්‍ය වට පිටවත් අරලිය ඔබට ලබාදෙනවා. අරලිය ඩෙබිට් කාඩ්පත්, ක්‍රෙඩිට් කාඩ් පත් . අරලිය චෙක් පොත්. ඉන්ටෙර්නෙට් banking, SMS දැනුම්දීමේ සේවා ඇතුළු විශේෂිත වූ සේවාවන් රැසක්ම අරලිය ඔබට ලබා දෙන්නේ අලුත් වෙන ලෝකයත් එක්ක ඉදිරියටම ගිහින් ජීවිතය දිනන්න.
05. ඔබට ලැබෙන උපරිම වාසිය ගැනත් හිතන්න
ඔබ තෝරාගන්න දේවල් නිසා ඔබට පාඩුවක් වෙනවට වඩා ඔබ නොහිතන විදිහේ වාසි සිදු වෙනවා නම් ඒ නිසා ඔබේ ජීවිතය දිනන ගමනට ලැබෙන්නේ ලොකු ශක්තියක්. අරලිය කියන්නේ ඔබට ඔබ නොහිතන තරම් සේවාවන් රැසක් ඔබට ලැබෙන තැනක්. අරලිය ඔබේ ගිණුම් පවතින ශේෂය මත.ඔබට විවිධ ප්‍රතිලාබ රැසක් ඇතුලත් රක්ෂණයක් ලබාදෙන්නේ ඔබට බැංකු ගිණුමකින් ලබාගත් හැකි උපරිම වාසිය ලබා දෙමින්.
ඔබට හැම අතින්ම ජීවිතය දිනන්නට අවශ්‍ය වටපිටාව සකස් කරගන්න අරලිය ඔබට ලබා දෙන්නේ ඔබ අරලිය වෙතින් බලාපොරොත්තු වෙනවාටත් වඩා ලොකු සේවාවක්. අපි මේ ලිපියෙන් අරලිය ගැන ඔබට නොකියූ දේවල් තව ගොඩක් තියෙනවා අරලිය ගැන තව තවත් දැනගෙන ඔබේ ජීවිතය ජය ගන්න අවශ්‍ය නම් පහලින් තියෙන ලින්ක් එක click කරලා අරලිය ගැන හැම දෙයක්ම දැනගන්න ඔයාට පුළුවන්.
Click Here