ඔයත් යහපත් බිරිඳක්ද? මේ ලක්ෂණ ඔයා ළඟත් තියෙනවද? (01)

June 1, 2020
6,457
Are you a good wife? (01)
විවාහය කියන්නේ කණ්ඩායම් වැඩක්. තවද අවශ්‍යතාවන් සපුරා ගැනීමට දෙදෙනාම එක් වී උත්සාහයන් දැරීමට අවශ්‍ය වෙනවා. ඔයාට ‘හොඳ ස්වාමිපුරුෂයෙක්’ අවශ්‍ය වනවා සේම, ඔයාගේ සැමියාට හොඳ බිරිඳක් අවශ්‍ය වෙනවා. ‘හොඳ බිරිඳක් වන්නේ කෙසේද’ යන්න පිළිබඳ අද හැඩකාරී අපි මෙ ලිපියෙන් කියලා දෙනවා. 


1. ඔයාගේ ආදරය ප්‍රකාශ කරන්න
ඔයා ඔයාගේ ස්වාමිපුරුෂයාට ආදරය කරනවාද? ඔයා ඔහු සමඟ සිටින විට ඔයාට සතුටක් හා ආරක්ෂාවක් දැනෙනවාද? විවාහයක් හරහා මිනිසෙකු සමඟ ජීවිත කාලයම ගත කිරීමට ඔයා කැපවී ඇත්නම්, ඔයා ඔහුට ආදරය කරන්න ඕනේ. නමුත් ආදරය කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ප්‍රේමයේ හැඟීම් ප්‍රකාශ කිරීම මගින් සම්බන්ධතාවයක් වර්ධනය වෙනවා. එබැවින් ඔයාගේ ස්වාමිපුරුෂයාට ආදරය කරන්නේ නම්, ඒ ගැ​න ඔහුට කියන්න. ඔයා ඔහුට කොතරම් දුරට ආදරය කරනවාද යන්න ඔහුට පෙන්වන්න. ඔයාට සෑම දිනකම ප්‍රේමය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැහැ. නමුත් කම්මුලට හාදුවක් දෙන්න, නැතහොත් ඔහුගේ ප්‍රියතම ආහාරයක් පිළියෙළ කරන්න හෝ ඔහු සමග එකට හි​ඳ නැරඹීමට කැමති චිත්‍රපටයක් තෝරා ගන්න. ​ඒ මගින් ආදරය වචනයෙන් නොකියා ප්‍රකාශ කරන්න.

2. සහයෝගය දෙන්න
ඔයාගේ ස්වාමිපුරුෂයා අනුගමනය කරන වෘත්තියක්, විනෝදාංශයක් හෝ වෙනත් දෙයක් වේවා, ඔහුට ඔයාගේ සහාය අවශ්‍ය වෙනවා. විවාහයකදී සහයෝගය දැක්වීම කියන්නේ සහකරුට දුෂ්කර කාලයක් ඇති විට ඔහු ළ​ඟ සිටීම පමණක් නෙමෙයි. ඔහු සන්ධිස්ථානයක් කරා ළඟා වන විට හෝ ඔහු අලුත් දෙයක් උත්සාහ කරන විට ඔහුව අගය කිරීම හෝ ප්‍රශංසා කිරීමයි.

3. ඔහුගේ හොඳම මිතුරා වන්න
එකිනෙකා හොඳින් දැන හඳුනා ගෙන හොඳම මිතුරන් වෙන්න උත්සහ කරන්න. ඔයාගේ හොඳම මිතුරා සමඟ ආදරයෙන් බැඳෙන්නේ නම් ඒ ආදරය ගැඹුරු, ශක්තිමත් සහ අව්‍යාජ ප්‍රේමයක්. ඔයා සහ ඔයාගේ ස්වාමිපුරුෂයා අතර සෞඛ්‍ය සම්පන්න මිත්‍රත්වයක් ඇති කර ගැනීමට උත්සාහ කරන්න. පසුව ජීවිතයට ඇති වන වෙනස බලන්න.

