ඔයා කෑම කන්නේ බඩ පිරෙන්න ද? හිත පිරෙන්නද?

May 24, 2018
10,354
Do you eat to fill your tummy or heart?
අපි කෑම කන්නේ බඩගින්නට. ගොඩක් වෙලාවට අපි අපේ බඩගින්න නිවාගන්න කෑම කෑවට ඒවගේ තියෙන පෝෂණය හා ශරීරයට පෝෂණය කොයිතරම් දුරට අත්‍යවශ්‍ය ද කියන එක ගැන හිතන්නේ ඉතාමත් අඩුවෙන්. අපි කෑම කන්නේ බඩ පුරවා ගන්න විතරයි. ඒත් අපි ගන්න ආහාර කුසගින්න වගේම පෝෂණ අවශ්‍යතාවන් සියල්ලක්මත් සම්පූර්ණ විය යුතුමයි. ආහාර වේලෙහි පෝෂණය සහ ගුණාත්මක බව කෙරෙහි වැඩි උනන්දුවක් දැක් වීමෙන් නිරෝගී දිවියක් හා දීර්ඝායුෂ ලබා ගන්න පුළුවන්. එහම වුනොත් විතරයි බඩයි හිතයි දෙකම පිරෙන්නේ.

ඔබ ලබා ගගන්නා සෑම ආහාර වේලකටම ශාකමය ආහාර එකතු කර ගන්න එක ඉතාමත් වැදගත්. ඊට අමතරව කිරි ආශ්‍රිත නිෂ්පාදන සහ මස්, මාළු, කිරි, බිත්තර ආශ්‍රිත නිෂ්පාදන, එළවළු හා පලතුරු වර්ග ධාන්‍ය, අල වර්ග හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ලබා ගැනීම ඉතාමත් හොඳයි.

මේදය සහිත ආහාරයක් ඉඳහිට හෝ ඔබේ ආහාර වේලට එක් කර ගත්තාට කිසි වැරැද්දක් නෑ. ඒ වගේම වෙළඳපොලෙන් පිළියෙළ කල ආහාර හා කෘතීම ආහාර මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතුයි. අප මිලදී ගන්නා බොහෝ නිෂ්පාදන වල ඒවායේ අඩංගු කැලරි ප්‍රමාණය වගේම පෝෂණ සංඝටකත් ප්‍රදර්ශනය කර තිබෙනවා. මේ නිසා තමන්ගේ සෞඛ්‍ය ගැන සැලකිල්ලෙන් ආහාර ලබා ගන්න පුළුවන් වගේම ආහාරවලින් වැළකී ඉන්නත් පුළුවන්.

ඒ වගේම සාමාන්‍යයෙන් වැඩුණු පුද්ගලයෙක් දිනකට ලබාගත යුතු පෝෂණ ප්‍රමාණය මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්

කාබෝහයිඩ්‍රේට 65%යි
ප්‍රෝටීන් 15%යි
මේදය 20%යි.

ඊට අමතරව විටමින්, ඛනිජ ලවණ, ජලය අවශ්‍ය ප්‍රමාණයට ලබා ගන්නත් අමතක නොකළ යුතුයි.

ඒ වගේම හැම මවක්ම තමන්ගේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා පිළිබඳවත් ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. පාසල් කාලයේදී දරුවන්ට ලබාදෙන ආහාර වේල් පිළිබඳව හෝ රාත්‍රී කාලයේදී ඔවුන්ට ලබාදෙන ආහාර වේල සම්බන්ධයෙන් වැඩි විශ්වාසයක් තබන්න බැහැ. මොකද දරුවන්ගේ බුද්ධි වර්ධනය හා කායික වර්ධනය රඳා පවතින්නේ අපි ඔවුන්ට ලබාදෙන ආහාර වේලේ ප්‍රමාණය හා ඒවායේ ඇති පෝෂණ ගුණය පදනම් කරගෙන. ඒ නිසා විශේෂයෙන් උදේ ආහාරය සම්බන්ධයෙන් සැලකිලිමත් වීම අනිවාර්ය කාරණාවක්. දරුවන්ගේත් බඩ සහ හිත පිරෙන විදියට කෑම ටික කවන එක හැම අම්මා කෙනෙක්ගෙම වගකීමක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 831 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:13:22 PM
Script:/article/831/do-you-eat-to-fill-your-tummy-or-heart.html
Referer:https://priceline.com/

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:13:23 PM
Script:/article/831/do-you-eat-to-fill-your-tummy-or-heart.html
Referer:https://priceline.com/