මේ වැරදි පුරුදු ඔබව ඉක්මනින්ම වියපත් කරාවි හරියට මැජික් එකක් වගේ

February 27, 2017
15,351
6 Unhealthy Habits That Make You Age Faster
හැමෝම කැමති කොච්චර වයසට ගියත් බොහොම තරුණ විදිහට ඉන්නනෙ. මේ නිසා ගෑනු වගේම පිරිමි අයත් නොකරන දෙයක් නෑ. වෙළදපලට එන අලුත් අලුත් දේවල් මේ අය අත්හදා බලන්නේ කොහොම හරි තරුණ පෙනුම රැකගන්න. හැබැයි කොච්චර මේ දේවල් භාවිතා කරත් වැඩක් නෑ ඔබ අතින් සමට හානි වෙන දේවල් නොදැනුවත්ව හරි සිදු වෙනවා නම්. අන්තිමට වෙන්නේ ඔබ සම රැකගන්නේ කොච්චර වියදම් කරත්, ඔබේ වයසටත් වඩා වියපත් පෙනුමක් ඔබට ලැබීමයි. බලන්නකෝ මෙච්චර දවසක් ඔබ අතිනුත් මේ වැරදි ටික උනාද කියලා.

1. ඉක්මනින් මුහුණ සේදීම

සාමාන්යෙන් ඔබ මුහුණ හෝදන්න කොපමණ වෙලාවක් වැය කරනවද? තත්පර 30ක් හෝ විනාඩියක්? මේ වගේ කාලයක් ගත කරනවා නම් එය හොදයි. නමුත් ඔබ මීටත් වඩා අඩු වෙලාවක් නම් මුහුණ සේදීම සදහා වැය කරන්නේ, එයින් ඔබේ සමට සිදු වන්නේ යහපතකට වැඩ හානියක්. බොහෝ කාන්තාවන් කරන්නේ ඉක්මනින් මුහුණේ සබන් ටිකක් ගාගෙන වතුර දෙපාරක් තුන්පාරක් මූණට දාගන්න එක. මේ වැඩෙන් ඔබේ සම නිවැරදිව පිරිසිදු වෙන්නෙත් නෑ. සාමාන්යෙන් ඔබ මුහුණ සේදීම සදහා යම් facewash වර්ගයක් හෝ cleanser වර්ගයක් භාවිතා කරනවා නම් ඉන් මුහුණට ලැබිය යුතු උපරිම ප්‍රතිපල ලබා ගන්න එය අවම වශයෙන් තත්පර 20ක් වත් හොදින් මුහුණේ අලේප කරමින් සම්බාහනය කල යුතුයි. ඉන් පසුවයි එය සෙමෙන් හොදින් මුහුණින් සෝදා ඉවත් කල යුත්තේ. නැතිනම් වෙන්නේ ඔබේ සම මතුපිට ඇති විසබීජ පමණක් ඉවත් වීමයි. මේ නිසා අවසානයේ ඔබේ සම වියලි භාවයට පත් වෙනවා වගේම ඉක්මනින් වියපත් භාවයටත් පත් වෙනවා.

2. මුහුණ සේදීමෙන් පසු හොදින් වියලා නොගැනීම

බොහෝ කාන්තාවන් මුහුණ සේදීමෙන් අනතුරුව මුහුණ හොදින් පිසදා වියලා ගැනීමට වැඩි උනන්දුවක් දක්වන්නේ නෑ. ඔවුන් කරන්නේ ඉබේම මුහුණ වියලියාමට ඉඩදී බලා සිටීමයි. රස්නය අධික කාලයට මෙය ඔබට සහනයක් ගෙන දෙන කාරණාවක් උනාට ඇත්තටම මුහුණේ වතුර ඉබේම වියළී යාමට ඉඩ හැරීම නිසා සම වියලි භාවයට පත් වෙනවා. මේ නිසා ඔබ අනිවාර්යෙන්ම මතක තබා ගත යුතුයි මුහුණ සේදීමෙන් අනතුරුව හොදින් පිසදා වියලාගෙන සුදුසු moisturizer වර්ගයක් අලේප කරගන්න.

