එලවළු රොටි හදන්න හිතන තරම් අමාරුද?

February 21, 2017
29,718
vegetable roti recipe
පාන් පිටි කෝප්ප 2ක්
ලුණු පදමට
තෙල් මේස හැදි 5ක්
වතුර කෝප්ප 1
තම්බාගත් අල 200g
ලීක්ස් 50g
කැරට් 100g
ගම්මිරිස් තේ හැදි 1ක්
කහකුඩු තේ හැදි 1/4ක්
මිරිස් කුඩු තේ හැදි 1ක්
තුනපහ තේ හැදි 1ක්
ළූණූ ගෙඩි 1ක්
සුදු ළූණූ තේ හැදි 1ක්
ඉගුරු තේ හැදි 1ක්
අමු මිරිස් කරල් 4ක්
අබ ඇට තේ හැදි 1/2ක්
කරපිංචා ඉත්තක්
රම්පේ කොල 1/2ක්

මුලින්ම බදුනකට පාන් පිටි දමා එයට ලුණු තේ හැදි 1 හා තෙල් මේස හැදි 1ක් දමා කවලම් කරගන්න. මිශ්‍රරණය හොදින් කවලම් වු පසු ටිකෙන් ටික වතුර එකතු කරගන්න. පසුව නැවත තෙල් මේස හැන්දක් එකතු කරගන්න. නැවත කවලම් කර පිටි මෝලිය කුඩාවට ගුලි කරගන්න. දැන් එම ගුලි වල හොදින් තෙල් තවරා තැටියක තබා ආවරනය කර පැය 2ක් පමන තබන්න.

ඒ අතර පිරවුමට අවශයය මිශ්‍රණය සකසා ගනිමු. තෙල් ස්වල්පයක් රත්කර එයට අබ ඇට දමා පුපුරන විට ළූණූ, ඉගුරු, සුදු ළූණූ, කරපිංචා, රම්පෙ, අමුමිරිස් එක්කර රන්වන් පැහැ වන විට තුනපහ, කහ, මිරිස්, ගම්මිරිස්, ලුණු එක්කරගන්න. මද වෙලාවකින් කැරට් එකතුකරන්න. පසුව ලීක්ස් දමා සුළු වේලාවක් තම්බා පොඩි කරගත් අල එකතු කරන්න. හොදින් මිශ්‍රකරන්න.

පැය 2ක් තබාගත් පිටි ගුලි තුනියට දිග හැරගන්න. පසුව එලවළු මිශ්‍රණය අවශයය පරිදි දමා ත්‍රීකෝණාකාරයට නවා ගන්න. අපහසු නම් හතරැස් ආකරයටද පුලුවන්.
ඉන්පසු රොටි තැටියක් රත්කර තෙල් ස්වල්පයක් එහි තවරා රොටී හොදින් පිසගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 72 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:45:11 AM
Script:/article/72/vegetable-roti-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:45:11 AM
Script:/article/72/vegetable-roti-recipe.html