ලෙන්ටිල් සුප් (ධාන්‍ය) - Recipe

December 1, 2017
1,751
Lentil Soup Recipe
 
ගතවන කාලය විනාඩි 45

6 දෙනෙකු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

රතු හාල් ග්‍රෑම් 50
කොල්ලූ ග්‍රෑම් 20
මුං ඇට ග්‍රෑම් 20
කඩල ග්‍රෑම් 20
බාර්ලි ග්‍රෑම් 10
මයිසූර් පරිප්පු ග්‍රෑම් 20
කව්පි ග්‍රෑම් 20
පොල් තෙල් තේ හැඳි 1
වතුර ලීටර් 1
කපාගත් ලොකු ලුනු තේ හැඳි 1
කපාගත් සුදු ලුනු තේ හැඳි 1
සැල්දිරි ස්වල්පයක්
ලූණු කුඩු තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2

සාදන ක්‍රමය

1. පළමුව ඉහත සඳහන් ධාන්‍ය සියල්ල හොඳින් සෝදා පෙඟෙන්න හරින්න.

2. භාජනයක් ලිප තබා එයට තෙල් දමා ලුනු, සුදු ලුනු, සැල්දරි දමා රන්වන් පැහැවන විට ධාන්‍ය දමා වතුරද දමා විනාඩි 30 ක් පමණ තම්බා ගන්න.

3. පසුව බ්ලෙන්ඩර්කර පෙරාගන්න.

4. එයට ලූණු, ගම්මිරිස් දමා නැවත රත්කර පිළිගන්වන්න.

මෙය ධාන්‍ය වර්ග 7ක එකතුවෙන් හදන ඉතාමත් ශක්ති ජනක පානයකි. මෙය බාල, මහළු කාටත් පානය කළ හැක. විශේෂයෙන් ශක්තිය ඇතිවේ. ශරීරයේ දාහය නැතිවේ. මළ බද්ධය දුරුවේ. ශක්ති ජනකයි. උෂ්ණ ශරීර ඇති අයට ගුණදායකයි. ධාතු ශක්තිමත් කරයි. පොදුවේ භාවිත කළ හැක.

අධික මේදය ඇති අය, රුධිර පීඩනය ඇති අය ලූණු අඩුවෙන් හා තෙල් අඩුවෙන් යොදාගන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Why you should live separately from parents after marriage
   1,908
   1,592

කසාදයෙන් පස්සේ ඔයා වෙනම ගෙදරක ජීවත් විය යුත්තේ ඇයි?

ගොඩක් තැන්වල නැන්දම්මා ලේලි ගැටුම්වලින් අඩුවක් නම් නෑ. එවැනි තත්ත්වයක් තුළ ඔයාට ඔයාගේ බිරිද එක්ක හෝ ස්වාමියා එක්ක ලස්සන විවාහ ජීවිතයක් ගෙන යන්න ඉඩකඩ ලැබෙන්නේ නෑ. කසාදයෙන් පස්සේ ඔයාලා දෙන්නා වෙනම ගෙදරක ජීවත් වෙන්න තෝරා ගැනීම ඉතාමත් වැදගත්. hadakari.com අපි එහෙම කියන්නෙ ඇයිද කියලා ඔයා මේ ලිපිය පොඩ්ඩක් කියවලාම බලන්නකෝ
Keep your nails beautiful
   826
   734

නියපොතු ලස්සනට තියා ගන්න කැමති ඔයාට මේ ලිපිය වැදගත්

කාලයක් නියපොතු දික් කරලා පාට පාට නිය ආලේපන වර්ග ගාලා ලස්සනට තියාගෙන ඉන්නකොට එක නියපොත්තක් හරි කැඩිලා යනකොට ඔයාට ලොකු දුකක් ඇති වෙනවා නේද? ඔයාගේ නියපොතු ශක්තිමත්ව පවත්වා ගන්න වගේම නියපොතු ලස්සනට තියාගන්න වැදගත් වන කරුණු කිහිපයක් ගැන කතා කරන්න තීරණය කළා
How to do a outstanding makeup
   923
   545

හැමෝම අතරේ ඔයාව කැපිලා පේන විදිහේ මේකප් එකක් කරන්නේ කොහොමද?

ඕනවට වඩා ලස්සන වෙන්න ගියාම සමහර අවස්ථාවල තමන්ගේ පෙනුම කැත වෙලා අවලස්සනට ඔයාව පේන්නත් පුළුවන්.අද අපි කියන්න යන්නේ මේකප් වලින් නානවට වඩා හැමෝම අතරේ ලස්සනට කැපි පෙනෙන සරල මේකප් එකකින් වර්ණවත් වෙන්නේ කොහොමද කියලා

Latest Articles

Most Viwed