ශරීරයෙන් පිට වෙන දුර්ගන්ධය ඇති වෙන්නේ මේ හේතු 7 නිසායි

June 10, 2020
11,274
7 reasons to sweat with bad odour
කාන්තා පිරිමි කියලා භේදයක් නැතුව ගොඩක් දෙනෙක් මුහුණපාන ගැටළුවක් තමයි මේ. රස්නේ නිසා ඔයාට අධික ලෙස දහඩිය දමනවා.  දහඩිය අධික දුර්ගන්ධයෙන් යුක්ත වීම නිසා ඔයා වගේම වටපිටාවේ ඉන්න මිනිසුන් පවා පීඩාවට පත් වෙනවා. සමහර අවස්ථාවට මේ දුර්ගන්ධය අපිට දැනෙන්නේත් නැහැ, ඒත් අපි අවට ඉන්න අයට දැනෙනවා. අද හැඩකාරී අපි ඔයාට ශරීරයෙන් පිට වෙන දුර්ගන්ධය ඇති වෙන්න හේතු 7ක් ගැන කියලා දෙනවා.

ඔයාට දහඩිය පිට වෙන ග්‍රන්ථි වර්ග දෙකක් තියෙනවා. එනම් එක්රීන් ග්‍රන්ථි සහ ඇපොක්රින් ග්‍රන්ථියයි. එක්රින් ග්‍රන්ථිය සමේ පහළ ස්ථරයේ පිහිටා තිබෙන අතර සෘජුවම සම මතුපිටට දහඩිය මුදා හරිනවා. නමුත් මෙම ග්‍රන්ථි ඔයාගේ ශරීරය සිසිල් කිරීමට උපකාරී වනවා.
 
එක්රීන් වගේ නෙමෙයි, ඇපොක්රීන් ග්‍රන්ථි පවතින්නේ ශරීරයේ තෝරාගත් ප්‍රදේශවල පමණයි. සම මතුපිට දහඩිය ඇති කිරීම වෙනුවට ඇපොක්රීන් ග්‍රන්ථි මගින් රෝම කූපවල​ට දහඩිය මුදා හරින අතර ශරීර උෂ්ණත්වය ඉහළ යන විට ඒවා ක්‍රියාකාරී වෙනවා.මේ නිසා දුර්ගන්ධය සඳහා ඇපොක්රීන් ග්‍රන්ථිය තමයි ප්‍රධානවම බලපාන්​නේ.

දහඩිය දැමීම සාමාන්‍ය ශාරීරික කාර්යයක් වන අතර එය උෂ්ණත්වය පාලන​ය කිරීමට සහ ශරීරයෙන් විෂ ඉවත් කිරීමට හේතුවනවා. ස්වාභාවිකවම ගන්ධ රහිත දහඩිය සම මත ජීවත්වන බැක්ටීරියා සමඟ ස්පර්ශ වූ විට පමණක් සුවිශේෂී දුර්ගන්ධයක් එක් කරනවා. 

දැන් අපි බලමු මොනවාද ශරීරයෙන් ගන්ධය පිට වීමට හේතු වන කාරණා කියලා

ඔයාගේ බර වැඩිවී ඇත් නම් 
ශරීරයේ දුර්ගන්ධය ඇති වන්නේ ශරීරයේ තෙතමනය සහිත ප්‍රදේශවල ජීවත් වන බැක්ටීරියා නිසායි. ඔයාගේ ශරීරය සෞඛ්‍ය සම්පන්න බර ඉක්මවා ඇත්නම්, සම තුළ නැමුම් ඇතිවී දහඩිය රඳවා තබා ගත හැකි අතර එය බැක්ටීරියා වර්ධනය වීමට සුදුසු පරිසරයක් වනවා.

