වතුර බෙන්න හොඳ නැති අවස්ථාවන් ගැන දන්නවද?

December 18, 2018
9,366
Do you know the avoiding situation to drink water
ජලය කියන්නේ ඔයාගේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. දිනකට වැඩිහිටියෙක් වතුර ලීටර 2ක් ද, අවුරුදු 5-8 දරුවන් ලීටර 1ක් ද, අවුරුදු 9-12 දරුවන් ලීටර 1.5ක් ද, අවුරුදු 13+ දරුවන් ලීටර 2ක් ද පානය කළ යුතුයි. නමුත් ඔබ දන්නවාද වතුර බොන්න හොඳ නැති අවස්ථාද තියෙනවා කියලා. ඉතින් අද හැඩකාරී අපි ඔයාට කියන්නේ වතුර පානය කරන විට සැලකිලිමත් වෙන්න ඕන අවස්ථාවන් ගැනයි. අධික ලෙස ජලය පානය කිරීමෙන් ඔයාගේ ශරීරයේ සෝඩියම් මට්ටම අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා පමණට වඩා වතුර බීමත් අපේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා.

නිදා ගන්න කලින් 

ඔයා නිදා ගන්න කලින් හුඟාක් වතුර බොනවාද? එහෙනම් ඒ වෙලාවට බොන වතුර ප්‍රමාණය අඩු කරන්න. ඊට එක් හේතුවක් තමයි නිදා ගන්න කලින් හුඟාක් වතුර බිවුවොත් ඔයාට රාත්‍රී නින්දේදී සරින් සැරේ මුත්‍රා බර එන නිසා හරි නිදක් ලැබෙන්නේ නැති වීම. අනෙක රාත්‍රී නින්දේදී ඔයාගේ වකුගඩු හරියට ක්‍රියා කරන්නේ නැති නිසා සමහර දිනවලට උදේ නැට්ටම මුහුණ ඉදිමීම් ස්වරුපයක් දක්නට ලැබෙනවා. ඉතින් ඔයා රාත්‍රී නින්දට කලින් හුඟාක් වතුර බිවුවම මේ තත්වය වැඩි වෙන්න පුළුවන්.
 
ව්‍යායාම කිරීමේදී

ව්‍යායාම කරන විටදී වතුර පානය කරොත් ඔයාට අතුරු ආබාධ රැසකට මුහුණ දෙන්න වෙයි. ව්‍යායාම වලදී ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙන නිසා ශරීරය සිසිල් කර ගැනීම ජලය කරොත් විද්‍යුත් විච්ජේදනයක් ඇති වෙන්න පුළුවන්. ඔළුව කැක්කුම, ඔක්කාරය, කැරකිල්ල ඇති වෙනවා. ව්‍යායාම කර සම්පුර්ණයෙන්ම අවසන් වී විනාඩි කිහිපයකින් පසුව ජලය පානය කරන්න.

මුත්‍රා වල වර්ණය අවර්ණ නම්

මුත්‍රා වල වර්ණය අවර්ණ නම් ඔබ දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණයට වඩා දැනටමත් ජලය පානය කර තියෙනවා. ඉතින් ඔබ තවත් වතුර බිව්වොත් ඔබේ ශරීරයේ සෝඩියම් ප්‍රමාණය පහල බහිනවා. මෙය ඔබට හෘද්‍යාබාධ ඇතිවීම දක්වා දුර දිග යා හැකියි.

ආහාර ගැනීමට පෙර සහ අතර තුර

ආහාර ගැනීමට පෙර සහ ආහාර ගන්නා අතර තුර වැඩිපුර ජලය පානය කිරීම කටට කෙල උනන එක අඩු කරනවා. මේ හේතුවෙන් කෙල වල ඇති ආහාර දිරවීමට අවශ්‍ය එනසයිම වල ක්‍රියාකාරීත්වය බාල කරනවා. මපණට වඩා වතුර බීම ආමාශගත යුශ වලින් සිදු කරන අහාර කුඩාකැබලි වලට දිරවීම සහ ඇතැම් ආහාර වල ඇති බැක්ටීරියා විනාශ කිරීම අඩපන කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1206 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:11:28 AM
Script:/article/1206/do-you-know-the-avoiding-situation-to-drink-water.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:11:28 AM
Script:/article/1206/do-you-know-the-avoiding-situation-to-drink-water.html