අවශ්‍ය ද්‍රව්‍ය
අමු නෙළුම් ඇට (තලාගත්) ග්‍රෑම් 50
කපාගත් ලොකු ළුණු ගෙඩි 1
කපාගත් අමු මිරිස් කරල් 1
කුරුඳු පොතු අඟල් 1 ක පමණ කැබැල්ලක්
කරපිංචා කිනිති 1
කහ කුඩු තේ හැඳි 1/2
තුනපහ කුඩු තේ හැඳි 1
පොල් කිරි (මිටි කිරි) අඬු කෝප්ප 1
පොල් කිරි (දිය කිරි) අඬු කෝප්ප 1
ලුණු තේ හැඳි 1
සාදන ක්‍රමය
1. තලාගත් අමු නෙළුම් ඇට, ලොකු ළුණු, අමු මිරිස්, කුරුඳු පොතු, කරපිංචා, කහකුඩු, තුනපහ කුඩු දමා හොඳින් මිශ්‍ර කර ගන්න.
2. පෑන් එකකට තෙල් ස්වල්පයක් දමා රත් වන විට සාදාගත් මිශ්‍රණය එකතු කර ගන්න.
3. එයට දියකිරි දමා හොඳින් නෙළුම් ඇට තම්බා ගන්න.
4. නෙළුම් ඇට තැම්බූ පසු එයට මිටිකිරි දමා පිස ගන්න. රස පදමට ලුණු එකතු කර පිළිගන්වන්න.