මේ දේවල් කරොත් වයස කියන්නේ ඉලක්කමක් විතරයි

January 19, 2018
7,120
If you do these age is just a number
අපි හැමෝම වයසට යනවා කියන එක දන්නවා. ඒත් තමන් වයසට යනවා කියන එක පිලි ගන්න, තමන් වයස් ගත වෙලා කියලා අහන්න ගොඩක් දෙනෙක් කැමති නැහැ. ඒ නිසා තරුණ වෙන්න කරන්න තියෙන හැමදේම කරනවා. 

ඒත් ඔයා එහෙම කරන එකෙන් වෙන්නේ ඔයා ස්වභාවධර්මයට විරුද්ධව යන එක. ඒ නිසා අපි වයසට යනවා කියන එක, ඒක නතර කරන්න බෑ කියන එක අමතක නොකර ඔයාගේ ලස්සන වෙනුවෙන්, ඔයාගේ තරුණ පෙනුම රැක ගන්න එක වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කරාට කිසිම වැරද්දක් නැහැ. 

1. වයසට ගැලපෙන විදියට හැම දෙයක්ම කරන්න

ඇඳුම් පැළඳුම් ගනිද්දී, විලාසිතා කරද්දී , ඒ හැම දෙයක්ම ඔයාගේ වයසට ගැලපෙන විදියට කරන්න. අපි මොන දේ කරත් ඒ දේවල් කරන්න ඕන අපිට ගැලපෙන විදියට. එහෙම නොවුනොත් අනිත් මිනිස්සු ඉස්සරහා විහිළුවක් වෙනවා. ඒ නිසා හැම දෙයක්ම ඔයාගේ වයසත් එක්ක ගැලපෙනවද කියලා හිතලා බලලා කරන්න.

2. මේකප් 

මේකත් කලින් කිව්වා වගේ ඇඳුම් පැළඳුම් තොර ගන්නවා වගේම තමයි. ඔයාගේ වයසට තැනට ගැලපෙන විදියට මේකප් කරාට කිසිම වැරද්දක් නැහැ. හැබැයි wedding එකකට යද්දී දාන මේකප් එකක් office යද්දී ගැලපෙන්නේ නැහැනේ. ඒ වගේම ඔයාගේ ස්වභාවික ලස්සන වෙනස් නොවෙන විදියට මේකප් කරන්න. මේකප් එකකින් කරන්න ඕන ඔයාගේ ලස්සන වැඩි කරන එක මිසක් ඔයාව වෙනස් කරන එක නෙවෙයි. මේකප් මතම යැපෙන්න උත්සාහ කරන්න එපා.

3. බ්ලිචින් අඩංගු ආලේපන ඔයාගෙන් ඈත් කරලා තියන්න

වර්තමානේ තරුණ පරම්පරාව වැඩි පුර යොමු වෙලා තියෙනවනේ සතියෙන් දෙකෙන් සුදු වෙන ක්‍රීම් ගාන්න. එත් ඒ ක්‍රීම් ගාන එක නතර කරාම ලැබෙන ප්‍රතිඵලයි, ඒවායේ දිගුකාලින ප්‍රතිඵලයි ඔයා දැන ගෙන ඉන්න ඕන. ඔයාගේ සමට ඉතා අහිතකර රසායනිකයන් අඩංගු බ්ලිචින් ක්‍රීම් ඔයාගේ සෞඛ්‍යටත් හානි කරනවා. 

 4. ආත්ම විශ්වාසයක් ඇති කර ගැනීම

තමන් ලස්සන කෙනෙක් කියල දන්න ඕනෑම කෙනක් නිතරම හැසිරෙන්නේ හොඳ ආත්ම විශ්වාසයකින්. ආත්ම විශ්වාසයක් ඇති කර ගන්න නම් ඔයා ශරීරයෙන් නිරෝගී සහ ශක්තිමත් විය යුතුයි. ඒ වගේම හොඳ පෞර්ශත්වයකින් යුතු වෙන්න ඕන. කෘතීම සුන්දරත්වයට වඩා ඔයාට උපතින් ලැබුන ඔයාටම අවේනික පෙනුම ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරයි.

5. ආහාර පාන හා ව්‍යායාම

වයසට යන්න යන්න එන ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්නත් ඔයාගේ නිරෝගී බව රැක ගන්නත් ආහාර පාලනය සහ ව්‍යායාම අනිවාර්යෙන් අවශ්‍යයි. ලෙඩ රෝග ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි ඇඟ වෙහෙසන්න තියෙන කම්මැලි කම. කෑම පාලනය කරන්න බැරි නිසා අපේ ශරීරයට දිනපතා එකතු වෙන අනවශ්‍ය කැලරි දහනය සඳහා ව්‍යායාම අනිවාර්යෙන් අත්‍යාවශ්‍යයි.

6.සමේ තෙතමනය රැක ගන්න 

සමේ තෙතමනය රැකෙන විදියේ හොඳ  Moisturizer ක්‍රීම් එකක් දිනපතා අලේප කරන්න. ඒ මඟින් සම රැලි වැටීම අවම කර ගන්න පුළුවන්. සම රැලි වැටුනොත් වයසට වඩා වියපත් බවක් මුහුණට එකතු වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 631 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:31:09 AM
Script:/article/631/if-you-do-these-age-is-just-a-number.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:31:09 AM
Script:/article/631/if-you-do-these-age-is-just-a-number.html