පිළිකාවේ මුල් කාලින රෝග ලක්ෂණ හඳුනාගෙන ඔබේ වටිනා ජීවිතය රැක ගන්න

November 27, 2017
9,461
Symptoms of cancer
පිළිකාව මොන වගේ  භයානක රෝගී තත්ත්වයක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ ගැන හැමෝම දැනුවත්. ඒ වගේම ඒ  වගේ තත්ත්වයකට මුහුණ දෙන්න ජීවිතේට ආදරය කරන කිසිවෙක් කැමති වෙන්නේ නැහැ. ඒ නිසාවෙන්ම මේ කියන රෝග ලක්ෂණ ගැන ඉතා වැඩි සැලකිල්ලක්, අවදානයක් ලබා දෙන්න. පිළිකාවේ මුල් කාලින රෝග ලක්ෂණ මුල් අවදියේම හඳුනාගෙන පිළිකා මාරයාගෙන් දිවි බේරා ගන්න. 

කිසිම විටක මේ රෝග ලක්ෂණ නොසලකා හරින්න එපා. එහෙම වුණොත් එය ඔබ විසින්ම ඔබේ ජීවිතය අනතුරේ හෙලීමක් වෙනවා. 

1. මුඛ පිළිකාවේ මුල් කාලීන රෝග ලක්ෂණ

මුඛයේ සුව නොවන තුවාල
වේදනාවක් නොමැති සුදු හෝ රතු ලප
දිව චලනය කිරීමේ අපහසුතා
මුඛය විවර කිරීමේදී ඇති වන දුර්වලතා
තොල් සුදුමැලි වීම, රළු වීම

2. පෙනහළු පිළිකාවේ මුල් කාලීන රෝග ලක්ෂණ

කල් පවතින කැස්ස
පපුවේ වේදනාව
හුස්ම ගැනීමේ අපහසුතා
හුස්ම වල කෙටි බව කිසිම වෙලාවක නොසලහරින්න එපා

3. පියයුරු පිළිකාවේ රෝග ලක්ෂණ

මෑතකදී පියයුරු වල ඇති වූ වෙනස්කම්
පියයුරු වල වල ගැසීමක්
පියයුරු වල ඉදිමීමක් හෝ ගැටිත්තක්
පියයුරු මත ඇති වන තුවාලයක් හෝ දදයක් වැනි තත්ත්වයක්
තන පුඬුවෙන් කිරි නොවන වෙනත් ශ්‍රාවයක් පිට වීම

4. පුරස්ථි ග්‍රන්ථි පිළිකාවේ මුල් අවදියේ රෝග ලක්ෂණයන්

නිතර නිතර මුත්‍ර කිරීමේ අවශ්‍යතාව
මුත්‍රා කිරීමේ අපහසුතා
මුත්‍රා සමඟ රුධිරය පිට වීම
රාත්‍රියට ඇති වන නිතර නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාව

මේ ලක්ෂණ වලට අමතරව නියපොතු වල ඈති වන වෙනස් කම්, නියපොතු අවපැහැ වීම, දුඹුරු පැහැ ලප හෝ රේඛා, වැනි ලක්ෂණ පිලිකාවේ  මුල් කාලීනව හඳුනා ගත හැකි තවත් ලක්ෂණයන්. විශේෂයෙන් අක්මාව ආශ්‍රිතව ඇතිවන පිළිකා නිසා මේ ලක්ෂණ පෙන්නම් කරන්න පුළුවන්.

ඒ වගේම ආහාර ගිලීමේදී ඇති වන වේදනාවන්ද පිළිකාවේ තවත් රෝග ලක්ෂණයක් විදියට හඳුන්වන්න පුළුවන්. පෙනහළු පිළිකා සහ ගැබ් ගෙළ ආශ්‍රිතව ඇති වන පිළිකා වල පූර්ව ලක්ෂණ ලෙස මෙය හඳුනා ගන්න පුළුවන්.

 ජීවන රටාවේ හෝ ආහාර පාලනයේ කිසිඳු වෙනස්කමක් නොකර සිරුරේ බර අතිශය ලෙස අඩු වීමත් පිළිකාවේ තවත් රෝග ලක්ෂණයක්. ඒ වගේම ආහාර රුචිය සඳහා ලොකු බලපෑමක් කිරීමේ හැකියාවත්  තියෙනවා. ඒ නිසා අසාමාන්‍ය ලෙස සිරුරේ බර අඩු වීම ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. 

නිතර නිතර අසනීප වීම. උණ, සෙම්ප්‍රතිශාව වැනි රෝග වලට නිතරම ගොදුරු වීම ලියුකේමියා රෝගයේ මුලික ලක්ෂණයක්. ශරීරයේ සුදු රුධිරානු අසාමාන්‍ය ලෙස වැඩි වීම නිසා ඉතා ඉක්මින් රෝග වලට ගොදුරු වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 541 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:56:38 AM
Script:/article/541/symptoms-of-cancer.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:56:38 AM
Script:/article/541/symptoms-of-cancer.html