ගස්ලබු කොළ පානයේ විශ්මිත ප්‍රතිඵල ඇහුවොත් ඔබ පුදුම වෙනවා

November 16, 2017
6,172
Amazing benefits of papaya leaf
ගස්ලබු කියන්නේ අපිට සෞඛ්‍ය ප්‍රතිලාබ රැසක් ලබා දෙන අතිශය වටිනා පළතුරක්. ඒ වගේම ගස්ලබු කොළ පානයෙන් නොසිතු සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් වගේම ප්‍රයෝජන ගණනාවක්ම ලබා ගන්න පුළුවන්. එහි ඖෂධිය වටිනාකම ලෙඩ රෝග රැසකටම සුවය දෙනවා. ඒ වගේම අත්‍යාවශ්‍ය පෝෂණ කොටස් රාශියක්ම ගස්ලබු කොළ වල අඩංගු වෙනවා. ඒ අතර

කැල්සියම්

විටමින් A

විටමින් B

විටමින් C

විටමින් D

විටමින් E

පොස්පරස්

යකඩ

ප්‍රතිඔක්සිකාරක

ඒ අතර වෙනවා. ගස්ලබු කොළ පානය සකස් කර ගන්නේ මෙහෙමයි.

නොමේරු ගස්ලබු කොළ කිහිපයක් අරගෙන හොඳින් සෝදලා කුඩා කෑලි වලට කපා ගෙන පිරිසිදු බඳුනකට දා ගන්න. එයට වතුර ලීටර් 1.5ක් 2ක් පමණ එකතු කරලා මද ගින්නේ රත් කර ගන්න. වතුර ප්‍රමාණයෙන් බාගයක් විතර හිඳුනට පස්සේ ලිපෙන් බාගෙන් නිවෙන්න තියලා පසුව පානය කරන්න.

ගස්ලබු කොළ පානය මඟින් රෝගාබාධ රැසක් සුව කරනවා.

1. පිළිකා වැළැක්වීම. පිළිකා තත්ත්වයන්ට හේතු වන සෛල වල වර්ධනය වැළැක්වීම මගින් පිළිකා මර්ධනය කරයි.

2. ඩෙංගු සුව කිරීම. ඩෙංගු රෝගයේදී අඩු වන රුධිර පට්ටිකා වර්ධනය කිරීම සඳහා උපකාරී වෙනවා.

3. බැක්ටීරියා නාශකයක්. ඒ මඟින් අහිතකර බැක්ටීරියා වර්ධනයට බාධා පමුණුවනවා.

4. දියවැඩියාව පාලනය කරයි. රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කරන්න ගස්ලබු කොටා පානයට පුළුවන්.

5. මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිබැක්ටිරියා දියවැඩියා රෝගීන්ගේ තුවාල ඉක්මනින් සුව කරයි

6. මැලේරියා වෛරසයට එරෙහිව සටන් කරයි.

7. ආහාර ජීර්ණය පහසු කරවමින් මලබද්ධය සුව කරයි.

8. ඔපස් වේදනාව අවම කරයි.

9. හිස කෙස් වර්ධනය කරයි.

මෙන්න මේවා තමයි ඔබ නොසිතු ගස්ලබු කොළ පානයේ විශ්මිත ප්‍රතිඵල.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to reduce under arm sweating
   6,382
   23

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Changes in your body if you consume cod-liver oil daily
   91,991
   18

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Symptoms to say you are pregnant
   43,583
   17

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Dress patterns for flower prints
   61,519
   17

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා

Latest Articles

Most Viwed