අපි නොහිතන නමුත් ඇස් වලින් කියවෙන ලෙඩ රෝග

April 18, 2017
7,608
Things Your Eyes Can Tell About Your Health
ඇස් දෙක කියන්නේ අපිට තියෙන වැදගත්ම ඉන්ද්‍රියන් ගෙන් එකක්. මේ නිසා අපේ ජිවිතයේ ඇස් දෙකට හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයක්. කතාවටත් කියනවනේ වචනයෙන් කියන්න බැරි ගොඩක් දේවල් කෙනෙක්ගේ ඇස් දෙකෙන් කියවෙනවා කියලා. හැබැයි ඉතින් ඇස් වලින් කියවෙන්නේ අපේ හැගීම් ගැන විතරක් නෙවෙයි. අපේ නිරෝගී කම වගේම අපිට තියෙන ලෙඩරෝග බොහොමයක් ගැනත් ඇස් වලින් කියවෙනවා. මේ නිසා මේ දේවල් ගැන දැනුවත්ව ඉන්න එක අපේ ජිවිත වලට වටිනවා. මේ වෙනස්කම් ඔබේ ඇස් වලත් දකින්න තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔබේ අවධානය ඒ ගැන ඉක්මනින්ම යොදවන්න.

1. ඇසේ කෙළවරක තිබෙන සුදු පැහැති කැළැල්

මෙය contact lenses භාවිතා කරන පුද්ගලයන් අතර සාමාන්යෙන් දකින්නට ලැබෙන තත්වයක්. ඒ වගේම එය corneal අසාදන තත්වයක්ද විය හැකියි. contact lenses පැලදීම නිසා ඇසේ ඇතිවෙන සුළු සුළු රෝග තත්වයන් පසුකාලීනව බරපතල අසාදන දක්වා වර්දනය විය හැකියි. කල් ඉකුත්වූ contact lenses සහ දිනපතා වැඩි වෙලාවක් contact lenses දමාගෙන සිටින (රාත්‍රී කාලයේත්) පුද්ගලයන් හට මේ තත්වය ඇතිවීමේ අවධානම වැඩියි.

2. ඇසේ කළු ඉංගිරියාව වටේ සුදු පැහැ වීම

මෙය වයස්ගත වීමත් සමග සාමාන්යෙන් ඇතිවෙන තත්වයක්. නමුත් ඔබ මැදි වයසේ පසුවෙන අයෙක් නම් මෙම තත්වය ඉහළ කොලෙස්ටරෝල් සහ triglycerides මට්ටමක් පිළිබදව අනතුරු ඇගවීමක් විය හැකියි. ඒ වගේම මේ මගින් ඔබට ඇති හෘද රෝග වැළදීමේ අවදානම වගේම ආඝාතය වැළදීමට ඇති අවධානමත් පෙන්නුම් කරනු ලබනවා. මේ නිසා ඔබ වයසට යාමට පෙර මෙවැනි තත්වයක් ඇතිවුවහොත් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න.


3. රතු පැහැ වුන ඇස්

මේ තත්වය ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබීම, අදික වශයෙන් ඇස් වෙහෙසවා වැඩ කිරීම, සුළග සහ හිරු එළිය නිසාත් ඇතිවිය හැකියි. නමුත් මෙවැනි කිසිදු හේතුවක් නොමැතිව ඔබේ ඇස් රතු වෙලා නම් එය ග්ලුකෝමා තත්වය සහ දියවැඩියා තත්වයක් පිළිබදව ඔබට අනතුරු ඇගවීමක් විය හැකියි.

4. වියළි ඇස්

වියළි ඇස් නිසා ඔබට ඇතිවෙන්නේ මහත් අපහසු තාවයක්. වියලි ඇස් ඔබ පොඩි කරන විට ඇස වටා තිබෙන සිසුම් සමට හානි සිදුවෙනවා. මේ නිසා ඇස වටා සම එල්ලා වැටීමත් රැලි වැටීමත් සිදුවෙනවා.

5. වර්ණයක් නොමැති පැල්ලම් පෙනීම

සාමාන්යෙන් අවුවේ සිටිය විට සහ යමක් දෙස එක එල්ලේ බලාගෙන සිට වෙනත් දෙසක් බැලුව විට මේ වගේ පල්ලම් අපිට දකින්නට ලැබෙනවා. නමුත් එහෙම නැතුව ඔබට නිතර මෙලෙස පෙනෙනවා නම් අනිවාර්යෙන්ම ඔබ වෛද්‍යවරයෙක් මුණගැසී ඇස් පරික්ෂා කරගත යුතුයි.

6. කහ පැහැ වුන ඇස්

මෙය තරමක් අනතුරුදායක තත්වයක්. හෙපටයිටිස් රෝගී තත්වයේ ප්‍රධානම රෝග ලක්ෂණයක් වෙන්නේ කහ පැහැ ගැන්වුන ඇස්. මේ නිසා මෙවැනි තත්වයක් ඔබට පවතිනවා නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 221 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:08:48 PM
Script:/article/221/things-your-eyes-can-tell-about-your-health.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:08:49 PM
Script:/article/221/things-your-eyes-can-tell-about-your-health.html