ඔයාගේ මිතුරාට ඔයා ගැන ආදර හැඟීම් ඇති වෙලාද කියලා දැන ගන්න පුලුවන් ලක්ෂණ

August 22, 2020
6,759
Hints to find if your friend is in love with you
සම්බන්ධතාවයක පළමු පියවර බොහෝ විට මිත්‍රත්වය කියලා ඔයා අහලා ඇති. සමහර වෙලාවට ඔබට සිතිලා ඇති ඔබ දෙදෙනා අතර මිතුරු සබඳතාවයට වඩා වැඩි දෙයක් තියෙනවා ද කියලා. ඒ නිසා අද හැඩකාරී අපි ඔයාට, මිතුරාගේ හැඟීම් වඩා හොඳින් තේරුම් ගැනීමට ඔයාට උපකාරී වෙන ලක්ෂණ කිහිපයක් ගැන කියන්නම්...

මිතුරෙක් ඔයාට ප්‍රේම ඉඟි දක්වන බවට මෙම සලකුණු ඔයා දැක්කොත්, එහිදී ඕනෑවට වඩා ව්‍යාකූල නොවී වඩා යහපත් තීරණයක් ගන්නට ඔයාට පුලුවන් වෙයි. කොහොම වුණත් ඒක ඔබ දෙදෙනා අතර තියන මිත්‍ර සම්බන්ධතාවයට විශාල පීඩනයක් ඇති කරනවා නම් විවෘතව සාක්ච්ඡා කරලා විසඳ ගන්නත් පුළුවන්.

ඔයා ඔයාගෙන්ම අසා දැන ගන්න ඕනේ පළමු ප්‍රශ්නය මේකයි : ඔහු සමඟ ඔයා ආදරයෙන් බැඳීමට කැමතිද?

ඔබේ මිතුරා ආදරයෙන් බැඳී සිටිනවාද කියන එක ගැන ලකුණු සොයනකොට, ඔබට ඇතිවෙන ප්‍රශ්න නම්, එක්කෝ ඔබ ඔහුට කැමති වෙනවාද හෝ ඔහුව ප්‍රතික්ෂේප කරනවාද කියන එකයි. ඔහු ඔබට කැමති බව පෙනෙනවා නම් ඔබ ඊළඟට ගන්න සුදුසු පියවර මොකක්ද කියලා හිතන්න. 

ඔයාගේ මිතුරා ඔයාට එකවරම ආදරය ප්‍රකාශ නොකරත් ඔහු පාන ඉඟි බිඟි වලින් ඔයාට ඔහුව තේරුම් ගන්න පුළුවන්. ඒ මෙහෙමයි :

1. ඔහු ඔයා වෙනුවෙන් කාලය ගත කරයි
මිතුරා ඔයාට කැමති නම්, ඔහු කාර්යබහුල වෙලාවට පවා ඔයාට ප්‍රමුඛත්වය දෙනවා. ඔහු ඔයාට කැමති බව දැන ගැනීමට මෙය හොඳම ක්‍රමයක්. කොහොම වුණත් ඔබට ඔහු එක්ක තියෙන්නෙ දීර්ඝ කාලීන මිත්‍රත්වයක් නම් ඒ මිතුරුබව නිසාම ඔහු බොහෝ කාලය හා අවධානය ඔබට ලබා දෙන්න පුලුවන් බවත් මතක තබා ගන්න. 

2. ඔහු සෑමවිටම ඔයාව ආකර්ෂණය කර ගන්න උත්සාහ කරනවා
ඔහු ඔබෙන් කොපමණ අවධානයක් ලබා ගැනීමට උත්සාහ කරනවාදැයි සොයා බලන්න. මිතුරා ඔයා කැමති දේ පමණක් කිරීමට සිතනවා ද? සමහර විට ඔහු විහිළු වලින් ඔයාව සිනාසීමට හෝ ඔබ කැමති ගීත වාදනය කිරීමට නිතරම ආසයි ද? සරල දෙයකින් පවා ඔහු ඔබට ආදරයෙන් සලකනවා නම් ඒක ඔහුගේ ආදරය පිළිබඳ ලකුණක් වෙන්න පුලුවන්.

