ලෙඩ රෝග රැසක අවදානමෙන් මිදෙන්න දැන් එකම විසඳුමක්

February 12, 2018
12,470
This food will defend you from many diseases
ලෙඩ රෝග කියන්නේ ඉතින් අපි හැමෝටම පොදු වුනු දෙයක්නේ. ඇහුවොත් ඉතින් කාටත් කියන්න මොකක් හරිම දෙයක් තියෙනවා. ගොඩාක් වෙලාවට අපි ලෙඩ හදා ගන්නේ අපේම වැරදි වලින්. අපේ ආහාර රටාවේ හා ජිවන රටාවේ වැරදි නිසා අපි දා ගන්න බොහොමයක් ලෙඩ වලින් මිදෙන්න තියෙන හොඳ විසඳුමක් කියන්න යන්නේ. කාටත් ලෙහෙසියෙන් පහසුවෙන් හොයා ගන්න පුළුවන් දෙයක් තමයි ළූනු කියන්නේ. ඒ වගේම දිනපතා අපේ ආහාරයට එකතු කර ගන්න දෙයක්. එත් ළූනු වලින් අපේ සෞඛ්‍යට ලැබෙන මේ ප්‍රතිලාභ ගැන මීට කලින් දැන ගෙන හිටියේ නෑ නේද?

1. ආසාදන වලින් වැළකීමට ළූනු හොඳ ස්වාභාවික විසඳුමක්. එමෙන්ම එය විෂබීජ නාශකයක් විදියටත් ක්‍රියා කරනවා. විවිධ ආසාදනවලින් අප ආරක්ෂා කිරීමට ළූණු වල මෙම ලක්ෂණ උපකාරි වෙනවා. විවිධ ආසාදන, උණ, සෙම්ප්‍රතිශාව වැනි තත්ත්වයන්ට ළූණු ඉක්මන් සුවය ලබා දෙනවා.

2. ළූණු කියන්නේ විටමින් C වලින් පොහොසත් ආහාරයක්. විටමින් C පිළිකා තත්වයන් සුව කිරීමට වගේම පිළිකා සෛල වර්ධනය වීම අවම කරනවා. ඒ නිසා ළූණු ආහාරයට එකතු කර ගැනීමෙන් පිළිකා රෝගීන්ට පමණක් නෙවෙයි එවැනි භයානක තත්ත්වයන් ඇති වෙන්න කලින් ඔබටත් ආරක්ෂා වෙන්න පුළුවන්.

3. ආහාර ජීර්ණය සම්බන්ධ ගැටළු තියෙන අයට ළූණු කියන්නේ හොඳ ඖෂධයක්. ආහාර ජීර්ණය නිසි පරිදි සිදු නොවීම නිසා මලබද්ධය වැනි රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. නමුත් ළූණු එයට හොඳ විසඳුමක්. ආහාර පද්ධතියේ ක්‍රියාකාරිත්වය ක්‍රමවත් කරන්න ළූණු වලට හැකියාව තියෙනවා.

4. ළූණු වලට රුධිර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමත් කරන්න පුළුවන්. ළූණු වලින් සිරුරට අහිතකර කොලෙස්ටරෝල් දහනය කරනු ලබනවා. ඒ මඟින් හෘද රෝග, ආඝාතය වැනි තත්ත්වයන් ඇති වීම වළක්වනවා.

5. රුධිර සීනි මට්ටම පාලනය කරයි. ඒ කියන්නේ ළූණු වලින් ශරීරයේ ඉන්සියුලින් ප්‍රමාණය වැඩි කිරීමට උපකාර කරනවා. ඒ මඟින් දියවැඩියා රෝගය පාලනය වෙනවා.

6. සුවදායක නින්දට උපකාර කරයි. නින්ද සම්බන්ධ ගැටළු තියෙන අයට විශේෂයෙන් නින්ද නොයෑම නිසා පිඬා විඳින අය අනිවාර්යෙන් වැඩිපුර ළූණු පරිභෝජනය කිරීමෙන් සුවදායක රාත්‍රී නින්දක් ලබා ගන්න පුළුවන්.

7. අස්ථි පද්ධතියේ සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහාත් ළූණු උපකාර කරනවා. ශක්තිමත් හා සෞඛ්‍ය සම්පන්න අස්ථි පද්ධතියක් ලබා දෙන්න ළූණු වල ඇති පෝෂ්‍ය පදාර්ථයන් ඉවහල් වන බව සමීක්ෂණ වලට අනුව තහවුරු වුනු දෙයක්. විශේෂයෙන් වයස්ගත වීමත් සමඟ ඇති වන ඔස්ටියෝපොරෝසිස් අවදානම අවම කරන්න ළූණු වලට පුළුවන්.

8. ඇදුම රෝගයෙන් පිඬා විඳින අය අනිවාර්යෙන් ළූණු ආහාරයට ගැනීම වැඩි කල යුතුයි. ඇදුම රෝගය සඳහාතියෙන හොඳම ඖෂධයක් තමයි ළූණු කියන්නේ

9. හිසකෙස් වල පවතින ගැටළු සඳහාත් ළූණු භාවිතා කරන්න පුළුවන්. ළූණු යුෂ ඔබේ හිස්කබලේ ආලේප කිරීමෙන් අකලට හිස කෙස් වැටීම පාලනය කර ගන්නත් හිසකෙස් වල වර්ණය පවත්වා ගැනීමටත් පුළුවන්.

මේ ප්‍රතිලාභ වලට අමතරව මුඛ සෞඛ්‍ය රැක ගන්නත්, පෙනීමේ දුර්වලතා වලටත්, ශරීරයේ ඇති වන වේදනාවන් වලටත්, අව්වට පිළිස්සුනු සමටත්, සම මත ඇති වන ඇක්නි තත්ත්වයන් ඇතුළු ගැටළු රාශියකට තියෙන කදිම විසඳුමක් තමයි ළූණු කියන්නේ. ඒ නිසා ඔයාගේ ආහාර වේලට ළූණු එකතු කර ගැනීමේ වැදගත්කම දැන් දන්නවා නේද?

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 659 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:53 AM
Script:/article/659/this-food-will-defend-you-from-many-diseases.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:54 AM
Script:/article/659/this-food-will-defend-you-from-many-diseases.html