ගෙදරදොරේදී සිදු වෙන අනතුරුවලට ඔබටම කළ හැකි අත්බෙහෙත්

September 30, 2019
4,921
Home remedies for domestic accidents
අතේ ඇගිල්ලක් තැලුනාම පරණ ගොරකා, කරාබු නැටි සහ සීනක්කාරම් සමානව අරගෙන විනාකිරෙන් අඹරා බැන්දාම හොඳයි.

අතේ පිලිස්සීමක් ඇති වුනාම කූඩළු කොළ ටිකක් අරගෙන කොටා ගත් යුෂ පිලිස්සුන තැන ආලේප කරන්න.

සපත්තුවකට කකුල තැලුනාම ගොරක කැබැල්ලක් පුලුස්සාගෙන එහි අළු ගෙන තල තෙලෙන් අඹරා තුවාලය මත ආලේප කරන්න.

හුමාලයට අත් පිච්චුනාම ඉක්මනින්ම ලුණු වතුරේ බහා තබන්න. දියබුබුලු වලක්වා ගන්න පුලුවනි.

පිළිස්සීමකදී ඇති වෙන දැවිල්ල සහ දියබුබුලු නැගීම නැති කර ගැනීමට නම් බටර් ස්වල්පයක් ආලේප කරන්න. දැවිල්ල නැති වේවි.

හාතාවාරිය අල මිරිකා ගත් යුෂ පිලිස්සුන තුවාල මත ආලේප කිරීමෙනුත් දිය බුබුළු නැගීම නැති වේවි.

හදිසියේ පත්තෑයෙක් දෂ්ට කලොත් ඇන්තූරියම් මලේ කරල වැනි කොටස දෙහි ඇඹුලෙන් උරගා ගාන්න.

තවත් අත්බේතක් තියෙනවා. දෂ්ට කළ තැන රතුළූණු ගෙඩියක් ගල්වන්න. එයින් පසුව පොල් කොහු ලණුවක් පුලුස්සා පොල්තෙලෙන් අඹරා ගාන්න.

ගමන් ගිහින් ආවාම දෙපාවලට ඇති වෙහෙස නැති කරන්න නම් මද උණුසුම් ජලයට ෂැම්පු බින්දු කීපයක් කලවම් කරගෙන කකුල් රඳවා තබන්න.

යටිපතුලේ වේදනාවට ගොරකා කැබැල්ලක් තම්බා ගත් ජලයේ දෙපා රඳවා තබන්න.

කටුවක් ඇනුනාම අමුකහ, පොල් එකට අඹරා ගෙන එය කෝමාරිකා පලුවක් මැදට දමා එය උණු අලුපල්ලේ තබා බඳින්න.

ඔන්න තරබාරු යුවතියක් නම් කොල්ලු ආහාරයට ගන්නකෝ... තරබාරුවට පිලියම් ලැබේවි.

උගුර බැරැන්ඩි නම් අමු ඉඟුරු උණු අලු පල්ලේ තම්බා ගෙන සුකිරි සමග හොඳින් හපා ගිලින්න.

නියපොතු දිරනවා නම් කෝලිකුට්ටු කෙසෙල් ගෙඩියක් අරගෙන එය තලා සීනි ස්වල්පයක් සමග මිශ්‍ර කර ගෙන නියපොත්තට තබා බඳින්න.

අළුහම් ඇත්තේ නම් කෙසෙල් ගෙඩියක් පුලුස්සා අලුහම් මත ගාලා පැයකින් පසුව සෝදා හරින්න. අලුහම් නැති කර ගන්න ස්වභාවික ප්‍රතිකාරයක්.

කකුල් හිරිවැටුනම හිරිවැටුන කකුල අනිත් කකුලේ මහපටැගිල්ලෙන් තදින් අල්ලා ගෙන සිටින්න. හිරි ගතිය නැති වේවි.

විලුඹ පැලී අවලස්සන පාද වලට මේ ප්‍රතිකාරය කරලා බලන්නකෝ...පාවට්ටා එහෙම නැත්නම් ආඩතෝඩා කොළ සහ අමු කහ තම්බලා එය අතපොවන රස්නයට නිවා කකුල් ඒ වතුරේ බහා ගෙන ඉන්න.

මීමැස්සෙක් දෂ්ට කලොත් එසැනින්ම ලුණු වතුරෙන් පොගවා ගත් රෙදි කැබැල්ලකින් දෂ්ට කළ තැන පිසින්න.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1403 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:47:09 AM
Script:/article/1403/home-remedies-for-domestic-accidents.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:47:09 AM
Script:/article/1403/home-remedies-for-domestic-accidents.html