රුධිරයේ සීනි මට්ටම ඉහළ මට්ටමක පවතී නම් මේ දේවල් ඔබ කළ යුතුමයි

July 14, 2020
3,908
Be alert of these if you have a high sugar level
දියවැඩියාව කියන්නේ හැම දෙනා අතරම කතා බහට ලක් වෙන, ගොඩක් දෙනෙක්ට විසඳුමක් නැති පොදු ප්‍රශ්නයක් වුණු දෙයක්. ආහාර පාන වලින් පරිස්සම් නොවීම සහ ජීවන රටාවේ වෙනත් හේතු නිසා බොහෝ දෙනෙක් දවසින් දවස දියවැඩියාවට ගොදුරු වෙනවා. 

ඔබේ රුධිරයේ සීනි මට්ටම අඩු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු හයක් මෙන්න. මේ දේවල් නිසි අයුරින් සිදු ක​ළොත් දියවැඩියාව තව දුරටත් ඔයාව අපහසුතාවයට පත් කරන්නේ නැති වේවි...

කෑමට පෙර සහ ආහාර වේලෙන් පැය දෙකකට පසුව පරීක්ෂා කරන්න
මේ ආකාරයට පරීක්ෂා කිරීමෙන් ඖෂධ සැබැවින්ම ක්‍රියාත්මක වේදැයි හරියටම දැන ගන්න පුළුවන්. ඔයාගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ නංවන ආහාර මොනවාදැයි කාලයත් සමගම හඳුනා ගැනීමටද මෙය උපකාරී වෙයි. ඔයා වෛද්‍යවරයාගෙන් නිසි ආහාර සැලැස්මක් ලබා ගන්න. තවද රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කළ යුතු වාර ගණන සහ වේලාව පිළිබඳව ඔහු සමඟ සාකච්ඡා කරන්න.

රටා ගැන විමසිල්ලෙන් සිටින්න
එක් උදෑසනක ඔයාගේ රුධිරයේ සීනි මට්ටම වැඩි හෝ අඩු මට්ටමක පැවතුනහොත් කරදර වීමට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් සෑම උදෑසනකම රුධිරයේ සීනි මට්ටම ඉහළයි ​හෝ අඩුයි නම්, වහාම වෛද්‍යවරයාට දැනුම් දිය යුතුයි.

මෙම කුඩා වෙනස්කම් කරන්න
සෑම උදේ වරුවකම රුධිරයේ සීනි මට්ටම කියවීමේදී ඉහළ මට්ටමක පවතී නම්, ඔයා ව්‍යායාම වැඩියෙන් සිදු කර ඊළඟ ආහාර වේලෙහි කාර්බොහයිඩ්‍රේට් ප්‍රමාණය සීමා කරන්න.  

අවධානයෙන් සිටින්​න
රුධිර සීනි මට්ටම ඉහළ මට්ටමක පවතී නම්, ඊයේ රාත්‍රියේ ඔබ කෑ දේ ගැන මොහොතක් සිතන්න. ඊළඟ වතාවේ ඔබේ glucometer එක ඉහළ කියවීමක් පෙන්වන විට, ඊයේ රාත්‍රියේ ඔයා ආහාරයට ගත් දේ මතක තබා ගන්න. ඊළඟ වතාවේ ඒ ආහාර ගැනීමෙන් වළකින්න.

සන්සුන් වන්න
නොසන්සුන්කම සහ ඉන් ඇතිවන ආතති​ය ඔබේ රුධිරයේ සීනි මට්ටම වැඩි වීමට හේතුවක් වෙන්න පුළුවන්. අනවශ්‍ය විදිහට දේවල් ගැන හිතලා වධ වෙන්න එපා. ආතතිය ඉතාමත් නරක බව අපි හැමෝම දන්නවා. එනිසා ඔබේ සීනි මට්ටමට එයත් බලපාන බව සිහියේ තබාගෙන සිත සන්සුන්ව තබාගන්න බලන්න.

ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න
ආහාර සහ විවේකය නිසි ලෙස ලබා ගත් පසුවත් දිගින් දිගටම රුධිරයේ සීනි මට්ටම ඉහළ අගයක් ගන්නවා නම් වෛද්‍ය උපදෙස් පැතීමට කිසිවිටෙක පසුබට වන්න එපා...

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,240
   22

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,987
   21

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed