diet කරන්නේ හරියටම දැනගෙනද?

June 18, 2018
8,532
Are you dieting the correct way?
පුංචි කාලේ ඉඳන්ම අපි අහලා තියෙන්නේ උදේට රජෙක් වගේ කන්න ඕන කියලා. ඒ වගේම තමයි ඉතින් රෑට කන්න ඕනි හිඟන්නෙක් වගේ කියලත් අහල ඇතිනේ. එහෙම කියන්න හේතුවක් අනිවාර්යෙන්ම තියෙනවා. උදේට බඩ පැලෙන්න හොඳට කෑවත් රෑට කෑම කන එකේ පාලනයක් තියෙන්න ඕනි කියලා කවුරුත් දන්නවා. ඒ නිසා ගොඩක් දෙනෙක් රෑ කෑම නොකා ඉන්නත් තමයි ට්‍රයි එකක් දෙන්නේ. ඒත් බොහෝ දෙනෙක් ඩයට් කරන්නේ වැරදි විදියට. ඒ ගැන ගොඩක් අයට තියෙන්නෙ අඩු අවබෝධයක්. නොකා නොබී ඉඳලා අන්තිමේ ලෙඩ හදාගන්නෙ නැතුව ඩයට් කරන්න ඕන හරිම විදිය දැනගෙන ඒ දේවල් වලට යොමු වෙනව නම් තමයි වැඩේ සාර්ථක.

ඔයා රෑට කන්නෙ මොනවද?

අද වෙනකොට කාන්තාවක්, පිරිමියෙක් කියල වෙනසක් නෑ. හැමෝම මාර busy. විශේෂයෙන් කාන්තාවක් කාර්යබහුල වෙද්දී ගෙදර හැමෝගෙම පෝෂණීය ආහාර වේලක් ලබා ගන්න තියෙන අවස්තාව ගොඩක් වෙලාවට ගිලිහිලා යනවා. සමහර අය කිරි වීදුරුවක්, පාන් පෙත්තක් දෙකක් එහෙම නැත්තන් මොකුත්ම නොකා නින්දට යන්න හුරු වෙලා. එහෙමත් නැත්තම් කඩෙන් කන්න තමයි අපි හුරු වෙලා ඉන්නේ. කාන්තාවන් රුව රැක ගන්න රාත්‍රි සත්කාර ගැන වැඩි සැලකිල්ලක් දැක්වූවත් ආහාර හා පෝෂණය ගැන හිතන්නේ හරිම අඩුවෙන් කියන එක අපිට හොඳටම පේන දෙයක්.

කෑම කන්න ඕන හරිම වෙලාව දන්නවාද?

අපේ දෛනික දින චර්යාවන්ට නිසි වේලාවක් වෙන්කර ගන්නවා වගේම ආහාර ගැනීමටත් නිසි වේලාවක්, කලාවක් තියෙන්න ඕනමයි. රෑ කෑමට වඩාත්ම සුදුසු වෙන්නේ හවස 6ත් 6.30ත් අතර කාලයක්. නමුත් මේ වෙලාව වෙද්දී අපේ ගොඩක් ඉන්නේ නිවසින් බැහැරව. ඒ නිසා මේ වෙලාවට ආහාර ගන්නවා කියන එක ප්‍රායෝගික නැහැ කියලා හිතෙන්න පුළුවන්. කොහොම උනත් කමක් නෑ ඔයාට පුලුවළුවන් ඉක්මනින්, වේලාසනින්ම රෑ කෑම ගන්න උත්සාහ කරන්න.

මේ කාලය අතරතුර ආහාර ගත්තොත් ඔයාට වාසි රැසක්ම ලබා ගන්න පුළුවන්. බලන්නකෝ ඒ මොනවද කියලා.