4. ඔහුට ගරු කරන්න
හොඳම විවාහක යුවළක් නම් එකිනෙකාට ගරු කරන අයයි. ඔයාගේ ස්වාමිපුරුෂයාගේ අඩුපාඩුකම් ගැන වැඩිය සිතන්න එපා. ඔහු, ඔයා හෝ පවුල වෙනුවෙන් කරන දෙයට ගරු කරන්න. විවාහය තුළ අන්‍යෝන්‍ය ගෞරවය අත්‍යවශ්‍ය වෙනවා. ඔයාගේ ස්වාමිපුරුෂයාට පෞද්ගලිකව හෝ ප්‍රසිද්ධියේ පහත් කොට සැලකීම, නින්දා කිරීම, පහර දීම වැනි දෑ කරන්න එපා. පොඩි විහිළුවක් කළාට කමක් නැහැ. නමුත් අපහාසාත්මක වන දෙයක් කතා කිරීමට පෙර සිතන්න.

5. ඔහුගේ අවශ්‍යතා ගැන උනන්දුවක් දක්වන්න
ස්වාමිපුරුෂයා කැමති සෑම දෙයක්ම ගැනම ඔයාට උනන්දුවක් දක්වන්න බැහැ. ඔයා ඔහු කැමති දේ කිරීමට අවශ්‍ය වෙන්නෙත් නැහැ. නමුත් ස්වාමිපුරුෂයාට ඔහුගේ අභිලාෂයන් ලුහුබැඳීමට අවකාශය ලබා දී, ඔහු කරන දේ ගැන ඔබට කුතුහලයක් ඇති බව පෙන්වන්න. ඔහු උනන්දුවක් දක්වන ක්‍රීඩාව, පොත හෝ විනෝදාංශය ගැන ඔහුගෙන් විමසන්න. ටිකක් ගෙදර වැඩ කරන අතරතුර ඔහු උනන්දුවක් දක්වන දේවල් ගැන ඉගෙන ගන්න. එමගින් ඔයාට ඒ ගැන සංවාදයක් ඇති කර ගත හැකියි.

6. සවන් දෙන්න
ඵලදායී සන්නිවේදනයක් සඳහා සවන්දීම ඉතා වැදගත් වන අතර සමහර විට කතා කිරීමට වඩා වැදගත් වෙනවා. ඔයාගේ ස්වාමිපුරුෂයා කතා කරන විට සවන් දී තේරුම් ගන්න. සංවාදයක් අතරතුර ඔහු කෙරෙහි අවධානය යොමු කරන්න. ඒ වෙලාවට ඔයාගේ දුරකථනය, රූපවාහිනිය හෝ ඔයාගේ අවධානය වෙනතකට යොමු කළ හැකි සංගීතය ප්‍රතික්ෂේප කරන්න.  ස්වාමිපුරුෂයා කතා කරන විට ඔයා පූර්ණ අවධානය යොමු කිරීමෙන් ඔහුට කොතරම් ගරු කරනවාද යන්න පෙන්නුම් කරනවා.

7. විනෝද වන්න
විවාහයේ සෑම දිනක්ම සිත් ඇදගන්නා සුළු නැහැ. සමහ​ර දිනක කම්මැලිකම ඇති වෙනවා. කම්මැලිකම ඔයාගේ සම්බන්ධතාවයට ඇතුල් වීමට ඉඩ දෙන්න එපා. විනෝද චාරිකා යන්න. නැතහොත් චිත්‍රපටි සහ සුන්දරවත් රාත්‍රීන් සැලසුම් කිරීම, රාත්‍රී ආහාරය එකට පිසීම, රූපවාහිනී කතා මාලාවක් නැරඹීම,  යෝග හෝ නැටුම් පන්ති එකට යාම, භාෂාවක් එකට ඉගෙන ගැනීම වැනි දෙදෙනාට​ම උපකාර වන යමක් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1632 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:17:35 AM
Script:/article/1632/are-you-a-good-wife-01.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:17:36 AM
Script:/article/1632/are-you-a-good-wife-01.html