හිස කෙස් තුනී වන ප්‍රශ්නයට තියෙන හොඳම සත්කාර

November 19, 2017
13,709
Best remedies to prevent thin hair
හිස කෙස් සම්බන්ධ විවිධ ප්‍රශ්න වලට අපේ ගොඩක් දෙනා නිතර නිතර මුහුණ දෙනවා. හිස කෙස් ගැලවී යාම, හිස කෙස් දුර්වර්ණ වීම, අකලට හිස කෙස් සුදු වීම වගේම හිස කෙස් තුනී වීමද ඔය ප්‍රශ්න අතර තියෙනවානේ. හිස කෙස් අනවශ්‍ය ලෙස තුනී වුණොත් ඉතා ඉක්මනින් කෙස් ගස් ගැලවී යන්න බලනවා. ඒ වගේම කැමති විදිහට, ඕන විදිහට හරියට විලාසිතාවක් වත් කරන්න බැරිව යනවා.

මේ තත්ත්වයෙන් ඔයාට මිදෙන්න කරන්න පුළුවන් සත්කාර කිහිපයක්ම තියෙනවා. ඊට කලින් හිස කෙස් තුනී වීමේ ගැටලුවට හේතු වෙන්නේ මොනවද කියලා දැනගෙන හිටියොත් ඉස්සරහට වත් ඒ තත්ත්වයන්ගෙන් මිදිලා ඉතුරු වෙලා තියෙන කොණ්ඩ ටික හරි පරිස්සම් කර ගන්න ඔයාට පුළුවන්.

අධික ශාරීරික වෙහෙස

මානසික ආතතිය

හෝමෝන අසමතුලිතතාවයන්

පෝෂණ ඌනතාවයන්

අයහපත් පාරිසරික තත්ත්වයන්

අසාත්මිකතා

වැරදි හිසකෙස් නිෂ්පාදන භාවිතය

හිසකෙස් වලට දෙන දුර්වල අවදානය

වගේ හේතු ගොඩක් මේ තත්ත්වයට හේතු වෙනවා. ඒ නිසා ඉදිරියේදී වත් මේ තත්ත්වයන්ගෙන් ඔයාගේ හිස කෙස් රැක ගන්න උත්සාහ කරන්න.

1. බිත්තර

ශක්තිමත් හා ඝන හිස කෙස් සඳහා අනිවාර්යෙන් වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබා දිය යුතුයි. බිත්තර කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. ඔයාගේ හිසකෙස් වල දිග අනුව බිත්තර එකක් හෝ දෙකක් ගන්න, එය හොඳින් බීට් කර තෙමා ගත් හිස් කබලේ සහ හිස කෙස් වල ආලේප කරන්න. විනාඩි 30කට පස්සේ මද උණුසුම් වතුරින් සෝදා ඉවත් කරන්න. සතියට වරක් මේ ඉහල ප්‍රෝටීන් සත්කාරය හිස කෙස් වලට ලබා දීමෙන් හිස කෙස් තුනී වීමේ ගැටලුව ඔයාට තව දුරටත් ඇති වෙන එකක් නැහැ.

2. එඬරු තෙල්

හිස කෙස් වර්ධනයට සහ ඝන කෙස් කළඹක් සඳහා එඬරු තෙල් සත්කාරය ඉතාමත් යෝග්‍යයි. එඬරු තෙල් මේස හැඳි 3ක් සහ පොල් තෙල් මේස හැඳි 2ක් හොඳින් මිශ්‍ර කර රත් කර ගන්න. පොඩි වෙලාවක් තෙල් එක නිවෙන්න තියලා හිස් කබලේ ආලේප කර විනාඩි 10ක් හොඳින් සම්බාහනය කරන්න. සම්බාහනය කරද්දී අත තරින් සම්බාහය කරන්න එපා. එහෙම වුණොත් හිස කෙස් ගැලවෙන්න පුළුවන්.

ඊට පස්සේ උණු වතුරින් පොඟවා ගත් තුවායකින් හිස කෙස් හා හිස් කබල ආවරණය කර විනාඩි 30කින් ඉවත් කරන්න. ෂැම්පු යොදා හිස හොඳින් සෝදා හරින්න.

3. කරපිංචා කොළ

හිස කෙස් වර්ධනය කරන්නත්, ඝන කෙස් කළඹක් ලබා දෙන්නත්, ස්වාභාවිකව හිස කෙස් කළු කිරීමේ හැකියාවත් කරපිංචා වලට තියෙනවා. කරපිංචා කොළ කෝප්ප දෙකක් වතුර ස්වල්පයක් එක්ක ඝන පල්පයක් වන තෙක් හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණය හිස් කබලේ ආලේප කර හොඳින් සම්භාහනය කරන්න. විනාඩි 30කින් සෝදා ඉවත් කරන්න.

මේ බාහිර සත්කාර කරන අතර තුරේ ශරීරයට ලැබිය යුතු අභ්‍යන්තර පෝෂණය ලබා දෙන්නත් අමතක කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 527 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:56:10 AM
Script:/article/527/best-remedies-to-prevent-thin-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:56:10 AM
Script:/article/527/best-remedies-to-prevent-thin-hair.html