3. ඔහු ළඟදි ඔයාට ආරක්ෂිත බවක් දැනීම
ඔහු ඔයා එක්ක ක්‍රියා කරන ආකාරය නිරීක්ෂණය කරන්න. ජනාකීර්ණ ස්ථානවල සිටිනකොට ඔහු සැමවිටම ඔයාව මලක් වගේ බලා ගන්නවා නම්, අන් අය ඔයාට සලකන ආකාරය ගැන ඔහු විමසිල්ලෙන් සිටිනවා නම්, ඒ වගේම ඔයා ඔයාට සලකන ආකාරය ගැනද ඔවුන් විමසිල්ලෙන් ඉන්නවා නම් සහ සියල්ලටම වඩා ඔහු ඔයාගේ යහපැවැත්ම වගකීමක් ලෙස සිතනවා නම් ඒක ආදරයේ සලකුණක්. 

4. ඔහු ඔයා සමඟ සමීප වීමට උත්සාහ කරයි
ඔහු ඔයාව බොහෝ විට ස්පර්ශ කරනවාද? නිදසුනක් වශයෙන් ඔයා සමඟ කතා කරන විට ඔහු නිතරම ඔයාගේ අත හෝ හිසකෙස් ස්පර්ශ කරනවා වෙන්න පුලුවන්. මෙම කුඩා සංඥා පවා ඔහු ඔබට කියන්න හදන හැඟීම් වල ඉඟි වෙන්න පුළුවන්.

5. ඔයාට සහාය දැක්වීමට ඔහු සැමවිටම ඉඳීම
මිතුරෙක් ඔයා ගැන ආදරයෙන් උමතුවක් දක්වනකොට ඔහු ඔයාගේ සතුටේදී මෙන්ම දුකේදීත් ඔයා සමඟ ඉන්නවා. ඔයාගේ උසස්වීම් ගැන ඔහු ඔබට සුබ පතනවා. දුක හිතුන මොහොතක සනසනවා. උදාහරණයක් විදිහට ඔයාට රැකියාවේ ගැටලුවක් නම් ඒ සඳහා උදව් කිරීමට, හමුවෙන්න බය වෙලා හිටපු වෛද්‍යවරුන් හමුවීමට ද ඔයා සමඟ යන්න එනවා.

6. ඔහු සාමාන්‍යයට වඩා වැඩි ප්‍රමාණයක් බෙදා ගන්නවා
මිතුරා ඔයා ගැන ආදරයෙන් උනන්දු වෙනවා නම්, ඔහු ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගැනීමට පටන් ගන්නවා. ඇත්තටම ඔහු මෙවැනි දේ කරන්නේ, ඔහුගේ හැඟීම් සහ ගැඹුරු රහස් ඔයා සමඟ බෙදා ගන්නේ ඔබ සමඟ ගැඹුරු සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය නිසායි.

7. ඔහු ඔයාගේ මිතුරන් හා පවුලේ අය ගැන උනන්දුවක් දැක්වීමට උත්සාහ කරයි
මිතුරෙක් ඔයා ගැන ආදරයෙන් උනන්දුවක් දක්වනකොට ඔහුට ඔයාගේ ජීවිතයේ සියලු වැදගත් අංශ ගැන දැන ගැනීමට උත්සුක වෙනවා. ඔහු ඔයාගේ දෙමව්පියන් සමඟ කතා කරමින් සුහද සබදතාවයක් ගොඩ නගා ගන්නත් උත්සහ කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1789 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:11:31 AM
Script:/article/1789/hints-to-find-if-your-friend-is-in-love-with-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:11:31 AM
Script:/article/1789/hints-to-find-if-your-friend-is-in-love-with-you.html