ඔබේ ආදරේ අනිත් අයට වඩා වැඩියි ද?

July 20, 2017
8,347
The ways you prove your love
ආදරේ කියන්නේ හරිම සුන්දර හැඟීමක්. අපි හැමෝම ආදරය විඳින්න වගේම, ආදරේ කරන්නත් කැමතියි. ආදරේ කරද්දී අපි හැමෝම හැසිරෙන්නේ වෙනමම විදිහකට. ආදරේ අන්ධයි කියලා කට්ටිය කියන්නෙත් ඒ නිසාම වෙන්න ඇති.

අනිත් පෙම්වතුන්ට වඩා, ඔබ දෙදෙනා හරිම ආදරෙන්, එකට එකතු වෙලා ඉන්නවා කියලා පෙන්නුම් කරන්න, ඒත්තු ගන්වන්න ඔබ නොදැනුවත්වම එක එක දේවල් කරනවා කියලා ඔබ දන්නවද? කැමතිද ඒ මොනවගේ වැඩද කියලා දැන ගන්න? කියවලා බලන්නකෝ.

අනික කපල්ස් ගැන කතා කරලා, ඔය දෙන්නා ඔක්කොටම වඩා හොදයි කියන තීරණයට අවසානයේදී එන එක

අනික් අය යන එන තැන්, කරන වැඩ, උපන්දින වලට හුවමාරු කර ගන්න තෑගි වගේ දේවල් ගැන විවේචනය කරලා, ඔය දෙන්නා මේ දේවල් වලදී කරන්නේ අනික් හැම කෙනාටම වඩා වැඩි වටිනාකමකින් යුතු දේවල්ය කියලා දෙන්නම කතා කරනවා. ඒකෙන් අනික් අයට වඩා වැඩි ආදරයක් ඔය දෙන්න අතරේ තියෙනවා කියාලා දෙන්නම කියා ගන්න එක.

අනාගතේදී ඉපදෙන දරුවන්ට දාන නම්, කසාද බඳින්න කලින් ඉදලාම ප්ලෑන් කරන එක

දෙන්නා එක්ක එකතු වෙලා එක එක නම්, තවම ඉපදිලාවත් නැති ළමයින්ට දාන්නෙත් එහෙම ආදරේ ගැන පෙන්වන්නලු.

දෙන්නට දෙන්න අමුතු සුරතල් නම් දාගන්න එක

ඇහුවහම හිනායන පුදුම හිතෙන නම් දාගෙන දෙන්නව හඳුවාගන්න එක ඔබත් කරනවාද?

ලොකු මීටිමක් මැද්දෙදි අමුතු මැසේජර්ස් දාන එක

වැදගත් මීටින් එකක මැද්දෙදි වුනත්, ඔහුට තරු පේන විදිහේ අමුතුම අමුතුම මැසේජර්ස් යවන්නෙත්, ආදරේ වැඩි කියලා පෙන්නන්නලු.

අනික් කෙනාගේ අවධානය දිනා ගන්න එක එක දවල් ගැන චෝදනා කරන එක

ඇත්තටම ප්‍රශ්නයක් නොවුනත්, ඔෆිස් එකේ, පවුලේ ප්‍රශ්නයක් ගැන අනික් කෙනා එක්ක පොඩි එකෙක් වගේ කතා කරන්නේ ඇත්තටම ප්‍රශ්නයක් තියෙන නිසාවත්, ඒකට උත්තරයක් ඕනේ නිසාවත් නෙමෙයි. එයත් එක්ක හුරතල් වෙන්න ඕනේ නිසායි.

එයා නැති තැන, එයාගේ ඇඳුම් ඉඹලා බලන එක

අනිත් කෙනාගේ සුවඳ එයා ඇඳගෙන හිටපු ඇඳුම් වලින් හොරෙන් විඳින්නෙත් අනිත් අයට වඩා වැඩි ආදරයක් ඔය දෙන්නා අතරේ තියෙනවා කියලා තමන්ටම ඒත්තු ගන්ව ගන්නලු.

තේරුමක් නැතිව පොඩි පොඩි දේවල් වලට රණ්ඩු වෙන එක

ඇත්තටම තේරුමක් නැති දේවල් වෙනුවෙන් බොරුවට එල්ලීගෙන යන්නේ, හැමදාම එක දිගට හොඳින් ඉන්නවට වඩා, පොඩි රණ්ඩුවකින් පස්සේ කොහොමත් දෙන්න අතරේ ආදරේ ආපහු වැඩි වෙන නිසා. ඒ හරහාත්, ඔය දෙන්න අනිත් යට වඩා වැඩියෙන් ආදරෙන් ඉන්නවා කියලා තම තමන්ට නොදැනුවත්වම තහවුරු කරගන්නවාලු.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 354 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:13:49 AM
Script:/article/354/the-ways-you-prove-your-love.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:13:49 AM
Script:/article/354/the-ways-you-prove-your-love.html