කුරුලෑ වලට ප්‍රතිකාර කිරීම සඳහා කෙසෙල් ලෙල්ල භාවිතා කිරීමට සරල ක්‍රම 5ක්

July 14, 2020
10,549
5 ways to fight acne with banana peel
කුරුලෑ සඳහා නොයෙකුත් විසඳුම් සොයාගෙන තියෙනවා. නමුත් ඒවායින් බො​හොමයක් මගින් සාර්ථක ප්‍රතිඵල අත්වෙන්නේ නැහැ. වැඩි දෙනෙක් නොදන්නා නමුත් කෙසෙල් ලෙලි කියන්නේ කුරුලෑ සඳහා ඵලදායී ප්‍රතිකාරයක්. කුරුලෑ වලින් මිදීමට ඔයාට කෙසෙල් ලෙල්ල භාවිතා කළ හැකි විවිධ ක්‍රම 5 ක් ගැනයි හැඩකාරී අපි අද ඔයාට කියලා දෙන්න හිතුවේ. නමුත් පළමුවෙන්ම කෙසෙල් ලෙල්ල කුරුලෑ වලට එරෙහිව සටන් කරන ආකාරය දෙස බලමු.

කෙසෙල් ලෙල්ල කුරුලෑ වලට හොඳද?

කෙසෙල් ලෙල්ලේ ලුටීන් වැනි ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර හිරු එළිය වැනි හානිකර සාධක වලින් සම ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා. ඒවා​යේ ඇති මේද-අම්ල මගින් සමේ විවිධ ගැටළු වලට ප්‍රතිකාර කිරීමට පුළුවන්. කෙසෙල් කියන්​නේ සින්ක් ලබාදෙන හොඳ ප්‍රභවයක්​ද වන අතර එය කුරුලෑ වලට එරෙහිව සටන් කරනවා.

කුරුලෑ සඳහා කෙසෙල් ලෙල්ල භාවිතා කරන්නේ කොහොමද?

1. කෙසෙල් ලෙල්ල මුහුණේ ඇතිල්ලීම

ඔයාට අවශ්‍ය වන්නේ,
කෙසෙල් ලෙල්ලක්

ක්‍රමය 
01. මුහුණ ක්ලෙන්සර් එකකින් සෝදා තුවායෙන් වියළා ගන්න.
02. කෙසෙල් ලෙල්ල (ඇතුල් පැත්තෙන්) ඔයාගේ මුහුණේ සම මත විනාඩි 10 ක් පමණ සම්බාහනය කරන්න.
03. ලෙල්ල දුඹුරු පැහැයට හැරේ නම්, අලුත් ලෙල්ලක් භාවිතා කරන්න.
04. මිනිත්තු 20 ක් පමණ සිට මුහුණ සෝදා හරින්න.

කෙසෙල් ලෙල්ලේ ඇති මේද-අම්ල සහ ප්‍රතිඔක්සිකාරක නිසා සමේ සෞඛ්‍යය නංවාලීමට උපකාරී වෙනවා. මෙමගින් කුරුලෑ වලින් මුදවා සම සුවපත් කරන අතර අනාගතයේ සමේ කුරුළෑ ආසාදන ඇති වීමට අවම කරවනවා. දිනකට වරක්වත් මෙම සත්කාරය කරන්න අවශ්‍යයි.

2. ඕට්ස් සහ කෙසෙල් ලෙලි
 
ඔයාට අවශ්‍ය වන්නේ,
කෙසෙල් ලෙල්ලක් 
ඕට්ස් කෝප්ප ½ක්
සීනි මේස හැඳි 3ක්
තෙල් රහිත, මුහුනේ සිදුරු අවහිර නොකරන මොයිස්චරයිසර් එකක් 

ක්‍රමය 
1. කෙසෙල් ලෙල්ල, ඕට්ස් සහ සීනි සිනිඳු මිශ්‍රණයක් ලැබෙන තුරු බ්ලෙන්ඩ් කරන්න.
2. මෙම මිශ්‍රණය ඔයාගේ මුහුණට ආලේප කර, රවුමට මිනිත්තු 10 ක් පමණ සම මෘදු ලෙස සම්බාහනය කරන්න.
3. මිනිත්තු 10 කට පසු, මද උණුසුම් ජලයෙන් මුහුණ සෝදා පිසදා ගන්න.
4. පසුව තෙල් රහිත මොයිස්චරයිසර් එක අලේප කරන්න.

