ලස්සන ඇහි බැමකට හිමිකම් කියන්න මේ පියවර අනුගමනය කරන්න

March 2, 2017
13,686
How To: Perfect Eyebrows
ලස්සන ඇහි බැම යුවලක් තිබීම ඉතාමත් ආකර්ශනීය දෙයක්. කවුරුත් කැමතියි හොඳින් වැඩුණු හැඩති ඇහි බැමක හිමිකාරියක් වෙන්න.

හැබැයි උවමනාවට වඩා ඇහි බැම හැඩ කරන්න ගිහින්, වයසට යෑම, බාල වර්ගයේ ආලේපන භාවිත කරන නිසා වගේම විවිධ රෝග හේතුවෙනුත් ඔබගේ ඇහි බැම හරියට වර්ධනය වෙලා නැති වෙන්න පුළුවන්.

හීනි හැඩයක් නැති එහෙන් මෙහෙන් වැවුණු ඇහි බැමකට වඩා, හොඳින් ගනකම්ව වැඩුණු ඇහි බැමක හිමිකාරියක් වෙන්න දැන් ඔබටත් පුලුවන්. කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයක්. පිරිසිඳු පොල්තෙල් ටිකක් හොයාගන්න එක විතරයි කරන්න තියෙන්නේ. පොල්තෙල් වල විටමින් E සහ යකඩ අඩංගු වෙන නිසා, ඇහි බැමෙහි කෙස් හොඳින් වර්ධනය කරනවා. කෙස් ගනකම් වෙනවා. ඒ වගේම කෙස් ගැලවියාමේ ප්‍රවනතාවත් අඩු කරනවා.

1. පිරිසිඳු පොල්තෙල් අරගෙන ටිකක් රත් කරන්න.
2. මුහුණ හොඳින් සෝදා පිරිසිඳු කරගෙන, රත් කරගත් පොල්තෙන් ඇඟිලි තුඩු අගින් ගෙන ඇහි බැම මත හොඳින් ආලේප කරන්න.
3. තෙල් අලේප කිරීමෙන් පස්සේ ඇහි බැම ආශ්‍රිතව හොඳින් සම්භාහනය කරන්න.
4. විනාඩි 15කට විතර පස්සේ ලා රස්නේ වතුරින් මුහුණ සෝදා හරින්න.

තවත් විදිහක් තියෙනවා.

ලේමන් ගෙඩියක් අරගෙන පෙති කපලා පොල් තෙල් කෝප්ප කාලක දාන්න. මේක හොඳින් වසා වියලි ස්ථානයක දවස් 15ක් තියන්න. පස්සේ මේ මිශ්‍රනයෙන් ටිකක් අරගෙන කොටන් බඩ් එකක් ආධාරයෙන් රෑට නිදා ගන්න කලින් ඇහි බැමේ ගාන්න. උදේට නැගිට්ටහම මුහුණ සෝදලා පිරිසිඳු කරන්න. ලෙමන් වල විටමින් C සහ B යහමින් අඩංගු වෙන නිසා ඇහි බැම වර්ධනයට උපකාරී වෙනවා.

වෙනත් ආලේපනයක් භාවිතා කරනවට වඩා මේ විදිහේ ස්වභාවික අලෙපනයක් ගලවන එක හොඳයි, අතුරු ප්‍රතිපල කිසිවක් නැති නිසා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 93 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:56:46 AM
Script:/article/93/how-to-perfect-eyebrows.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:56:46 AM
Script:/article/93/how-to-perfect-eyebrows.html