මේ ආහාර වර්ග වැඩිපුර ගත්තොත් ඔයා ඉක්මනටම වයසට යාවි

November 21, 2017
5,809
You will aged soon if you eat these food
සමහර අයට වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා කිව්වට ටිකෙන් ටික තමන්ගේ සුන්දරත්වය අහිමි වෙද්දී ඕනම කෙනෙක් ඒ ගැන ටිකක් හිතනවා. එත් ඉතින් අපිට ස්වභාවධර්මයට පිටින් යන්න බැහැ. වයසට යන එක නතර කරන්න බැහැ. හැබැයි තරුණ පෙනුම රැක ගන්න යම් යම් දේවල් කරන්න පුළුවන්. ඒ අතරේ ඔය නිතරම මෙන්න මේ ආහාර වර්ග ගන්නවා නම් පුළුවන් තරම් ඒවා අඩු කරන්න. මේවයින් ඔයාගේ පෙනුමට වයසට වඩා වියපත් බවක් එක් කරනවා.

1. කැෆේන් අධික ආහාර. තේ, කෝපි වැනි පානයන්, ශක්තිජනක පාන, සෝඩා මෙන්ම චොකලට්, පරිභෝජනය කිරීමෙන් සම ඉතා ඉක්මනින් විජලනයට ලක් වෙනවා.

2. ලුණු භාවිතය අවම කරන්න. සෝඩියම් අධික ආහාර වැඩිපුර ගැනීමෙන් සම ඉක්මනින් වයසට යනවා. ඒ වගේම හදවත් රෝග ඇති කරන්නත් එය හේතුවක්.

3. සීනි අධික ආහාර නිසා රුධිරයේ ග්ලුකෝස් මට්ටම ඉහල යවනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සමේ ඇදෙන සුළු බව නැති වෙනවා. එතකොට සම රැළි වැටෙනවා.

4. කලින් පිළියෙළ කල මස් වර්ග ආහාරයට ගැනීම හැකි තරම් අවම කරන්න. සොසේජස්, මීට් බෝල්, බේකන් වැනි ආහාර වල ඇති කල් තබා ගැනීමේ රසානිකයන් නිසා සම ඉක්මනින් වියපත් කරනවා.

5. පිළිස්සූ මස් වලින් සමේ ඉදිමුමක් ඇති කරන්න පුළුවන් අහිතකර දෑ නිකුත් වෙනවා. ඒ වගේම එයින් සමේ ඇති කොලජන් අහිමි කරවනවා.ඒ හේතුවෙන් සම ඉක්මනින් වයසට යනවා.

6. අධික ලෙස මිරිස් යෙදු සැර අධික ආහාර වලින් ඈත් වෙන්න. මිරිස් ඇතුළු කුළුබඩු හැකි තරම් සිමා කරන්න. සැර අධික ආහාර වලින් සමේ පැහැයට හානි කරනවා.

7. කිරි සහිත ආහාර. කිරි සහිත ආහාර සියල්ලක්ම සමට අහිතකර නැහැ, නැවුම් කිරි, යෝගට් සමට ඉතාමත් හිතකරයි. නමුත් විශේෂයෙන් විවිධ ආකාරයට පිළියෙළ කල චීස් වර්ග සමට එතරම් සුදුසු වෙන්නේ නැහැ.

8. පොප් කෝන්. පොප් කෝන් වලට ගොඩක් දෙනෙක් ප්‍රිය කරනවා. ඒත් එහි අඩංගු ට්‍රාන්ස් කියන මේද කොටස් හදවතට වගේම සමටත් හිතකර වෙන්නේ නැහැ. සම මත ඇති වන ඇක්නි වලට මෙය හේතුවක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 532 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:37:36 AM
Script:/article/532/you-will-aged-soon-if-you-eat-these-food.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:37:36 AM
Script:/article/532/you-will-aged-soon-if-you-eat-these-food.html