මේ වචන අපිට එච්චර අහන්න දකින්න නොලැබෙන වචන දෙකක් උනාට. පුංචි දරුවෙක් ගෙදර ඉන්න අම්මලා තාත්තලාට නම් වැදගත්ම වෙන වචන දෙකක්. මොකද දරුවන්ගේ හොඳම පෝෂණය ගැන හිතන දෙමාපියන්ට මේ GOS සහ FOS කියන්නේ මොනවද කියලා දැනගෙන ඉන්න එක නම් ගොඩක් වැදගත්. Fructooligosaccharides කියන වචනය ටිකක් උච්චාරණය කරන්න අපහසු නිසා ඒ වෙනුවට භාවිත කරන කෙටි නම තමයි FOS කියන්නේ. ඒ වගේම Galactooligosaccharides කියන වචනය භාවිතයේ පහසුවට තමයි GOS කියලා කෙටි කරලා කියන්නේ. මේ දෙකම අයිති වෙන්නේ prebiotic වලට. prebiotic කිවුවම නම් අපිට නිතරම වගේ ඇහෙන ටිකක් හුරු වචනයක් මොකද දරුවන් වෙනුවෙන් ගන්න ආහාර වර්ග බොහොමයක prebiotic අඩංගු වෙලා තියෙනවා කියලා අපි අහලා තියෙනවා නේ.
සරලවම කියනවා නම් FOS කියන්නේ සීනි වෙනුවට භාවිතා කල හැකි සීනි වලට වඩා අඩු කැලරි ප්‍රමාණයක් අන්තර්ගත වෙන සෞඛ්‍යමය අතින් ප්‍රතිලාභ ගණනාවක් අඩංගු වෙන දෙයක්. GOS කියන්නෙත් එහෙමයි. FOS සහ GOS වල සාමාන්යෙන් සීනි වල අඩංගු වෙන කැලරි ප්‍රමාණයට වඩා ඉතා අඩු කැලරි ප්‍රමාණයක් අන්තර්ගත වෙන නිසා සීනි වෙනුවට සාර්ථකම විකල්පය ලෙස භාවිතා කරන්න පුළුවන්. මේවා කිසිම අවස්ථාවක රුධිරයේ සීනි මට්ටම වැඩි වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. සමහර අය බය වෙන්න පුළුවන් මේවා කෘතීම දේවල් කියලා නමුත් මේවා 100% ක්ම ස්භාවික දේවල් . අපි එදිනෙදා ආහාරයට ගන්න බොහොමයක් දේවල් වල FOS සහ GOS අඩංගු වෙනවා. පර්යේෂකයින් සොයාගෙන තියෙන විදිහට FOS වැඩිම සාන්ද්‍රණයක් අඩංගු වෙන්නේ ළුණු , සුදුළුණු ,blue agave, chicory root වගේ දේවල් වල. ඒ වගේම බොහොමයක් ළදරුවන්ට වගේම වැඩිහිටියන්ට ලබාදෙන පෝෂණ අතිරේක වල වගේම වෙනත් සකස් කරන ලද ආහාර වලත් FOS අඩංගු වෙනවා. බොහෝ වෙලාවට මිනිස්සු GOS භාවිතා කරනවා විවිධ රෝග වර්ග වලට ඖෂද නිෂ්පාදනය කරන්න ඒ වගේම දරුවන්ට දෙන අහාර, කිරිපිටි වර්ග වලටත් GOS එකතු කරනවා.
ඔබේ දරුවාට FOS සහ GOS වැදගත් වෙන්නේ මේ නිසයි
අපි හැම දෙකටම වඩා හිතන්නේ අපේ දරුවන්ගේ ආරක්ෂාව වගේම පෝෂණය ගැන. දරුවෝ නිරෝගීව ඉන්නවා නම් අපිට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. අපි දරුවන් වෙනුවෙන් දේවල් තෝරාගන්නකොට නිතරම බලන්නේ පෝෂණ ගුණයෙන් ඉහල හොඳම දේවල් තෝරාගන්න. ඉතින් GOS සහ FOS කියන්නේ දරුවන්ට හොඳම පෝෂණයක් වගේම තවත් හොඳ සෞඛ්‍ය ප්‍රතිලාභ ගණනාවක් ලබාදෙන දෙයක්.
01. අහිතකර බැක්ටීරියා වලින් දරුවාව ආරක්ෂා කරනවා
අහාර විෂවීම් සමඟ සම්බන්ධ විෂ සහිත බැක්ටීරියාවක් වන Clostridium perfringens කියන බැක්ටීරියාව මර්ධනය කරනවා. ඒ වගේම salmonella කියන රෝගයට එරෙහිව යම් ආරක්ෂාවක් සැපයීමේ හැකියාවකුත් FOS සහ GOS වලට තිබෙනවා. ඒ වගේම සියලුම ආකාරයේ අහිතකර බැක්ටීරියා වලින් ඔබේ දරුවාව ආරක්ෂා කිරීමේ හැකියාවත් තිබෙනවා.
02. හිතකර බැක්ටීරියා වර්ධනය කරනවා
දරුවන්ගේ බඩවල් තුල හිතකර බැක්ටීරියා වර්ධනය කරමින් දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. දරුවාව ලෙඩ රෝග ගණනාවකින් ආරක්ෂා කරනවා.
03. කෙදි සහිත බවින් වැඩියි
FOS සහ GOS කියන්නේ fiber වැඩි වශයෙන් තියෙන දෙයක්. මේ නිසා හිතකර බැක්ටීරියා තව දුරටත් පෝෂණය කරමින් දරුවන්ගේ මලබද්ධය වගේ ගැටළු හොඳින් නිරාකරණය කරනවා.
04. පිළිකා වගේ භයානක රෝග ගැන අවධානමක් නැහැ
පැණිරස කාරක පිළිකා සෛල වර්ධනය කරනවා කියන අදහස ඇත්ත උනත් FOS සහ GOS කිසිම අවස්ථාවක පිළිකා සෛල වර්ධනය කරන්න හේතුවක් වෙන්නේ නැහැ. තව දුරටත් පැහැදිලි කරනවා නම් පිළිකා සඳහා ඖෂධ නිෂ්පාදනය කරන විට GOS භාවිතා කරනවා.
05. දියවැඩියාව පාලනය කරනවා
අද වයස් භේදයක් නැතුවම පොඩි දරුවෝ පවා ඉන්නවා දියවැඩියාව වැළඳිලා ඉන්න. FOS සහ GOS වල අඩංගු වෙන්නේ සාමාන්‍ය සීනි වල තියෙනවට වඩා බොහොම අඩු කැලරි ප්‍රමාණයක්. ඒ වගේම තමයි මේවා කිසිම අවස්ථාවක රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා මිසක් දිය වැඩියාව ඇතිවෙන්න හෝ වර්ධනය කරන්න හේතුවක් වෙන්නේ නැහැ.
FOS සහ GOS කියන්නේ දරුවන්ගේ වර්ධනයට වගේම නිරෝගී කමටත් වැදගත් වෙන දේවල් කියන එක දැන් ඔබටත් වැටහෙනවා ඇති. මේ දේවල් වලට අමතරව තවත් බොහෝ දේවල් තියෙනවා FOS සහ GOS වලින් ලැබෙන. ඒ නිසා ඔබේ දරුවා වෙනුවෙන් මේ දේවල් නිවැරදි ප්‍රමාණ වලින් අඩංගු වෙන දේවල් නිතරම තෝරාගන්න උත්සහ කරන්න.