ඔයා ආහාරයට ගන්නා ආහාර වලින් 50% ක් ම හොඳින් දහනය කර ගන්න ඉඩ ලැබෙනවා. ඒ අතරම ඔයා නිරෝගී වෙනවා. ඒ වගේම රාත්‍රියේ නින්දේදී ශරීර පද්ධතිය බොහෝ දේ නින්දට ගියත් හුස්ම ගැනීම, හදවත ක්‍රියා කිරීම, වකුගඩු වල ක්‍රියාකාරීත්වය වැනි ක්‍රියා නිසා කැලරි 600- 750 ත් අතර ප්‍රමාණයක් නින්දේදී දහනය වෙනවා. ඒත් ඔයා රාත්‍රියට ගන්නා ආහාර ප්‍රමාණය වැඩි වෙද්දි කැලරි දහනය කරගන්න වැඩි ශක්තියක් අවශ්‍ය වෙන නිසා ආහාර දහනය කරන ක්‍රියාවලිය හරියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා පාලනයක් ඇතිව රාත්‍රී ආහාරය ගන්න එක තමයි නිවැරදිම ක්‍රමය.

රෑට කෑම කාපු ගමන් නිදා ගන්න එපා

මේ නරක පුරුද්ද නම් හැමෝටම වගේ තියෙනවා. බඩ පැලෙන්න කාලා කාලා හොඳට නිදා ගන්නවා. එළිවෙනවා දන්නෙත් නෑ. එහෙම නැතුව අඩුම තරමේ රෑ කෑමෙන් පස්සෙ ගෙදර අතුගාන, පිඟානක් ,කෝප්පයක් වත් හෝදන වැඩක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. විනාඩි 15ක් වත් පොඩි දුරක් ඇවිදින්න තියෙනවා නම් අනවශ්‍ය කැලරි දහනය කර ගන්න ඒක ඉතාමත් පහසුවක් වෙනවා.

රාත්‍රි ආහාරයට කලින් වගේම පස්සෙත් වතුර වීදුරුවක් පානය කරන්න පුරුදු වෙන්න. හැබැයි ආහාර ගැනීමෙන් පස්සේ වතුර වැඩිපුර බොන එක සුදුසු නැහැ. කෑම කාල විනාඩි තිහක් විතර ගියාට පස්සෙ වතුර වීදුරුවක් පානය කරන්න. කෑම කෑවට පස්සෙ උණු වතුර ස්වල්පයක් විතරක් පානය කරන්න.

රාත්‍රී ආහාරයට කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ගන්න ඕන ඉතාමත් අඩුවෙන්. ඒ කියන්නේ නිතර ආහාරයට හුරු වෙලා ඉන්න අර්තාපල්, බත්, රොටී, පාන් වගේ ආහාරවලින් ඈත් වෙලා එළවළු වැඩි වශයෙන් ආහාර වේලට එක් කර ගන්න. ඒ අතරටට හැමදාම එකම විදිහට ගන්න එළවළු වලට අමතරව අලුත් එළවලු කීපයක් එකතු කරගන්න.

මින් පස්සේ diet කරනවා කියලා රෑට බඩගින්නේ නිදාගන්න නැතුව ටිකක් වේලාසනින්රෑ කෑමක් කන්න. නොකා ඉන්න එක කිසිසේත්ම අනුමත කරන්න බැහැ. සුදුසු වෙලාවට සුදුසු ආහාර ගන්න එක තමයි කරන්න ඕනේ. දිගුකාලීනව මේ විදියට ආහාර වර්ජනය කළොත් ටික කාලයක් යද්දී ශරීර ශක්තිය හීන වෙලා ඔබ දුර්වල වෙන්න පුලුවන්. ඒ නිසා උදෑසන ආහාරයත් දිවා ආහාරයත් රාත්‍රී ආහාරයත් සුදුසු ආකාරයෙන් සකස් කරගෙන ආහාරයට එක්කර ගන්න. diet කරනවා කියන්නේ බඩගින්නෙ ඉන්නවා කියන එකට නෙවෙයි කියන එක මතක තියාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 892 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:11:26 AM
Script:/article/892/are-you-dieting-the-correct-way.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:11:26 AM
Script:/article/892/are-you-dieting-the-correct-way.html