දණහිස් වල අඳුරු පැහැය නැති කරන්න පුළුවන් හොඳම සත්කාර

December 16, 2017
7,815
Remedies to reduce the darkness in knees
තරුණ වයසේ ඉන්න අයට විලාසිතා කරන්න ගියාම මුහුණ දෙන තවත් ගැටළුවක් ගැන තමයි මේ කියන්න යන්නේ. දණහිස් වල ඇති වන අඳුරු පැහැය නිසා ඔයාටත් කැමති විදිහක ඇඳුමක් පැලඳුමක් අඳින්න බැරිද? එහෙමත් නැත්තන් ඒ හේතුව නිසා අපහසුතාවයට පත් වෙලා තියෙනවද? දණහිසෙන් උඩට ඇඳුමක් අඳිද්දී ඒ ගැන කීප වතාවක් හිතන්න වෙනවද? 

ජානමය සාධක මුල් වීම් හෝ හිරු එලියට වැඩි වශයෙන් නිරාවරණය වීම එහෙමත් නැත්තන් සමේ ඇති අධික වියළි බව නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. කොහොම වුනත් තව දුරටත් ඔයාට දණහිස් වල අඳුරු පැහැය ගැටළුවක් වෙන එකක් නැහැ. ඔයාට ගෙදර දැන්ම ඉතා පහසුවෙන් කර ගන්න පුළුවන් මේ කියන සත්කාර වලින් එකක් දෙකක් අනිවාර්යෙන් try කරලා බලන්න.

1. කහ, මී පැණි සහ කිරි

කහ කියන්නේ හොද විශබීජ නාශකයක්. ඒ වගේම සම පැහැපත් කරන්නත් උදවු වෙනවා. මී පැණි වලට සමේ තෙතමනය ආරක්ෂා පුළුවන්. කිරි වලින් සමට ඉතා ඉහල පෝෂණයක් ලබා දෙනවා. ඒ වගේම සම පැහැපත් කරනවා. මෙම ද්‍රව්‍ය 3 හොඳින් මිශ්‍ර කර ඝනකම් ආලේපයක් සකසා පිරිසිදු කර ගත් දණහිස් මත හොඳින් ආලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර පසුව සෝදා හරින්න. සතියට දෙවරක් හෝ තුන් වරක් භාවිතා කරන්න. 

2. කඩල පිටි සහ මුදවපු කිරි 

කඩල පිටි කියන්නේ ස්වාභාවිකව සම පිරිසිදු කරන්න පුළුවන් පිරිසිදුකාරකයක්. මුදවපු කිරි වලින් සම පෝෂණය කරමින් සම වියලීමට ඇති ඉඩ වළක්වනවා. මුදවපු කිරි සහ කඩල පිටි අවශ්‍ය ප්‍රමාණයට ගෙන තලපයක් මෙන් පිළියෙළ කර ගෙන දණහිස් වල ආලේප කර විනාඩි 20කින් සෝදා ඉවත් කරන්න.

3. කඩල පිටි සහ ලෙමන්

කඩල පිටි වගේම ලෙමන් වලිනුත් සම පිරිසිදු කරනවා. කඩල පිටි සහ ලෙමන් යුශ මිශ්‍ර කර සාදා ගන්නා ආලේපය ස්ක්‍රබ් එකක් විදිහට අඳුරු පැහැ දණහිස් වලට භාවිත කරන්න ඔයාට පුළුවන්.

4. බේකින් සෝඩා සහ කිරි

බේකින් සෝඩා සම පිරිසිදුව තබා ගනිමින් මියගිය සෛල ඉවත් කරනවා. කිරි තුළ පවතින ලැක්ටික් අම්ලය සහ ඇමයිනෝ අම්ල සමේ තෙතමනය ආරක්ෂා කරමින් දිගු කාලයක් සම සෞඛ්‍ය සම්පන්න කරනවා.
බේකින් සෝඩා තේ හැඳි 2ක් සහ කිරි මේස හැඳි 2ක් හොඳින් මිශ්‍ර කර දණහිස් වල ආලේප කර විනාඩි 10ක් පමණ හොඳින් සම්බාහනය කරන්න. තවත් විනාඩි 10ක් පමණ තියෙන්නට හැර සෝදා ඉවත් කරන්න.

5. විටමින් E සහ සීනි 

විටමින් E කරල් දෙකක තෙල් සහ සීනි තේ හැඳි එකක් හොඳින් මිශ්‍ර කර අවපැහැ වුනු ප්‍රදේශයේ ආලේප කර හොඳින් පිරිමදින්න. මේ මිශ්‍රණය ස්ක්‍රබ් එකක් විදිහට ක්‍රියා කර සමේ මැරුණු සෛල ඉවත් කර සම පෝෂණය කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 583 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:42:03 PM
Script:/article/583/remedies-to-reduce-the-darkness-in-knees.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:42:03 PM
Script:/article/583/remedies-to-reduce-the-darkness-in-knees.html