ස්පයිසි මෂ්රූම් හැදීමට අවශ්‍ය ද්‍රව්‍ය :
6 දෙනෙකු සඳහා
ගතවන කාලය:- විනාඩි 20
බට්න් හතු ග්‍රෑම් 250
එළවළු තෙල් මේස හැඳි 2
සුදු ලූනු (තලාගත්) බික් 2-3
ලුණු තේ හැඳි 1/2
මිරිස් කුඩු තේ හැඳි 1/2
කොත්තමල්ලි කොළ (කුඩාවට කපාගත්) මේස හැඳි 2
ලෙමන් හෝ දෙහි යුෂ මේස හැඳි 1
කඩල පිටි මේස හැඳි 2
ස්පයිසි මෂ්රූම් හදමු :
1. හතු හොඳින් සෝදා ගෙන කැමති ලෙසකට (roughly) කැබලි වලට කපාගන්න.
2. පෑන් එකක් රත්වන්නට තබා තෙල් දමා රත් වූ පසු එයට සුදු ලූනු දමා යාන්තමින් දුඹුරුපාට වනතුරු කූරු ගාමින් විනාඩි 2ක් පමණ තෙම්පරාදු කරගන්න.
3. පසුව බට්න් හතු, ලුණු, මිරිස්කුඩු, කොත්තමල්ලි කොළ දමා කූරු ගාමින් විනාඩියක් පමණ පිසගන්න.
4. ඉන්පසු ලෙමන් යුෂ දමා හොඳින් මිශ්‍ර කරගෙන කඩල පිටි උඩින් ඉසගන්න.
5. දැන් තවදුරටත් එය මිශ්‍රකර ඉක්මනින් ලිපෙන් ඉවත්කර ගන්න.