ඔයා විවාහ වෙන්න කැමති මොනවගේ කෙනෙක් එක්කද? එයා ඔයාට ගැලපෙනවද?

December 6, 2017
5,259
What kind of person would you like to marry?
ඔයා කවද හරි දවසක මේ ප්‍රශ්න ඔයාගෙන්ම අහලා තියෙනවද? ඇත්තටම ඔයා විවාහ වෙන්න කැමති මොන වහේ ගති ලක්ෂණ තියෙන කෙනෙක් එක්කද?

විශ්වාසවන්ත කෙනෙක්?

ගුණ යහපත් කෙනෙක්?

හොඳ පෙනුමක් තියෙන ඒ කියන්නේ handsome කොල්ලෙක්?

ප්‍රසිද්ධ කෙනෙක්?

මිත්‍රශීලි අයෙක්?

මේ ඔක්කොම දේවල් හොඳ ලක්ෂණ තමයි. ගෑණු ළමයි ආදරේ කරන්න හොයන්නේ මේ වගේ අය තමයි. එහෙම අයට අපි ඕනෑම කෙනෙක් හරිම ඉක්මනට ආකර්ෂණය වෙනවා. එත් ගොඩාක් දෙනෙක් මේ කාරණාවේදී තීරණ ගන්නේ, හිතන්නේ පතන්නේ වැරදියට. ඒ කියන්නේ ගොඩක් දෙනෙකගේ හිත ඇදිලා යන්නේ පිටින් පෙන්න තියෙන භාහිර ලක්ෂණ වලට. හොඳ පෙනුම, මිල මුදල්, ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වය වගේ දේවල් වලට.

එත් බුද්ධිමත් තරුණියක් විදියට කිසිම දවසක පිට පෙනුම විතරක් බලලා ඔයාගේ සහකරුවා තෝර ගන්න හිතන්න එපා. කලින් කිව්ව දේවල් සහකරු ළඟ තියෙන්න ඕන තමයි. හැබැයි ඒ දේවල් විතරක් ප්‍රමාණවත් වෙනේ නැහැ. ඇත්තටම ඔහු මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔහුගේ අභ්‍යන්තරය මොනවගේද කියලා අපි දන්නේ නැහැනේ. සමහර විට ඔයා කැමැත්තෙන් ඉන්න ඒ කඩවසම් තරුණයා ඔයා හිතුව වගේ විශ්වාසවන්ත අයෙක් නොවෙන්න පුළුවන්. ඔයා හිතුව වගේ ගුණ යහපත් අයෙක් නොවෙන්න පුළුවන්.

ඒ නිසා භාහිර දේවල් දිහා බලලා

'එයා තමයි මට ගැලපෙනම කෙනා'

'මම ප්‍රාර්ථනා කරපුම කෙනා මට ලැබුනා'

'මේ ලෝකේ ඉන්න හොඳම කෙනා තමයි එයා'

කියලා හිතලා හදිස්සි වෙලා විවාහ වෙන්න තීරණය කරන්න එපා. ඔයා හිතන් ඉන්න දේවල් එකක් වත් පහු පහු වෙද්දී ඔහු ළඟ නැති වෙන්න පුළුවන්.

කඩවසම් බව, මිල මුදල් එක්ක ගුණ යහපත් කම, ආදරයේ නියම අරුත තේරුම් ගත්ත, විශ්වාසවන්ත, ඔයාට ලැබිය යුතු ගරුත්වය දෙන, ආනාගතේ ගැන පැහැදිලි දැක්මක්, අරමුණක් තියෙන, ආදරණිය මිත්‍රශීලි අයෙක් ඔයාගේ ආත්ම සහකරු විදියට තෝරා ගන්න.

දැන් ඔයා හිතනවා ඇති එහෙම කොල්ලෝ කොහෙද අනේ ඉන්නේ කියලා. නෑ ඉන්නවා. නිවැරදි තෝරා ගැනීම තමයි කරන්න ඕන. ඒක තමයි මුලින්ම කිව්වේ විවාහය ගැන හදිස්සි වෙලා තීරණ ගන්න එපා කියලා. හිත ගිය කෙනෙක් ඉන්නවා නම් කාලයක් ඔහුව ආශ්‍රය කරලා බලන්න. එතකොට ඔහු පිටින් ඉන්න කෙනා වගේම ඇතුළතිනුත් යහපත් අයෙක්ද කියලා ඔයාට තේරුම් ගන්න පුළුවන්.

ඇසුරු කරලා ඔයාට හැම අතින්ම ගැලපෙනවා නම් විවාහය ගැන හිතන්න. හැබැයි සියයට සියයක්ම ගැලපෙන අය මේ ලෝකේ කොහෙවත් නෑ හොඳේ. නොගැලපෙන පොඩි පොඩි දේවල් දෙන්න කතා වෙලා ගළපා ගන්න පුළුවන් වෙන්න ඕන.

අනිත් වැදගත්ම කාරණාව තමයි ආදර කතාවක් පටන් ගත්තා කියන්නේ ඒක විවාහයෙන්ම කෙලවර වෙන්න ඕන කියන එක නෙවෙයි. ජිවත් වෙලා ඉන්න කාලේ ජිවිතේ විඳවන්නේ නැතුව විඳින්න පුළුවන් සහකරුවෙක් බුද්ධිමත්ව තොර ගන්න. අනේ මට එයාව අමතක කරන්න බෑ, මට එයා නැතුව ඉන්න බෑ, එයා නැති වුනොත් නම් මට ජිවත් වෙලා වැඩක් නෑ, මට ඕන එයාවමයි. තවත් නම් මේ වගේ බොළඳ විදියට හිතන්න එපා. බොළඳ වෙලා ගන්න තීරණ පහු වෙද්දී වෙනස් කරන්න බැරි වෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 564 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:42:47 AM
Script:/article/564/what-kind-of-person-would-you-like-to-marry.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:42:48 AM
Script:/article/564/what-kind-of-person-would-you-like-to-marry.html