මානසික පීඩනය ඔබේ මුහුණත් අකලට වයස්ගත කරවන බව ඔබ දැන සිටියාද?

December 14, 2017
24,574
Did you know that stress can make your face look aged?
කාන්තා අපි නිතරම මානසික පීඩනය ගැන පැමිණිලි කරනවා. අද අපේ ජීවන රටාව එදාට වඩා ගොඩක් සංකීර්ණයි. අධ්‍යාපන කටයුතු, වෘත්තීය ජීවිතය, පවුල, දරුවන් මේ හැම දේම එක්ක අපේ ජීවිතේ වගකීම් වලින් පිරී ඉතිරිලා ගිහින් නේද? කාන්තා අපි වයසට යන්න පෙර මුහුණේ වයස අඟවන ලක්ෂණ මතු වෙනවා. මුහුණේ සම මලානික වීම, මෙලනින් තැම්පත් වෙලා ලප මතු වීම, නහර මතු වීම, සමේ ස්වභාවය තැනින් තැනට වෙනස් වීම, සම රැලි වැටීම වගේ ලක්ෂණ අපේ මුහුණ වෙලා ගන්න පෙරම අපි ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. වයස් ගත වීම කියන්නේ ස්වභාවික සංසිද්ධියක්. ඒ ක්‍රියාවලිය නවත්වන්න බැහැ. නමුත් අපි වයස ගෙවී ගියත් සුන්දරත්වය රැක ගන්න අධිෂ්ඨාන කර ගත යුතුයි.

මානසික පීඩනය අපේ සෛල වල ව්‍යුහය වෙනස් කරනවා. එවිට සෛල පලුදු වීම හෝ මිය යාම සිදු වෙනවා. මෙය වයසට යාමේ වේගය ඉහල දමනවා ඒ වගේම රෝගාබාධ වලට ඔබව ලක් කරනවා. ගොඩක් පීඩනෙන් ඉන්න කෙනාගේ මුහුණේ ගැඹුරු රැලි මතු වෙනවා. පීඩනය නිසා හෝර්මෝන ශ්‍රාවයේ වෙනස්කම් ඇති වීමත් එක්ක ඇතැම් අය අධික ලෙස තෙල්, පැණිරස සහ ලුණු සහිත ආහාර වලට හුරු වෙනවා. එයත් වයසට යාම වේගවත් කරවනවා. අධික කොර්ටිසෝල් ( Cortisol) මට්ටම ශරීරයේ free radicals ඉහළ දමන නිසා සමේ සෛල පහසුවෙන් විනාශ වෙනවා. වියලි සමක් ඇති වෙන්න කාන්තාවන්ගේ මානසික පීඩනය ප්‍රධානම හේතුව බව Journal of Investigative Dermatology මගින් තහවුරු කර තිබෙනවා.

මානසික පීඩනයෙන් මිදෙන්න අපි උත්සහ දැරිය යුතුයි. ඒ අතරේම අපේ ජීවන රටාව හොඳින් තේරුම් අරන් තරුණ කාලේ සිටම ඔබේ මුහුණේ සුන්දර පෙනුම රැකගන්න වෙහෙසුනොත් ඔබේ මුහුණ හැමදාම තරුණ ලෙස පවත්වා ගැනීම අසීරු නැහැ. මේ යහපත් පුරුදු අදම ඔබේ ජීවිතේට එකතු කර ගන්න. හැමදා සුවෙන් හැමදා තරුණ කමේ ආශ්වාදය විඳින්න.

1. විටමින් C බහුල ආහාර ගන්න

නිතරම විටමින් C බහුල පලතුරු හා එළවලු වලින් ඔබේ ආහාරය සරු කරන්න . දෙහි, දොඩම්, නාරන් ,ලෙමන් වගේ දේවල් නිතරම කන්න. මේ බහුලව ලැබෙන විටමින් C මගින් ප්‍රතිඔක්සිකරන ක්‍රියාවලිය හොඳින් සිදු කරනවා ඒ වගේම මෙලනින් බිඳ දමනවා. ඇතැම් කාන්තාවන් පැහැපත් සහ ලප කැළැල් වලින් තොර සමක් ලබා ගැනීමට විටමින් C බහුල ආහාර නිතරම ගන්නවා. එය pigmentation එහෙම නැත්නම් තැනින් තැන මෙලනින් තැම්පත් වෙලා මුහුණේ අඳුරු ලප මතු වීමත් වළකනවා. ඉතින් සම හැමදාම තරුණ පෙනුමක් ගන්න එකේ පුදුමයක් නැහැ.

2. ඕෂධීය ගුණ අඩංගු මුහුණු ආවරණ නැත්නම් ෆේස් මාස්ක්

සතියට දෙවතාවක් පමණ කස්තුරි කහ, සුදුහඳුන්, කොහොඹ, වෙනිවැල් වගේ සමේ තරුණ බව සුරකින සංඝටක අඩංගු ෆේස් මාස්ක් එකක් යෙදීමත් මානසික පීඩනයෙන් සිටියත් මුහුණ වයසට යාම පාලනය කරනවා. මාස්ක් එක දමාගෙන ඉන්න කාලය තුල ඇඳ උඩ හාන්සි වෙලා මියුරු සංගීතයකට සවන් දෙනවා නම් එය වඩා හොඳයි. ඔබේ රැකියාවෙන් සහ අනෙක් වැඩ වලින් එන පීඩනය වලකා ගන්න ඔබට හැකි වෙනවා. ඒ මගින් ඔබේ සමේ රැලි ඇතිවීම , මෙලනින් තැන තැන තැන්පත් වීම
වගේ වයස හඟවන ලක්ෂණ සේරම නැති වෙන බව පැවසෙනවා. එය ඔබේ සම තුලට ගැඹුරු ලෙස කා වැදිලා සම ඇතුලතින් පෝෂණය කරවනවා.