3. එකම තුවාය ඇගට සහ මුහුණට භාවිතා කිරීම

බොහෝ දෙනෙක් ඇගට සහ මූණට වෙන වෙනම තුවා භාවිතා කරන්නේ නෑ. නමුත් ඇත්තටම අපි මුහුණට සහ ඇගට වෙන වෙනම තුවා භාවිතා කල යුතුයි. මොකද නැත්නම් අපේ ඇගේ තියන බැක්ටීරියා අපිම අරන් මුහුණේ ගාගන්න එක තමයි වෙන්නේ. මොකද බොහෝ වෙලාවට අපි මුහුණ හොදින් පිරිසිදු කර ගත්තත් ඇග හොදින් පිරිසිදු කර ගන්නේ නෑ. මේ නිසා හොදම දේ තමයි ඇගට සහ මුහුණට වෙන වෙනම තුවා භාවිතා කරන එක.

4. උණුසුමින් වැඩි ජලය මුහුණ සේදීම සදහා භාවිතා කිරීම

උණුසුම් ජලයෙන් නාන්න, ඇග සෝදන්න වගේම මුහුණ හෝදන්නත් කවුරුත් කැමතියි. නමුත් ඕනෑවට වඩා රස්නේ වතුර වලින් මුහුණ හෝදන එක නම් එච්චර හොද දෙයක් නෙවෙයි. මොකද මේ නිසා ඔබේ සම ඉක්මනින් වියලි භාවයට පත්වෙන්න පුළුවන්.

5. Makeup Brush නිතර පිරිසිදු කර තබා නොගැනීම

makeup brush කියන්නේ දිනපතා අපි භාවිතා කරන දෙයක්. නමුත් බොහෝ කාන්තාවන් සිතන්නේ නෑ මේවා නිතර පිරිසිදු කර ගැනීම අනිවාර්ය දෙයක් බව. නමුත් අපි makeup brush පිරිසිදු කර ගන්නේ නැතුව සතියකට වඩා කාලයක් භාවිතා කරනවා කියන්නේ අනවශ්‍ය බැක්ටීරියා සහ විසබීජ විශාල ප්‍රමාණයක් makeup සමග මුහුණේ ආලේප කරගන්නවා කියන එක. මේ නිසා වෙන්නේ ඔබේ මුහුණේ කුරුලෑ ඇතිවී මුහුණේ සම අසාදනය පත් වීමයි. ඔබට හැමදාමත් මුහුණ ලස්සනට තියාගන්න ඕනේ නම් අනිවාර්යෙන් දින තුනකට වතාවක්වත් ඔබේ makeup brush ටික පිරිසිදු කර ගන්න.


6. නින්දට යාමට පෙර මුහුණ නොසේදීම

ඔබ නින්දට යාමට පෙර මුහුණ සේදීම අනිවාර්යෙන්ම කල යුතු දෙයක්. මොකද ඔබ නිදා ගන්න ගිය විට ඔබේ සම එය විසින්ම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ කාලය තුල ඔබේ සම කිසිදු ආකාරයක අහිතකර බැක්ටීරියා සහ විසබීජ වලින් තොරව ස්වයං ක්‍රියාකාරිත්වයක යෙදීම ඔබේ සම නිරෝගී වීමට බලපානවා.

මේ වැරදි ඔබ අතින් සිදු වෙනවා කියල ඔබ බිය විය යුතු නෑ. මොකද 90% වගේ පිරිසක් අතින් මේ වැරදි එකක් හෝ දෙකක් නැත්නම් සියල්ලක්ම පාහේ සිදු වෙනවා. මේ නිසා අපි කල යුත්තේ මේ වැරදි මග හරවාගෙන සම ආරක්ෂා කර ගන්න කටයුතු කරන එකයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 84 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:11:21 AM
Script:/article/84/6-unhealthy-habits-that-make-you-age-faster.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:11:22 AM
Script:/article/84/6-unhealthy-habits-that-make-you-age-faster.html