මෙම ප්‍රතිකාරය මගින් කුරුලෑ වලින් මිදීමට ඇති හැකියාව වැඩි කරන අතරම ඔයාගේ සමේ අපද්‍රව්‍ය ඉවත් ක​ර සම පැහැපත් කර ගැනීමට උපකාරී වනවා. මෙය විශිෂ්ට කුරුලෑ නාශකයක් ලෙස ක්‍රියා කරයි. කුරුලෑ නරක අතට හැරෙන බැවින් ඔයා ඕනෑවට වඩා තදින් සම්බාහනය කරන්න එපා.

3. ලෙමන් යුෂ සහ කෙසෙල් ලෙල්ල 

ඔයාට අවශ්‍ය වන්නේ,
පොඩි කරගත් කෙසෙල් ලෙලි මේස හැඳි 1
ලෙමන් යුෂ මේස හැඳි 1
කපු පුළුන් බෝල 

ක්‍රමය 

1.  අමුද්‍රව්‍ය සියල්ල එකතු කර සුමට මිශ්‍රණයක් සදා ගන්න.
2. කපු පුළුන් බෝල භාවිතයෙන් සමේ බලපෑමට ලක් වූ ප්‍රදේශවලට (කුරුලෑ සහිත තැන් වලට) මිශ්‍රණය අලේප කරන්න.
3. පසුව මිනිත්තු 15 ක් පමණ තබා මද උණුසුම් ජලයෙන් මුහුණ සෝදන්න.

ලෙමන් වල ඇති ස්වාභාවික ​අම්ල මඟින් කුරුලෑ ඇති කරන බැක්ටීරියා විනාශ කිරීමට උපකාරී වෙනවා. එය නිතිපතා භාවිතයෙන් කුරුලෑ කැළැල් පවා ඉවත් කරගන්න හැකි වෙනවා.

4. බේකින් පවුඩර් සහ කෙසෙල් ලෙල්ල 

ඔයාට අවශ්‍ය වන්නේ,
පොඩි කළ කෙසෙල් ලෙලි මේස හැඳි 1
බේකින් පවුඩර් මේස හැඳි 1/2
තෙල් රහිත, මුහුනේ සිදුරු අවහිර නොකරන මොයිස්චරයිසර් එකක්

ක්‍රමය 

1. අමුද්‍රව්‍ය සියල්ල එකතු කර සුමට මිශ්‍රණයක් සදා ගන්න.
2. මෙම මිශ්‍රණය සමේ බලපෑමට ලක් වූ (කුරුලෑ ඇති) ප්‍රදේශවලට අලේප කරන්න.
3. මෙම මිශ්‍රණය මිනිත්තු 2 ක් පමණ තබන්න. ඉන්පසු ඇල්මැරුණු ජලයෙන් සෝදන්න.
4. අවසානයට තෙල් රහිත මොයිස්චරයිසර් එක අලේප කරන්න.

බේකින් පවුඩර් මුහුනේ සිදුරු වලින් විෂ ද්‍රව්‍ය ඉවත් කරයි. කුරුලෑ ඉක්මනින් වියළීමට, රතු පැහැය අඩු කිරීමට සහ සම පැහැපත් කිරීමටද එය උපකාරී වෙනවා.

5. කහ සහ කෙසෙල් ලෙල්ල
 
ඔයාට අවශ්‍ය වන්නේ,
පොඩි කළ කෙසෙල් ලෙලි මේස හැඳි 1
කහ මේස හැඳි 1
තෙල් රහිත, මුහුනේ සිදුරු අවහිර නොකරන මොයිස්චරයිසර් එකක් 

ක්‍රමය

1. සුමට මිශ්‍රණයක් ලැබෙන තුරු අමුද්‍රව්‍ය එකතු කර මිශ්‍ර කරන්න.
2. මෙම මිශ්‍රණය මුහුණට ආලේප කර රවුම් චලිතයකින් මිනිත්තු 15 ක් පමණ සම මෘදු ලෙස සම්බාහනය කරන්න.
3. මිනිත්තු 15 කට පසු, මද උණුසුම් ජලයෙන් මුහුණ සෝදා පිරිසිදු තුවායකින් වියළා ගන්න.
4. පසුව තෙල් රහිත මොයිස්චරයිසර් අලේප කරන්න.

කහ වල විශිෂ්ට ප්‍රතිබැක්ටීරීය හා දැවිල්ල සහ ඉදිමුම් සුව කිරී​මේ ගුණ ඇත. කෙසෙල් ලෙල්ල සමඟ එකතු කිරීමෙන් සමේ ඇති කුරුලෑ ඇති කරන බැක්ටීරියා විනාශ කරයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1698 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:45:48 AM
Script:/article/1698/5-ways-to-fight-acne-with-banana-peel.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:45:48 AM
Script:/article/1698/5-ways-to-fight-acne-with-banana-peel.html