3. ග්‍රීන් ටී හෙවත් කොළ තේ

ග්‍රීන් ටී කියන්නේ ප්‍රති ඔක්සි කාරක හෙවත් antioxidants බහුල පානයක්. ඒ වගේම වයසට යාම පාලනය කරන polyphenols යහමින් අඩංගුයි. මේ දේවල් වලින් ශරීරය වයසට යාම හොඳින් පාලනය වෙනවා. මේ වගේ හොඳ සිරිත් ඔබේ ජීවිතේටත් එක කර ගත්තොත් නරකක් වෙන්නේ නැහැ. හැමදාම සුන්දරව ඉන්න ලැබේවි. හැබයි ඔබේ තරුණකම වියැකුනහම මොන දේ බීවත් යලිත් නැති වුන පෙනුම ගන්න නම් බැහැ. එම නිසා තරුණ කාලේ සිටම යහපත් පුරුදු ඔබේ ජීවිතේට එකතු කර ගන්න.

4. මාළු බහුල ආහාර වේලක්

මාළු වල අඩංගු ඔමේගා - 3 මේද අම්ලය සහ මාළු ප්‍රෝටීන් කියන්නේ ඔබේ තරුණ බව රකින අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ කීපයක්. අපේ රට වටේ සාගරය තිබෙනවා. ඒ වගේම අභ්‍යන්තර ජලාශ වලත් මාළු වර්ග ඉන්නවා. අපිටත් මාළු ආහාරයට ගැනීම වැඩි කරන්න පුළුවන්. හැමදාම නිරෝගීව තරුණ බව රැකගන්න නම් මාළු වැඩියෙන් කෑවට කිසිම පාඩුවක් නැහැ.

5. නීති පතා ඇවිදීම

ඇවිදීම තරම් හොඳ ව්‍යායාමයක් ශරීරයට කොයින්ද? වයසට යද්දී ශරීරයේ පරිවුර්තීය ක්‍රියා මන්දගාමී වෙනවා. ඒ නිසා වයසට යද්දිත් ඔබේ ශරීරය වෙහෙසලා ක්‍රියාශීලීත්වය ඒ අයුරින්ම පවත්වා ගන්න ඔබ වෙහෙසෙන්න ඕනේ. වාහන වල නැගලා යාම නවත්වලා පොඩි පොඩි ගමන් පයින් යන්න පටන් ගත්තොත් ඒක පර්ස් එකටත් ලේසි දීර්ඝ කාලීන සෞඛ්‍යටත්, ලස්සන රැක ගන්නත් හොඳ ක්‍රමයක්.

6. මැරුණ සම ඉවත් කිරීම

මුහුණේ මැරුණ සම ඉවත් කිරීම කියන්නේ ඔබේ ජීවිතේ අනිවාර්ය අංගයක් කර ගන්න ඕනේ. දිනපතා රාත්‍රියට ක්ලේන්සර් එකක් මගින් සමේ ඇතිවෙන කුණු දුහුවිලි ඉවත් කරනවා වගේම සතියකට වරක් ස්ක්‍රබ් එකක් යොදා මැරුණ සෛල ඉවත් කර ගැනීම පුරුද්දක් කර ගන්න. ඒ වගේම මසකට වරක් ක්ලීන් අප් එකක් සැලුන් එකෙන් කර ගැනීමත් ඔබේ ජීවිතේට එක කර ගන්න. හැම විටම වගේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදපු නිෂ්පාදන යොදා ගන්න ඔබ පරිස්සම් විය යුතුයි.

7. භාවනාවකට හුරු වීම

දිනකට පැය භාගයක් වත් කුඩා සරල භාවනාවකට හුරු වන්න. එමගින් ඔබේ මානසික ආතතිය දුරු වෙලා මුහුණ ඉතාම යොවුන් පෙනුමක් ගන්නවා. භාවනා කරන කෙනෙක්ගේ මුහුණ ඉතාම ලස්සනයි කියා ඔබ දැක ඇති. භාවනාවක් කිරීම අපහසු නම් මිහිරි සියුම් සංගීතයකට දිනකට පැය භාගයක් වත් සවන් දෙන්න. මුහුණේ තරුණ බව විතරක් නෙවේ එදිනෙදා ජීවිතයේ සාර්ථකත්වයත් ඒ මගින් රැක දේවි.

මේ රහස් ඔබේ ජීවිතේට එක් කර ගත්තොත් ඔබටත් තරුණ කාලේ තිබෙන ලස්සන වයසට යද්දිත් මේ ආකාරයෙන්ම තබා ගන්න හැකි වේවි. අපි ගෙවන ජීවිතේ එක්ක ඇතිවෙන පීඩනය නිසා අකලට මතුවෙන මුහුණේ වයස පෙනුම නැති වේවි. ඒ නිසා මේ හොඳ පුරුදු ඔබේ ජීවිතේට අදම එකතු කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 576 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:55:11 AM
Script:/article/576/did-you-know-that-stress-can-make-your-face-look-aged.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:55:12 AM
Script:/article/576/did-you-know-that-stress-can-make-your-face-look-aged.html