කුළුබඩු, රසකාරක සහිත ආහාර වැඩිපුර ගැනී​ම
ඔයා කන කෑම අනුව දහඩියවල ගන්ධය තීරණය වෙනවා. සුදුළූණු සහ ළූණු වැනි ආහාර ඔයාගේ මුඛයෙන් පිටවන ප්‍රාශ්වාසයට ගන්ධයක් එක් කරනවා විතරක් නෙමෙයි, ශරීරයෙන් ගන්ධයන් පිට කරන්නටත් හේතු වෙනවා. අධික කුළුබඩු සහිත ආහාර ගත් විට ශරීරයෙන් සල්ෆර් වැනි සංයෝග නිකුත් කරනවා. මෙම සංයෝග සම හරහා විනිවිද ගොස් දහඩිය සමඟ ප්‍රතික්‍රියා කර ගන්ධය වැඩි කරනවා.

සමහර එළවලු වර්​ග
ඔයාගේ ශරීරයෙන් පිට වන දුර්ගන්ධයට හේතුව ඔයා ආහාරයට ගත් හරිත පැහැති එළවළු වෙන්න පුළුවන්. කුළුබඩු මෙන්ම සමහර හරිත එළවළු එනම් ගෝවා, වට්ටක්කා, බ්රොකොලි වල සල්ෆර් අඩංගු වෙනවා. නමුත් මෙය ඔයාගේ ශරීරය සෞඛ්‍ය සම්පන්න කරනවා. එ නිසා අත්හැර දමන්න එපා. විශාල වශයෙන් ආහාරයට ගැනීම අඩු කරන්න.
 
මත්පැන් පාන​ය
ඔයා වැඩිපුර මධ්‍යසාර බොනවාද? ඔයා අධික ලෙස පානය කිරීමෙන් අයහපත් ප්‍රතිඵල දැක ගන්න ලැබෙනවා. ඔයාගේ ශරීරය ඇල්කොහොල් අවශෝෂණය කරන විට එය ඇසිටික් අම්ලයට පරිවෘත්තීය වනවා. මෙම ඇසිටික් අම්ලය දහඩිය සමේ බැක්ටීරියා සමඟ ප්‍රතික්‍රියා කර නරක ගන්ධයක් ඇති කරනවා.

ඔයා ඖෂධ භාවිත කරනවා නම් 
දියවැඩියාව සහ තයිරොයිඩ් වැනි ඇතැම් රෝගාබාධ නිසා කෙනෙකුට වැඩිපුර දහඩිය දමන්න පුළුවන්. ඔයාට දුර්ගන්ධය දැනෙනවා නම් ඔබ ලබාගන්නා ඖෂධද ඊට හේතුවක් වෙනවා. කොහොම වුණත් ඔයාගේ ශරීරයේ දුර්ගන්ධයේ  අමුතු වෙනසක් දැනුනොත්, එය වකුගඩු හෝ අක්මාව සම්බන්ධ ගැටළු වල ලකුණක් වන්නටත් හැකියි. මෙය වෛද්‍යවරයෙකුගේ අවධානයට යොමු කිරීම වඩාත් සුදුසුයි.

ඔයා ආතතියට පත්ව සිටී නම්
ඔයා මානසික ආතතිය හා කාංසාව වැනි හැඟීම් අත්විඳින විට, ඔයාගේ ඇපොක්රීන් ග්‍රන්ථි දිගටම වැඩ කරන අතර අධික ලෙස දහඩිය දමනවා.  මෙම ග්‍රන්ථිය මගින් අප්‍රසන්න ගන්ධයක් ඇති කරනවා.

ඔයා ආර්තවහරණ​ය
මෙම අදියරේදී ඊස්ට්‍රජන් මට්ටම පහත වැටෙන අතර ඔයාගේ සිරුරට අධික ලෙස දහඩිය දැමීමට තුඩු දෙනවා. මෙය ශරීර ගන්ධයට හේතු විය හැකියි. හෝමෝන වෙනස්කම් කෙනෙකුගේ මනෝභාවයට බලපාන අතර ආතතිය පිළිබඳ හැඟීම් වර්ධනය කරවනවා, එමඟින් දහඩිය තව දුරටත් නරක අතට හැරෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1643 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:13:59 AM
Script:/article/1643/7-reasons-to-sweat-with-bad-odour.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:13:59 AM
Script:/article/1643/7-reasons-to-sweat-with-bad-odour.html