රසම රස ස්ට්‍රෝඛෙරි චීස් කේක්

August 2, 2017
5,259
Strawberry cheesecake recipe
නැවුම් ක්‍රීම් 100ml
සීනි 95g
ක්‍රීම් චීස් 150g
විප්ඩ් ක්‍රීම් 85g
දිය කරගත් බටර් 50g
කුඩු කරගත් මාරි බිස්කට් 30g
මෝතා ජෙලටින් 12g
නැවුම් ස්ට්‍රෝඛෙරි 200g
වතුර 100ml
ස්ට්‍රෝඛෙරි 150g

මුලින්ම සුදුසු දීසියක් ගෙන තෙල් කඩදාසියක් ඒ මතට දමන්න. ඉන්පසු රින්ග් මෝල්ඩ් එකක් ඒ මත තබන්න. මාරි බිස්කට් දියකළ බටර් වල පොඟවා, රින්ග් මෝල්ඩ් එකට දමා අතින් තද කරන්න. මිනිත්තු 10 ක් පමන ශීතකරණයේ තබන්න.

නැවුම් කිරි හා සීනි හොඳින් උණුකර නිවෙන්නට තබන්න. ක්‍රීම් චීස් හොඳින් ගසා නිවුනු කිරි මිශ්‍රණයට දමන්න. ඉන්පසු විප්ඩ් ක්‍රීම් ඉහත සඳහන් මිශ්‍රණයට එකතු කොට අතින් කළවම් කරන්න.

ජෙලටින් ඩබල් බොයිල් ක්‍රමයට උණුකර දියකරගෙන නිවෙන්නට තබන්න. ඉන්පසු ජෙලටින් ඉහත සඳහන් මිශ්‍රණයට එකතු කරන්න. මිශ්‍රණය රින්ග් මෝල්ඩ් එකකට දමා ශීතනරණයේ තබන්න.

කපාගත් ස්ට්‍රෝඛෙරි පෑන් එකකට සීනි හා වතුර සමඟ දමා උකු සෝස් එකක් සෑදෙන තෙක් පිසගන්න. ඉන්පසු සෝස් එක නිවෙන්නට තබන්න.

සවිවූ චීස් කේක් එක ශීතකරණයෙන් බාගන්න.

දැන් ස්ට්‍රෝඛෙරි සෝස් එක චීස් කේක් එකේ තවරා යලි ශීතකරණයේ තබන්න. චීස් කේක් එක සෙට් වු පසු ශීතකරණයෙන් ගෙන රිනිග් මෝල්ඩ් එකෙන් ගලවන්න. අවශ්‍ය නම් චොකලට් රිබන් එකකින් සරසා පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 364 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:10:07 AM
Script:/article/364/strawberry-cheesecake-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:10:07 AM
Script:/article/364/strawberry-cheesecake-recipe.html