අලුත් අවුරුදු කාලෙට ගොඩක් දෙනෙක් අතින් නොදැනුවත්වම වෙන ලොකුම වැරැද්ද

April 2, 2018
6,485
The most common mistake people do in the season
 
අවුරුදු කාලේ කියලා වෙනසක් නැතිව මේ වැරදි හැමදාම වගේ හැමෝම අතින් සිද්ද වෙනවා. එත් අලුත් අවුරුදු සමය කියන්නේ උත්සව සමයක්නේ. උත්සව සමයේදී මේ කියන වැරදි අනෙක් දවස් වලටත් වඩා සිදු වෙන එක සාමාන්‍ය දෙයක්. එත් පොඩ්ඩක් හිතලා බලලා මේ වැරදි අවම කර ගන්න උත්සාහ කරනවා නම් අවුරුදු සමයේදී ඔබ අතින් සිදු වන මුදල් නාස්ති වීම් අවම කර ගන්න පුළුවන්.

උත්සව සමය කියන්නේ අපේ අවශ්‍යතා වැඩි වෙන කාල සීමාවක්. ඒ වගේම ඒ අවශ්‍යතා මත අපේ වියදම් එහමත් වැඩි වෙන කාලයක්. ඒ නිසා මේ කාලේදී මුදල් පරිහරණය පිළිබඳව ඔබ ඉතා සැලකිලිමත් විය යුතුයි. මොකද සල්ලි වියදම් කරනවා වගේ උපයන්න ලේසි නැහැ. කාලයක් තිස්සේ අමාරුවෙන්, දුක් මහන්සියෙන් උපයා ගත්ත සල්ලි මේ කාලේදී බලා ඉඳිද්දී දිය වෙලා යනවා.

නමුත් ඔබේ අවශ්‍යතා වලට යම් සීමාවක් දා ගන්න පුළුවන් නම් මේ කාලේදී සිද්ධ වෙන අනවශ්‍ය වියදම් බොහොමයක් අවම කර ගන්න පුළුවන් වෙනවා. අත්‍යාවශ්‍ය දේ පමණක් මිලට ගැනීම වගේම අරපිරිමැස්ම කියන දේත් පුරුදු කර ගන්නවා නම් ඉතාමත් වටිනවා. ඒ පුරුද්ද කාන්තාවක් වුනු ඔබට කොහොමත් වැදගත්. 

උත්සව සමයේ නිතර නිතර සාප්පු සවාරි යන එක හැකි තරම් අවම කරන්න. එයින් ඔබේ මුදල් නිකරුනේ නාස්ති එන එක අවම කර ගන්න පුළුවන්.

ඒ වගේම මේ කාලේදී තවත් අය කරන ලොකුම වැරද්දක් තමයි මුදල් ණයට ගැනීම. ඇත්තටම සල්ලි ණයට අරන් අවුරුදු කාලා ඇති වැඩේ මොකද්ද? පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න. මහා ඉහලින් නැතිවට කමක් නෑ. ඔබේ ආර්ථික ශක්තියට හැකි පමණින් අවුරුද්ද සමරන්න. ණයවෙලා අවුරුදු කාලා අන්තිමට රටටම ණයකාරයෙක් වෙනවට වඩා එහෙම හොඳයි නේද? බොරු සෝබන වලට නෙවෙයි අපේ පාරම්පරික චාරිත්‍ර, වාරිත්‍ර වලට මුල්තැන දෙමින් මෙදා අවුරුද්ද සමරන්න.

ඒ වගේම අයවැය ගැන කිසිම සැලකිල්ලක් නොදැක්වීමත් ඔබ කරන ලොකු වැරද්දක්. උත්සව සමයේ අයවැය ලේකනයක් තබා ගන්න එක ඔබේ පසුම්බියට ගොඩාක් වැදගත් වෙනවා. වියදම් අවම කර ගන්නත් පුළුවන්.

ක්‍රෙඩිට් කාඩ් භාවිතය හැකි තරම් අවම කරන්න. ඒවායින් ඔබ නොදැනුවත්වම ලොකු ණය ගොඩකට හිර කරනවා. අවම පොලි අනුපාතයක් එක්ක ඔබට සරිලන credit card එකක් තමයි NDB Good Life Card එක. මේ පාර ණය නොවී අවුරුදු සමරන්න මේක තමයි ඔබට සුදුසුම credit card එක. ඒ වගේම අලුත් අවුරුද්දේ ගනුදෙනු කරන්න අනිවාර්යෙන් NDB බැංකුවත් එක්ක එකතු වෙන්න. මොකද ඔබ ඉතිරි කරන හැම සතයකටම නිසි වටිනාකමක් ලබා දෙන්න NDB බැංකුව සුදානම්. මේ අවුරුදු සමයේ ඔබ සිදු කරන තැම්පත් වෙනුවෙන් තෑගී භෝග රැසකුත් සුදානම් කරලයි තියෙන්නේ. අවුරුදු සමයේ මුදල් නාස්තිය අවම කර ගෙන NDB බැංකුව එක්ක
ඉතිරි කරන්න. අවුරුද්දම අවුරුදු වගේ ගෙවන්න.

NDB Bank

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 740 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:57 AM
Script:/article/740/the-most-common-mistake-people-do-in-the-season.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:57 AM
Script:/article/740/the-most-common-mistake-people-do-in-the-season.html