පාද කියන රහස්

February 23, 2017
11,369
The Secret Language Of Toes
දිගින් වැඩි පාදයක් හිමි කාන්තාව ඇවිදීමට දක්ෂයි. ඇය අනුන්ගේ ඕපාදුප කතා කරමින් ගෙයින් ගෙට යන්නියක් වේ. පාදය කෙටි වීමද සුභ ලක්ෂණක් නොවේ. එවැනි අය හිතුවක්කාරය. ඉක්මනින් කේන්ති යයි. එවැනි කාන්තාව අතේ ඇඟිලිද කෙටිව ඇඟිලි තුඩු විශාලව පිහිටියේ නම් සිය සැමියා පවා ඝාතනයට පෙළඹේ. අනුන්ගේ අවවාද පිළි නොගනී. තමා දරන මතයේම එල්බගෙන සිටී. ඉගෙනීමට අදක්ෂය.

වඩා දිගත් නැති වඩා කොටත් නැති ඇඟිලි පිහිටා ඇති පාදයක් හිමි කාන්තාව වාසනාවන්තියකි. ස්වාමියාට ලැදියි. පින්වත් දරුවන් ලබයි. විවාහයෙන් පසු උසස් ලෙස දියුණූ වෙයි.

පාදයේ සුළගිල්ල බිම නොවැදීම කාන්තාවකට පිහිටවිය හැකි නපුරුම ලක්ෂණයයි. එවැනි අයගේ සැමියා අකාලයේ මිය යයි. හිතුවක්කාර විවාහයක් ලාබාල වියේදී කර ගනියි. දෙවන විවාහය අසාර්ථකය. සෙල්ලක්කාර ජීවිතයක් ගත කරයි. විලිබිය නැතිව කතාවට දක්ෂය. පාදයේ මහපට ඇඟිල්ල සෙසු ඇඟිලි වලට වඩා දිගින් පිහිටා ඇති කාන්තාව කුඩා කාලයේදීම චරිතය කෙලෙසා ගනී. ඇවිදීමට කැමැත්තක් දක්වයි. ජීවිතය ගැන සැහැල්ලුවෙන් සිතයි. උත්සාහයේ තරමට ප්‍රථීපල නැත. ඥාතීන්ගෙන් ලැබෙන උදව් උපකාර අඩුය. සුළැගිල්ල ළගට පිහිටි ඇඟිල්ල ඉහළට එසවීම හෝ එම ඇඟිල්ල ඊළඟ ඇඟිල්ල මතට නැමී තිබීමද සැමියාට අසුභ ලකුණක් වේ. අකාලයේ සැමියාගේ මරණය සිදු වේ. දුකෙන් කළකිරීමෙන් කාලය ගෙවේ. ඇවිදිනවිට දුවිලි පිසදාගෙන යන අයුරින් පාදය තබන කාන්තාව විශ්වාස කළ නොහැකිය. සැමියාට දක්වන ආදරය ව්‍යාජය, අන් පුරුෂයන් සොයා යයි. විවාහ කර ගන්නා පුරුෂයන් පවා පිරිහීමට ලක් වේ.

ඇවිදින විට කකුලේ ඇඟිලි ඇට කැඩෙන ශබ්දයක් නගා ඇවිදින කාන්තාව සදාකාලිකව දුක්බර ජීවිතයක් ගත කරයි. විවාහ දෙකකට හිමිකම් කියයි. සැමියා කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙයි.

රෝම වලින් පිරි කෙණ්ඩා හිමි කාන්තාව අතිශයින්ම රාගධිකයි. එක් පුරුෂයෙකුගෙන් පමණක් සෑහීමට පත් නොවේ. ඉඩ ලද විට වරදෙහි බැඳෙයි.

අනුරාධා දිලිනි ඉලංකෝන්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 77 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:46:13 AM
Script:/article/77/the-secret-language-of-toes.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:46:13 AM
Script:/article/77/the-secret-language-of-toes.html